දැරියන් 7 ක් අපයෝජනය කළ ගුරුවරයෙක් යාපනය තෙලිප්පලෙයි යුනියන් මහා විද්‍යාලයේ 7 වසර ඉගෙනුම ලැබූ 12 හැවිරිදි දැරියන් 7 දෙනෙකු බරපතල ලිංගික අපයෝජනයට ලක් කළ ගුරුවරයකු අත්අඩංගුවට ගත් බව තෙලිප්පලෙයි පොලීසිය පවසයි. 24 May 2018
මන්ත්‍රී සනත් නිශාන්ත සහ සහෝදරයා යළි රිමාන්ඩ් පුත්තලම පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත පෙරේරා සහ ඔහුගේ සහෝදරයෙකු වන ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත පෙරේරා ජුනි 7 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට මහාධිකරණ රෙජිස්ටාර් අජිත් ජයසුන්දර මහතා නියම කළේය. 24 May 2018
කොටින් වළ දැමූ පතුරම් පෙට්ටි තොගයක් ගොඩ ගනියි කොටි සංවිධානය විසින් අවසන් යුද සමයේ කිලිනොච්චිය, මුරුසමොටෙයි ප්‍රදේශයේ වළ දමා තිබු පතුරම් පෙට්ටි 40 ක් සොයා ගත් බව කිලිනොච්චිය පොලීසිය පවසයි. 24 May 2018
දියණිය අපයෝජනය කළ පියා රිමාන්ඩ් සිය දියණිය වසර දෙකක සිට වරින් වර ලිංගික අපයෝජනයට ලක් කරමින් වද හිංසා දුන් පියෙකු ජුනි 4 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට මුතුර් මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු එම්.එච්.එම්.සම්සුදින් මහතා නියම කළේය. 24 May 2018
නීල බැම්ම අමුණත් වාන් දමයි පුත්තලම සාලියවැව නීළබැම්ම අමුණ වාන් දැමීමට පටන් ගෙන ඇති බව පුත්තලම වාරිමාර්ග ඉංජිනේරු දිලීප හෙට්ටි ආරච්චි මහතා පැවසීය. 24 May 2018
ගිං ගඟේ ජල මට්ටම ඉහළ නගී තවලම ප්‍රදේශයට ඊයේ (23) රාත්‍රී ඇදහැලුණු වර්ෂාවත් සමඟ ගිංගගේ තවලම ප්‍රදේශයේ තවලම ජල මාපකයේ ජල මට්ටම මීටර් 4.6ක් දක්වා වැඩිවු බව ගිංගඟ වාරිමාර්ග ඉංජ්නේරු චමිලා විරක්කොඩි මහත්මිය සඳහන් කළාය. 24 May 2018
ගිං ඔයට පැන්න සිසුවාගේ සිරුර හමුවෙයි ඉකුත් 22 වැනි දා සවස ලුණුවිල පාලමෙන් ගිංඔයට පැන අතුරුදන්ව තිබු පාසල් සිසුවාගේ මළ සිරුර කිලෝමීටර් 3ක් පමණ දුරින් පිහිටි කොළඹ හලාවත මාර්ගයේ නයිනමඩම ගිංඔය මහා පාලම අසල රැඳී තිබියදී අද (24) සොයා ගත් බව වෙන්නප්පුව පොලිසිය පවසයි. 24 May 2018
පැපොල රෝගය රජරට සරසවියේ කෘෂි පීඨය වසා දමයි රජරට විශ්ව විද්‍යාලයේ සාලියපුර පිහිටි කෘෂිවිද්‍යා පිඨයේ සිසුන් අතර පැතිර යන පැපොල රෝගය නිසා එම පිඨය වසා දමා තිබේ. 24 May 2018
පළමු පෙළ ජෙලර් තනතුරට උසස් කළ 12 කට මත්කුඩු චෝදනා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පළමු පෙළ ජෙලර් තනතුරට උසස් කරන ලද 37 දෙනෙකුගෙන් 12 කට ආසන්න පිරිසක් මතුකුඩු චෝදනා ඇතුළු විවිධ චෝදනාවන්ට ලක්වුවන් බවට අසාධාරණයට ලක්වු ජෙලර්වරුන් පිරිසක් සඳහන් කරයි. 24 May 2018
බන්ධනාගාර නිලධාරීන් 5 කගේ සේවය අත්හිටුවයි වැලිකඩ බන්ධනාගාර රෝහලෙන් පලා ගිය මත්කුඩු ජාවාරම්කරුවකු රටින් පිටව යන්නට ඇති බවට සැක කෙරේ. 24 May 2018
තල්විල මෝය කපා දමයි - මුහුදුබඩ මාර්ගයේ ගමනාගමනයට බාධා පිටාර ගලා යමින් පවතින කඩුපිටි ඔයේ ජලය කඩිනමින් මුහුදට බැස යාමට සැළැස්වීම සඳහා තල්විල මෝය කපා දැමීමට මහවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් කටයුතු කර ඇත. 24 May 2018
තබ්බෝව ජලාශය වාන් දමයි කරුවලගස්වැව තබ්බෝව ජලාශයේ වාන්දොරටු 4ක් අඩි 1 බැගින් අද (24) උදෑසන විවෘත කළ බව පුත්තලම වාරිමාර්ග කාර්යාලය පවසයි. 24 May 2018
දුම්වැටි තොගයක් කටුනායකින් අත්අඩංගුවට නීතිවිරෝධී ලෙස කුවේටයේ සිට ශ්‍රී ලංකාවට රැගෙන ආ විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සහ එක් පුද්ගලයකු අද (24) අලුයම කටුනායක ගුවන් තොටුපොළ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබු බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය. 24 May 2018
හම්බන්තොටට ස්වභාවික ගෑස් බලාගාරයක් චීනයේ සහාය ඇතිව මෙගාවොට් 200 ද්‍රවීකාරක ස්වභාවික ගෑස් පදනම් කරගත් බලාගාරයක් හම්බන්තොට ඉදි කෙරෙන බව සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා අද (23) පැවැසීය. 23 May 2018
පාර්ලිමේන්තු පරිශ්රයටත් ගංවතුර අවදානමක් ඉදිරි දිනවල වැසි ඇතිවුවහොත් පාර්ලිමේන්තු පරිශ්‍රයත් ගංවතුරින් යටවීමේ අවදානමක් පවතින බව පාර්ලිමේන්තු බලධාරීහු පවසති. 23 May 2018
ගෙවා ගන්න බැරි ණය ගත්තු කාලය ඉවරයි - අගමැති අසීමාන්තිකව ණය ගෙන ඒවා ගෙවා ගන්නට නොහැකිව දුක් විඳින කාලයකට නැවත ගමන් කරන්නට ජනතාවට කිසිදු අවශ්‍යතාවයක් නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී අද (23) පැවසීය. 23 May 2018
මහනුවර 1471ක් පීඩාවට මහනුවර දිස්ත්‍රික්කය තුල පවැතින අධික වර්ෂාව හේතුවෙන් අද 23 සවස වන විට දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 14 ක පවුල් 332 කට අයත් පුද්ගලයින් 1471 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවත් එයින් ආරක්ෂිත ස්ථාන දෙකක පවුල් 20 කට අයත් පුද්ගලයින් 88 දෙනෙකු තව දුරටත් රැඳී සිටන බවත් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ මහනුවර දිස්ත්‍රික් සහකාර අධ්යක්ෂ ඉන්දික රණවීර මහතා කීය. 23 May 2018
පුත්තලමේ 14,825ක් අවතැන් අධික වර්ෂාවත් සමඟ පුත්තලම දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 14,825 දෙනකු අවතැන් වී ඇති බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එන්.එච්. චිත්‍රානන්ද මහතා කියයි. 23 May 2018
සැඩ පහරට ගසාගෙන ගිය පාපැදිකරු සොයයි ගම්පහ පැරණි මිනුවන්ගොඩ මාර්ගයේ බෝධිය අසල සපත්තු පාලම ඔස්සේ පා පැදියකින් යමින් සිටි පුද්ගලයෙකු සැඩ ජල පහරට ගසාගෙන ගොස් අතුරුදහන්ව ඇත. 23 May 2018
ගංවතුරට ආණ්ඩුවේ සුදානම මදි - බිමල් රත්නායක ගංවතුරට ආණ්ඩුවේ සුදානම ප්‍රමාණවත් නැතැයි ජවිපෙ මන්ත්‍රී බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද (23) චෝදනා කළේය. 23 May 2018
කෝටි 232,500ක චීන අයෝජන ලංකාවේ ඉකුත් වසර අවසන් වනවිට චීන සමාගම් ශ්‍රී ලංකාව තුළ එක්සත් ජනපද ඩොලර් බිලියන 15ක (ආසන්න වශයෙන් රුපියල් කෝටි 232,500ක්) යටිතල පහසුකම් ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇතැයි මෙරට චීන තානාපති ෂෙන්ග් ෂියුවාන් මහතා කොළඹදී අද (23) ප්‍රකාශ කළේය. 23 May 2018
දිස්ත්‍රික්ක 5 ක් නාය යාමේ අවදානමක පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ දිස්ත්‍රික්ක 5ක නායයෑමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. 23 May 2018
දුම්බර ඉඩම් කොල්ලයට එරෙහිව මානව හිමිකම් පැමිණිල්ලක් නකල්ස් රක්ෂිතයට අයත් ඉඩම් නීති විරෝධී ලෙස බදු දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරිසර හා සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානය අද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් කළේය. 23 May 2018
කතානායකගෙන් විමල්ට දැඩි අවවාද පාර්ලිමේන්තුව විගඩමක් කර ගන්න එපා යැයි කතානායක කරු ජයසුරිය මහතා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී විමල් වීරවංශ මහතාට තරයේ අවවාද කරමින් අද (23) කියා සිටියේය. 23 May 2018
බැංකු නොවන මූල්‍ය ආයතන ගැන එක්දින විවාදයක් අර්බුදයට ලක්ව ඇති බැංකු නොවන මූල්‍ය ආයතන (ෆිනෑන්ස් කම්පැනි) පිළිබඳව එක් දින විවාදයක් ලබා දෙන බව සභානායක ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවැසීය. 23 May 2018
ආපදා නිසා ලක්ෂයක් පීඩාවට - 11ක් මරුට දිවයිනේ දිස්ත්‍රික්ක 18 කට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් මේ වන විට පවුල් 27,064 කට අයත් පුද්ගලයින් 105,352 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 23 May 2018
එජාපෙ පත්කළ මන්ත්‍රී නවාවි ඉල්ලා අස්වේ එක්සත් ජාතික පෙරමුණේ පත් කළ මන්ත්‍රී එම් එච් එම් නවාවි මහතා අද පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය. 23 May 2018
ටෙක්නිකල් හංදියේ මාර ගසක් වැටී යතුරුපැදිකරුවකු රෝහලේ අධික වැසි හේතුවෙන් මරදාන ටෙක්නිකල් හංදියේ දුම්රිය මුලස්ථානය ඉදිරිපිට ඇති මාර ගසක් පාර හරහා කඩා වැටීම හේතුවෙන් යතුරුපැදි කරුවකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි. 23 May 2018
කළු - අත්තනගලු ගංගා තවමත් ගං වතුර මට්ටමේ කළු ගඟ, අත්තනගලූ ඔය හැරුණු විට සෙසු ප්‍රධාන ගංගා සියල්ලකම පාහේ ජල මට්ටම මේ වන විට අඩුවෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. 23 May 2018
ඇවන්ගාඩ් පෙත්සම් විභාගයෙන් විනිසුරු මුරුදු ප්‍රනාන්දු ඉවත්වෙයි ගාලු වරායේ පාවෙන අවි ගබඩාවේ පවත්වාගෙන යන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීමට සුදානමක් ඇති හෙයින් එය වළක්වාලන්නැයි ඉල්ලමින් ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුරුදු ප්‍රනාන්දු මහත්මිය ඉවත් වුවාය. 23 May 2018
ඉරාන විදේශ ඇමැති චීනයේ නිල සංචාරයක ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි චීනයේ නිල සංචාරයක නියැලෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරාන විදේශ අමාත්‍යවරයා බෙයිජීං අගනුවර බලා පැමිණි බවය... 06 May 2026