(සුජිත් හේවාජූලිගේ)
මෙවර අයවැය ලේඛනයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර ඇතැයි එම පෙරමුණ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
නමුත් ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළට විරුද්ධව විවේචන ඉදිරිපත් කිරීම සඳහා අයවැය විවාදය උපරිමයෙන් යොදාගන්නා බවද ඔහු ප්‍රකාශ කළේය.
වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙසේ ද පැවසීය.
‘මේ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තියට මේ රට ගොඩනගන්න බැහැ කියන එක දැන් ඔප්පු කරලා ඉවරයි. එක්සත් ජාතික පක්ෂය මුල්වුණු ආර්ථික ප්‍රතිපත්ති මේ රට ගෙනගිය තැන අප අවුරුදු ගණනාවක් තිස්සේ අත්දැක්කා. අයවැයට කලින් ජනතාව මත බදු බර පටවලා රජයේ ආයතන, දේපළ විකුණලා දාලා ඉවරයි. ඉදිරියේ එන අයවැය ලේඛනය පුස් ලියවිල්ලක් විතරයි. ඒකෙන් ජනතාවට සෙතක් වේය කියලා හිතන්න බැහැ. පුස් අයවැයකට ඡන්දය දෙන්න අපේ බලාපොරොත්තුවක් නැහැ.’

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයවැය ඉදිරිපත් කිරීමට පෙරම විරුද්ධව ඡන්දෙ දෙනවා කියන්නේ දේශපාලන අරමුණකට ගන්න තීරණයක්...
රාජපක්ෂලා රජ කරවන්න ගත්ත තීරණයක් නොවෙයිනේ?
මේ දෙවිවරුද? අයවැය එන්න කලින්ම පේන කියනවා...
දැන් ඕක දකින්නත් ඉස්සෙල්ලා කොහොමද විරුද්ධ වුනේ? මෙයලා දන්නේ ඔච්චර තමයි... වැඩ බැරි අයට ඕනේ දේකට හොයන්නේ බලන්නේ නැතුව විරුද්ධ වෙන්න නම් දක්ෂයෝ. ඊළඟ මහ ඡන්දයකදී ඔය තියෙන මන්ත්‍රි ධුර ටිකත් ඉවරයි. වැඩිම වුණොත් එක සීට් එකක් ලැබෙයි ජාතික ලැයිස්තුවෙන්...
හොරාට කලින් කෙසෙල් කැන වැට පැනලා වගෙයි
බූරුවන්ට ජේවීපී කියන දේවල් තේරෙන්නේ නෑ...
ජෙප්පෝ එදා ඉඳලා අද වෙනකල්ම කලේ ඕක තමයි. හොඳ දේටත් නරක දේටත් එරෙහි වෙන එක. හැම කකුලෙන් අදින එක ඒක ජෙප්පන්ගේ හැටි.
අය වැය ඉදිරිපත් කරන්නත් ඉස්සෙල්ලා මේගොල්ලන් විරුධ්දයි. මේගොල්ලන් නම් කවදාවත් බලයට එන්න.
එතකොට රෝහන කියන්නේ මහින්ද මහත්තයා ඉන්න කාලෙයි, වත්මන් අාණ්ඩුව ඉන්න කාලෙයි රට සංවර්ධනය කරන්න නුදුන්නේ ජෙප්පො කියලද? ජෙප්පො නැත්තම් මේ රට අල්ලස, දූෂණය, හොරකම, පාතාලය, දුරාචාරයෙන් තොර. මතින් තොර දියුනු සංවර්ධිත රටක් කරනවා කියලද? ළඟම උදාහරනයක් කියන්නම්, ජෙප්පො නැත්තම් කොළඹ මහ නගරසභාවට මෙලහකටත් ලක්ෂ හයේ පුටු ගෙනැල්ලා. ජෙප්පො නැත්තම් උෟවේ මැති අැමතිලා පවුල් පිටින් කෝටි ගානක් වියදම් කරලා රුසියාවේ සංචාර ගිහිල්ලා. ඔබ කකුලෙන් අදිනවා කිව්වේ එ්වා නතර කරපු එකටද?