( ප්‍රසාද් මුතුකුඩ )
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් පිටතටදී රන් අාභරණ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 25 ක අල්ලසක් ලබා ගත්තේ යැයි පැවසෙන සිද්ධියකට අදාළව ගුවන්තොටුපළ පොලීසියේ නිලධාරින් දෙදෙනෙකු පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
ගුවන්තොටුපළ පොලීසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා සහ පොලිස් කොස්තාපල්වරයෙකු මෙලෙස අත්අඩංගුව ගෙන තිබේ.
ඉන්දියාවේ චෙන්නායි සිට නීති විරෝධීව රැගෙන එන ලද රුපියල් ලක්ෂ 80 පමණ වටිනා රන් දම්වැල් අාභරණ තොගයක් කටුනායක ගුවන් තොටුපලින් පිටතට ගෙන යාමට උත්සහ කළ බව පැවසෙන කොළඹ හෙටිටිවීදියේ ව්‍යාපාරිකයින් පිරිසක් බිය ගන්වා, එම අභරණ තොගය බාධාවකින් තොරව මුදා හැරීමට කියා රුපියල් ලක්ෂ 25 ලබා ගත්තේයැයි පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට පැමිණිල්ලක් ලැබී ඇත. ඒ අනුව මූලික විමර්ශන ආරම්භ කර මෙම නිලධාරින් දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හා....හා...බලාගෙනයි භාවනාව කැඩිලා දැහැන බිඳෙයි ..!
මෙන්න නියම පොලිසිය.
ගුවන් තොටුපොළට එන තැන සිටම අල්ලස් කප්පම් තමා ගන්නෙ රට හරි මගට ගන්න ඔනා තැන් දෙකයි තියෙන්නේ වාරාය හා තොටුපොළට නතී විරධී හැම දේම එන්නෙ ඔය තැන් දෙකකෙන් ම තමා . ජරාවට යටවු සමහර නිළධාරින් සේවකයන් හා පාතාලය එකතු වී සරැවටම හැමදාම කරගෙන යනවා ගුවන් තොටුපොළට අවට ඇති කොක් ෆිට .ෆුල් මූන් වගෙ තැන් වලට රාත්‍රි ගොස් බැලුවනම තේරෙවී දවසෙහි සමහරුන්ගේ අාදායම කොහොමද කියලා දුප්පත් අහිංසක අපිට තමා හැම නිතියක්ම....