මවට වැළඳුනු රෝගයක් නිසා නවසීලන්තයෙන් පිටුවහල් කිරීමට සිටි පස් දෙනෙකු ගෙන් යුතු ශ්‍රී ලාංකික පවුලකට යළි එරට නීත්‍යානුකූල ලෙස රැඳී සීටීමට එරට රජය අවසර ලබා දීමේ සිද්ධියක් නවසීලන්තයෙන් වාර්තාවේ.
මෙම ලාංකික පවුල පිටුවහල් කිරීමට නවසීලන්ත ආගමන විගමන බලධාරීන් ගත් තීරණයට එරෙහිව වසරකට ආසන්න කාලයක් තිස්සේ එරට ක්වීන්ස්ටවුන් ප‍්‍රජාවගේ විරෝධතා සහ බලපෑම මත මෙම පවුලට එරට නේවාසිකව රැඳී සිටීමේ අයිතිය ලබා දීමට එරට රජයට සිදුව ඇතැයි නවසීලන්ත මාධ්‍ය අද (22) වාර්තා කළේය.
මෙලෙස නවසීලන්තයේ නේවාසිකව රැඳී සිටීමට අයිතිය ලැබී ඇත්තේ එරට ක්වීන්ස්ටවුන් ප‍්‍රදේශයේ පදිංචිව සිටි දිනේෂා විජේරත්න සහ සෑම් විජේරත්න යන ලාංකික යුවළට සහ වයස අවුරුදු 8 ,10 සහ 11 වියේ පසුවන ඔවුන්ගේ දරුවන් තිදෙනාටය.
කශේරුකාව ආශ‍්‍රිතව ඇති වූ ස්නායු දුර්වලතාවයක් හේතුවෙන් මවට වැළඳුනු රෝගයක් නිසා නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකීය පවුලක් එරටින් පිටුවහල් කිරීමට නවසීලන්ත බලධාරීන් විසින් සූදානම් වූයේ ඉකුත් වසරේ නොවැම්බර් මාසයේදීය.
මෙම පවුල පසුගිය වසර 8ක් තිස්සේ නවසීලන්තයේ ජීවත් වී ඇති අතර දිනේෂා ක්වින්ස්ටවුන් හී හෝටලයක සූපවේදිනියක ලෙස සේවය කරමින් සිටි අතර ඇයගේ සැමියා වන සෑම් විජේරත්න එරට කුලී රථ රියැදුරෙක් ලෙස සේවය කරමින් සිටියහ.
දිනේෂාට හදිසියේම වැළඳුනු එම රෝගී තත්ත්වයක් සැලකිල්ලට ගනිමින් එම ලාංකික පවුලට එරට තව දුරටත් රැඳී සිටීම සඳහා වීසා බලපත් දීර්ඝ නොකිරීමට ගත් තීරණයක් නිසා ඉකුත් වසරේ නොවැම්බර් 21 වැනිදා එම පවුල නවසීලන්තයෙන් පිටුවහල් කිරීමට එරට රජය කටයුතු කළේය.
දැඩි ලෙස අසරණව සිටි මෙම ලාංකික පවුල අමානුෂික තීන්දුවකට අනුව නවසීලන්තයෙන් පිටුවහල් කිරීමට ගත් තීරණයට එරෙහිව ක්වීන්ස්ටුවන් හී පාසල් ගුරුවරු , එහි පදිංචිකරුවන් ක්වීන්ස්ටවුන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා ඇතුළු නගරයේ සියලූ ප‍්‍රජාව වරින් වර වීදී බැස සාමකාමී විරෝධතාවන්හි නිරත වූහ.
මේ අතර මෙම පවුල පිටුවහල් කිරීමෙන් වලකින ලෙසට එරට ක්වීන්ස්ටුවන් ප‍්‍රාන්තයේ මන්ත‍්‍රීවරයකු වන හමිෂ් වෝකර් එරට ආගමන සහ විගමන ඇමැතිවරයාට ලිඛිතව දැන්වීමටත් කටයුතු කළේය.මෙම පවුල පිටුවහල් කිරීමෙන් වලකින ලෙස හා ඔවුනට රුකියාව කළ හැක වන පරිදි තාවකාලික වීසා ලබා දෙන ලෙස එම මන්ත‍්‍රීවරයා මේ ලිපියෙන් ඉල්ලා තිබිණි.
වසරකට ආසන්න කාලයක් තිස්සේ පැවති එම මහජන විරෝධතා සැලකිල්ලට ගනිමින් නවසීලන්ත බලධාරීන් විසින් පස් දෙනෙකු ගෙන් යුතු එම ලාංකික පවුලට එරට නේවාසිකව රැඳී සිටීමේ අවසරය යළි ලබා දීමට පියවර ගෙන ඇත.
125

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මට ඒඩ්ස් වැලඳුනා කියලා දැන ගත්තාම දරුවාව පාසැලෙන් අයින් කරන්න කියලා උද්ඝෝෂණය කරපු මිනිසුන් ඉන්න රටක ඔය පවුල ජීවත් වුණානම් එහෙම රජයට පෙර එම මිනිස්සුම උද්ඝෝෂණය කරලා මේ අසරණ පවුල පිටුවහල් කරාවි.
පිටුවහල් කිරීමට තීරණය කලේ ලෙඩක් හැදුනු නිසා නොවේ. එම ලෙඩේ නිසා අයගේ විසා තත්වය අලුත් කල නොහැකි වූ නිසා. එය අමානුෂික තීන්දුවක් නොවේ. රටේ නීතිය. ඔවුන්ට නැවතීමට අවසර දීම නම් ඉතා මානුෂිකය.
ඔන්න නියම ජනතා නියෝජිතයෝ, අන්තිම මොහෙතේ ලකුණ දාගන්න එන්න නැතුව, ඇත්තටම ජනතාවට වැඩක් කරන මිනිස්සු. අනේ අපිට එවන් පුද්ගලයන් මේ කපේදී ලැබෙන්නේ නැහැ.
ක්වීන්ස්ටවුන් ලාංකික ප්‍රජාවට මාගේ ගෞරවපූර්ව ප්‍රණාමය පුද කරමි.
මෙන්න මහලොකුවට මානව හිමිකම් සහ මනුෂ්ෂත්වය ගැන කතා කරන රටවල් වල නීතිය. වැඩ අරගෙන අසනීප උනොත් රටින් පිටුවහල් කරනවා.
පෙරේරාට පොට වැරදිලා... මේ රටවල නීතිය සැමට එක සමානයි...
වැරද්දක් දැක එයට එරෙහි වෙන්න තරම් කොන්ද පණ ඇති මන්ත්‍රී වරු ඉන්න එක ගැනනම් අවංකව සතුටු වෙමි. අනික සාමකාමී උද්ඝෝෂණ. අපේ ලංකාවේ අයට නැත්තේම මේක තමා
රටේ ජීවත්ව සිටියදීම ඇතිවූ රෝගී තත්ත්වයක් නිසා රටින් පිටුවහල් කිරීමට ගත් තීරණයට පදනම් වූ නීතිය අමානුෂික යයි සිතමි. මෙවැනි අවස්ථාවක නායකත්වය ගත් එම ප‍්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා ඇතුළු පුර වැසියන්ගේ ක්‍රියා කලාපය අප සියලු දෙන අගය කල යුතුයි.
වසර 10 ක් පැරණි කෝන්තර තාමත් කරපින්නා ගත් ලාංකිකයන්ට වඩා කොපමණ ඉදිරියෙන්ද???