(නිමන්ති රණසිංහ )
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ දී තමා ඝාතනය කිරීමට සැලසුම් කර ඇතැයි මේ වන විට රඳවා ගැනීමේ නියෝග මත අපරාධ දෙපාර්තමේන්තුවේදී ප්‍රශ්න කිරීම් සිදු කරන ඉන්දියානු ජාතික මර්සලීන් ගෝමස් නැමැත්තා අද (23) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේදී විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළේය.
අද විත්තිකරු විත්ති කූඩුවේ හිඳ කළ මේ ප්‍රකාශය සම්බන්ධයෙන් ලිඛිතව අධිකරණයට කරුණු දන්වන ලෙස මහෙස්ත්‍රාත්වරිය ඔහුට දැනුම් දුන් අතර ඊට අවශ්‍ය කඩදාසි සහ පෑන් බන්ධනාගාරය මාර්ගයෙන් ඔහුට ලබා දෙන ලෙසද නියෝග කෙරිණි.
ජනාධිපතිවරයා, හිටපු ජනාධිපතිවරයා හා හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයට සම්බන්ධ බවට මොහු අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටියදී අද නඩුව කැඳවූ අවස්ථාවේදී ඔහු මෙලෙස ප්‍රකාශ කර තිබේ.


( ඡායාරූප - ලහිරු හර්ෂණ )

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මානසික රෝගියෙක් නේද මේ? (ආණ්ඩුව කියන විදිහට) මානසික රෝගියෙක් නේද මෙහෙම හොඳට කතා කරන්නේ? මේ වගේ ආණ්ඩුව මෝඩ අර්ථකථන නොදී ජනතාව මුල කරන්නේ නැතුව ආණ්ඩුව දැන්වත් පිළිගන්න වෙනවා... මෙතැන් මොකක් හෝ භයානක සිදුවීමක් වෙලා කියලා... ජනතාව රවටන්න බැහැ... ඔය බොරු කියලා.. මේ මනුස්සයට හොඳ කල්පනාව තියෙනවා.
මෙයා විවිධ කතාන්තර ගොත ගොත ඇත්ත යටගහන්න හදනවා වගෙයි. ෂුවර් එකටම ඔත්තුකාරයෙක්. කිසිම ආදායමක් නැතිව ජනාකීර්ණ නගරයක වාසය කරන්න. මොලේ කචල් කියලා කියන්න, විදේශ ගමන් බලපත්‍රය නැතිවෙලාලු? අලුත් එකකින් තමා ලංකාවට ඇවිල්ලා තියෙන්නේ කියන්න... ජීවිත තර්ජන... තව තව කතා කියයි . බලාගෙන ඉමුකෝ...
ගැරඬි මරලා අපි පව් පුරවන්නේ නැහැ.