IMG-LOGO

සැප්තැම්බර් මාසයේදී උද්ධමනය පහළට

අගෝස්තු මාසය හා සැසඳීමේදී සැප්තැම්බර් මාසයේදී උද්ධමනය සියයට 0.9කින් පහළ ගියේ යැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. 


මේ අනුව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ගණනය කරනු ලබන මතුපිට ලක්ෂ්‍යමය පදනම මත මේ වසරේ අගෝස්තු මාසයේ පැවැති සියයට 2.5ට සාපේක්ෂව සැප්තැම්බර් මාසයේදී සියයට 0.9කින් පහළ ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.
 
ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013-100) යන විචලනය මගින් ලක්ෂ්‍යමය පදනම මත මතුපිට උද්ධමනය ගණනය කරනු ලබයි.
 
ආහාර මිල ගණන්වල සිදු වූ මාසික පහළ යෑම එසේ මතුපිට උද්ධමනය අඩු වීමට බලපෑම බව ද මහ බැංකුව පෙන්වා දෙයි.
 
වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස අගෝස්තු මාසයේදී වාර්තා වූ සියයට 4.7 සිට සැප්තැම්බර් මාසයේදී සියයට 4.0ක් දක්වා පහළ ගිය බව ද මහ බැංකුව කියයි. 
 
මාසික වෙනස්වීම සැලකූ විට ජාතික පාරිභෝගික මිල දර්ශකයේ අගෝස්තු මාසයේ වාර්තා වූ දර්ශක අංක 125.4 සිට සැප්තැම්බර් මාසයේදී දර්ශක අංක 124.4 දක්වා පහළ ගිය බවත් ආහාර  මිල ගණන් පහළ යෑම ප්‍රධාන වශයෙන් ඊට හේතු වූ බවත් මහ බැංකුව සඳහන් කරයි.

එහිදි විශේෂයෙන්ම එළවළු, පොල්, අමු මිරිස් සහ  මත්ස්‍ය හි මිල ගණන් පහළ යෑම හේතු වී තිබේ. ආහාර නොවන කාණ්ඩය තුළ මිල ඉහළ යෑම දක්නට ලැබුණු අතර විශේෂයෙන්ම මත්පැන් වර්ග, දුම්කොළ, ප්‍රවාහන හා ආපනශාලා සහ හෝටල් යන උප කාණ්ඩ ඊට දායක වී ඇත. 
 
ආර්ථිකයේ යටිදැරි උද්ධමනය නිරූපනය කරන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ මූලික උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත අගෝස්තු මාසයේදී සියයට 2.7ක් වූ අතර එය සැප්තැම්බර් මාසයේදී සියයට 3.1ක් දක්වා ඉහළ ගොස් ඇත. 
 
මේ අතර අගෝස්තු මාසයේදී සියයට 2.5ක් වූ වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය සැප්තැම්බර් මාසයේ දී සියයට 2.4ක් දක්වා පහළ ගිය බව ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. 

 

 


 
(055)



අදහස් (1)

සැප්තැම්බර් මාසයේදී උද්ධමනය පහළට

Chaminda Thursday, 25 October 2018 06:19 AM

ඔය ගමන්ම අඩු උන බඩු ලයිස්තුවත් දැම්මනම් හොදයි .මෙයාල කරන්න දෙයක් නැති උනහම රටේ නැති දෙයක් කියනවා.......

:       34       90

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 231 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 754 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1174 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site