IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


‘‘බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ඉන්නේ වෙනත් ලෝකයක‘‘ - ඉසුර දේවප්‍රිය

(සුජිත් හේවාජුලිගේ)

‘‘බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ඉන්නේ වෙනත් ලෝකයක.එතුමා පියවි ලෝකයේ ඉඳලා කටයුතු කරනවා නම් මේ කිසිම ප්‍රශ්නයක් නැහැ‘‘.යැයි බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා  ලංකාදීපයට අද (22) පැවැසීය.

බස්නාහිර පළාත් සභාවට ලොකු මුදලක් වැය කර පුටු මිලදී ගැනීමට ගත් උත්සාහයක් තමා මැදිහත්වී නැවැත්වූ බවට පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් අප කළ විමසුමකදී ප්‍රධාන ඇමැතිවරයා මෙසේ කීය.

ඉසුර දේවප්‍රිය මහතා මෙසේද ප්‍රකාශ කළේය.

         ‘‘ආණ්ඩුකාර මේ ගැන මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කරන්න කලින් මා එක්කත් ඇමැති මණ්ඩලය එක්කත් සාකච්ඡා කරන්න තිබුණා.නමුත් එතුමා ඒ විදිහට කටයුතු කළේ නැහැ.මීට කලින් හිටපු ආණ්ඩුකාරවරුන් කටයුතු කළේ ඒ විදියටයි.

   ආණ්ඩුකාරතුමා දේශපාලන පක්ෂයක නායකයෙක් මේ නිසා එතුමා ආණ්ඩුකාර තනතුරෙන් එහා ගිහින් කටයුතු කරන විදිහක් පේනවා.ඔහු පළමු වෙන්ම ආණ්ඩුකාර තනතුරේ කාර්ය පටිපාටිය තේරුම් ගත යුතුයි.

පළාත් සභාවේ පුටු ප්‍රශ්නයක් ආවා.එය සිදුවුණේ ඇතැම් නිලධාරීන්ගේ වැරදි නිසයි.ඒ ගැන තොරතුරු දැන ගන්නට ලැබුණු ගමන් මම ඒ වැරැද්ද නිවැරදි කිරීමට පියවර ගත්තා.

පළාත් සභාවේ දූෂණයට ,වංචාවට,නාස්තියට කිසිවිටෙකත් ඉඩ තියන්නේ නැහැ.පිරිසිදු පළාත් සභාවක් ඇති කිරීමට දිවි හිමියෙන් කැපවෙනවා‘‘



අදහස් (0)

‘‘බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ඉන්නේ වෙනත් ලෝකයක‘‘ - ඉසුර දේවප්‍රිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 414 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16776 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site