(රංජන් කස්තුරි)
පළාත් සභාවල පරිපාලනය නිලධාරීවාදයට යටත් කිරීම ඒකාධිපති පාලන තන්ත්‍රයකට සමාන යැයි මැතිවරණ කොමිෂන් සභාව රජයට සහ පිළිගත් දේශපාලන පක්ෂවලට දැනුම්දී තිබේ.
පළාත් සභා වැඩි ප්‍රමාණයක නිල කාලය අහෝසි වී තිබෙන හෙයින් ඒවායේ කටයුතු මහජන නියෝජිතයින්ගෙන් ගිලිහී යාම නිලධාරීවාදයට යටත් වීමකැයිද එය පිළිගත නොහැකි ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවකැයිද මැතිවරණ කොමිෂන් සභාව විශේෂ ලිපියක් මගින් ආණ්ඩුවට දැනුම් දී ඇත.
එම විශේෂ ලිපිය පළාත් සභා හා පළාත්පාලන අමාත්‍යාංශයට මෙන්ම ආණ්ඩුවට හා දේශපාලන පක්ෂවලට යවා තිබෙව බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හ්ම්ම්ම් ඔහොම හිටියට මැ කො වසයි. ඡන්දයකට ලැස්කි වෙමු... හැබැයි ඉතිං ශබ්දයන් එක්ක වැඩත් ඕනා මැකො තුමනි...
කව්ද ඔය සැර ලියුම් වලට බය. අපට ඡන්දෙ දුන්නෙ අපට ඕන විධියට වැඩ කරන්න නේ. දත කට පියාගෙන අපි කරන දේ බලා ඉන්න.
දැන් මේ ආණ්ඩුව "ඒකාධිපති ආණ්ඩුවක්" ලෙස නිළ වශයෙන්ම ප්‍රකාශ වී ඇත. මහින්දටයි ඒකාධිපති කිව්වේ... කෝ මේ 62?
විසිරවූ පලාත් සබා පාලනය වන්නේ ආණ්ඩුකාරවරයා විසින්. එය නිළධාරි පාලනයක් නොවේ. 1972 ට පෙර රටම පාලනය කලේත් ආණ්ඩුකාරයා විසින්. රටේ ආදායම පුටු ගන්න. දොර හදන්න. සුවඳ වහනය කරන්න වැනි දෙයට නාස්තිකරන රටටම සුදු අලියෙක් වන පළාත් සබා වහාම අහෝසි කරන්න.
මොනව උනත් නිලධාරීන් යටතේ පාලනය වන පලාත් සභා වල වියදම් සීයට අනූවකින් විතර අඩුයි. කර්යක්ෂමමතාවයත් සීයට අනූවක් විතර වැඩියි. දේශපාලකයො අතගැහුව ගමන් ඉතුරු කරපු සල්ලිත් ඉවරයි වැඩක් කරගන්නත් ඒගොල්ලො පස්සෙ යන්න ඕන.
නිලධාරීන් ලක්ෂ හයේ පුටු හොයන්නෙ නෑ.
මේ ආණ්ඩුව අපු දවසේ ඉදන් කලේ ප්‍රජාතන්ත්‍ර විරෝදී වැඩ තමයි. ආණ්ඩුවේම කොටසකට විපක්ෂ නායකකම, ප්‍රධාන සංවිදායක දුරය වගේ දේවල් දුන්නා. නිල විපක්ෂය රට වෙනුවෙන් කතා කරපු එක ප්‍රශ්නයක් නැහැ.
නිලධාරිවාදය හෝ ඒකාධිපතිවාදය හෝ ඔය පලාත්සභාවලින් සාමාන්‍ය මිනිස්සුන්ට පලකට ඇති වැඩක් වෙනවද ?
දැනට අවුරුදු 50 කට පෙර තිබු නිලදාරී පැලැන්තියත් නැහැ දේශපාලක පැලැන්තියත් නොතිබ්බ පළාත් පාලන සභාවක් පමණක් ආවා. දැන් එය තුලට රිංගා ගත් නිලධාරී පැලැන්තිය සහ දේශපාලක පැලැන්තිය රටම කනවා.
පළාත් සභා ගැන කියවන අය මහින්දගේ කාලේ මෙහෙම වුණා නම් මොනවා කියවයිද?