(උපාලි ආනන්ද)
අසල්වැසි නිවසකින් අඔ ගෙඩි 19ක් සොරකම් කර ඒවා සිය සන්තකයේ තබා ගත් බවට අධිකරණය හමුවේ චෝදනා ලැබ සිටි වියපත් කාන්තාවක් තමාට එරෙහිව පවතින එම චෝදනාවන්ට වරද පිළි ගන්නා බව විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශ කළාය.
සැකකාර කාන්තාවට දඬුවම් නියම කිරීම ලබන 30 වැනි දා දක්වා කල් තැබූ අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ජානක සමරතුංග මහතා එදිනට ඇයට යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ද නියෝග කළේය.
අධිකරණය හමුවේ මෙසේ වරද පිළිගනු ලැබූවේ අනුරාධපුර සාලියපුර ජයන්ති ග්‍රාමයේ අංක 56 ලිපිනයේ පදිංචිකාරියක වන ලලිතා ආනන්ද නැමැත්තිය යි.
මෙම සැකකාර කාන්තාව තම ගෙවත්තේ ඇති අඔ ගසකින් ගෙඩි 19 ක් සොරකම් කළ බවට අනුරාධපුර සාලියපුර ජයන්ති ග්‍රාමයේ අංක 46 ලිපිනයේ පදිංචි වෙරළදෙණියේ විදානලාගේ උදේනි පෙරේරා නැමැත්තිය අනුරාධපුර මූලස්ථාන පොලිසියට පැමිණිලි කර තිබිණි.
ඒ අනුව සැකකාර කාන්තාව මීට පෙර අනුරාධපුර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු කරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාර බ්‍රේකින් නිවුස් එකක් නේද?
රවීට නැති නීතිය මෙහෙම හරි ක්‍රියාත්මකවීම කොපමණ අපූරුද?
මේ අම්මාට තිබුණේ රාත්‍රියේ ගිහින් ගමේ සමූපකාරයේ තියෙන දෙයක් හොරකම් කරගන්නයි. එහෙම වුණානම් අද වීරවරියකි.
කෝටි ගණනක් වටිනා මෙම දඹ රත්තරන් අඹ ගෙඩි 19 සොරකම් කල තැනැත්තියට උපරිම දඬුවම් ලබාදිය යුතුයි.
කෝටි ප්‍රකෝටි ගණන් වංචාකළ ලොක්කන්ගේ නම් ගම් කවදාවත් හෙළිකරන්නේ නැහැ. කොහොම වුනත් ඒ මනුස්සයට දෙන දඬුවමක් දීල යවන්නේ නැතුව රස්තියාදු කිරීමත් අපේ අධිකරණ පද්ධතිය ගැන පෙන්වන සාධකයක්...
අහෝ ! අනුරපුර උදේනි..............
අපි පොඩි කාලෙ අහළ පහළ ගෙවල්වල ගස් වලින් ගෙඩි කඩපු හැටියට ඒ මිනිස්සු නඩු දැම්මනම්, අපිට කේස් 25-30 එන්න තිබ්බ..ගහක පලතුරක් කඩා ගන්න දෙන්න නැති කුහක පෙරේත මිනිස්සු..අනික මේ තැනත්තියත් , අහල කඩාගන්න ඕනෙ.
මෙච්චර කෝටි ගණන් ජනතා මුදල් හොර කන ඇමතිලා මන්ත්රීලාට කොමිසම් පමණි නමුත් අඹ ගෙඩි 19 ට නඩු අහනවා? මේක යහ පාලනයද?
දුප්පත් මිනිස්සු වැරැද්ද පිලිගත්තට හොර නායකයෝ එහෙම නැහැ , ඒ නිසා කව්රුවත් තමන්ගේ ළමයින්ට වැරදි පිළිගන්න උගන්නන්න එපා අනාගතයේදී ලොකු ප්‍රශ්නයක් වෙයි
එතකොට බැදුම් කර හොරකමට කවුද වැරදිකරු?? සාමාන්‍ය ජනතාවද??
සොරකම වරදකි. මගේ හිතවතෙකුගේ නිවසේ තිබූ අඹ ගසේ අතු තාප්පයට උඩින් අනික් නිවසට පැතිරුණ. එම නිවෙස් හිමියා ගස කපන්න කීවා. ගස අයිති නිවැසියා මෙසේ පැවසුවා." අඹ ගස කපන්නෙපා. ඔය පැත්තේ අතුවල හැදෙන අඹ ගෙඩි ඔයාල කන්න. මේ පැත්තේ ඒවා අපි කන්නම්". එම අඹ ගස තවමත් පවතී. නමුදු මෙවන් දේ පොලීසියට හරහා උසාවියට යාමට තරම්, පැමිණිලිකාර කාන්තාවත්-විත්තිකාර කාන්තාවත් පිරිහීමට ලක්වීම ඉතාමත් ලජ්ජා සහගත තත්වයකි. මෙවැනි කරුණු සාකච්චා කර, අවබෝධ කර දී විසදා සමතයකට පත් කර ගැනීමට මෙම දෙපාර්ශවය පමණක් නොව පොලීසිය පවා අසමත් වීම සියලු සමාජතලයන් තුල වෙසෙන පුද්ගලයන්ගේ අදූරදර්ශීභාවය හා නොඉවසිලිමත්භාවයත් විදහා දක්වන්නකි. එනම්, මෙකී සියලු අංශ කෙරේ පවතින අපරිනතභාවය පෙන්වනු ලබයි. උසාවිය දක්වා යාමට පෙර ගමක ග්‍රාමසේවක, ආගමික නායකයන්, සමථ මණ්ඩලය ආදී මැදිහත්කරුවන් රැසක් පවතී. අඹ සොරා ගත් කාන්තාව වියපත් ය. පැමිණිලිකාරිය ජීවිතයේ පරිනත අවධියේ පසු වේ. නමුදු දෙදෙනාගේම ළාමක බව විසින් සියලු කාන්තාවන්ගේ ගරුත්වය කෙලෙසා ඇත. වෙරළු ගෙඩිය 7 කට බෙදා ගෙන කෑමට උගත් අපේ සමාජය සිටින්නේ කොතැනද?
බලයට නතු වූ උසාවිය........
ඔන්න මේවා තවත් උදාහරණ... මිනිස්සුන්ගේ වෙලාව සහ මුදල් ප්‍රශ්න විසඳන ආයතන විසින් අමුඅමුවේ නාස්තිකරන හැටි පෙන්වන. මේ වගේ ප්‍රශ්න පොලිසියෙන් විසඳන්න ඕනෑ. ඒ වගේම බලන්න මේ වගේ දෙයක් විසඳන්න ඔච්චර දවස් ඕනෑද? මේ වගේ රටක්නම් කවදාවත් හදන්න නම් බෑ. උගත් යැයි කියාගන්න අය ප්‍රශ්න කල් මරන හැටියට (අමතක කරන්න එපා මේවට මහජන බදු මුදලුත් නාස්ති වෙනවා කල් යන්න යන්න..) අර්ථිකේ කඩා වැටෙමින් තියෙන්නේත් මේ රජයේ ආයතනවල අලසකම සහ නවීන ක්‍රමවලට හැඩ නොගැසෙන නිසා නිරාපරදේ නාස්ති වෙන මුදල් සහ කාලය නිසා... මාධ්‍ය මහත්තුරුත් මේවා කතා කරන්න සහ හොයලා වාර්තා කරන්න, නිකන් දේශපාලකයින්ගේ විකාර කතාවලට කාලය නාස්ති කිරීම අඩු කරලා.... එහෙම නැත්තම් ඉතින් අපිත් වෙන කොහෙ හරි රටක යනඑක තමයි කරන්න තියෙන්නේ...
හරිම පුදුම ලංකාව..........
අඹගෙඩි 16 නම් මොකක්ද මේ රටේ සිදුකල සිදුකරන හොරකම් දිහා බැලුවම. කේසේ වෙතත් අධිකරණය ගැලපෙන දඩුවමක් නියම කරයි. ප්රශ්නය වන්නේ අර මහාපරිමාණ හොරුන්ට නිතිය ක්‍රියාත්මක නොව්මයි.
එතකොට මහ බැංකුව අබ ඇටයක් හැටියටද සලකන්නේ දඬුවම් නොදෙන්න
මිලියන ගණනින් බිලියන ගණනින් හොරකම් කල හොරුන් නිදැල්ලේ ඉන්න රටක අඹ ගෙඩි 19 හොරකමට දෙන දඩුවම දෙස රටම බලා ඉන්නවා ඇත.
යහපාලන රජයේ දක්ෂකම.
ඔන්න අපේ රටේ නීතිය. අඹ ගෙඩි 19ක් හොරකම් කලාට ඉක්මන් දඬුවම්. එහෙත් අපේ ලොකු අය කරන කෝටි ගණන් හොරකම් සහ පගා වලට කිසිම දඬුවමක් නැහැ? මහ බැංකු කොල්ලය, කොමිස් ගැසීම, පගාව ගැනීම යන දේවල් වලට කිසිම දඬුවමක් නැහැ! අපේ වගේ රටක් අම්මපා! කරනව නම් ලොකු පරිමාණයේ හොර කමක් කරපල්ලා.
මෙවැනි නඩු අසා අධිකරණයේ සහ පොලිසියේ කාලය නාස්ති කිරීම මහා අපරාධයක්...
මෙන්න අපේ රටේ නීතිය. දැන් ඉතින් මාස 6 ක් අවුරුද්දක් හිරේ යාවි. බැඳුම්කර හොරු තවම නිදෙල්ලේ. අතටම අහුවෙලත් තවම නිදැල්ලේ. අපේ රටට දෙවියන්ගේම පිහිටයි !!!
මේ අසරණ කාන්තාව අවුරුදු ගණනකට හිරේ අරිමු... අපේ ජෝන්ස්ටෝන් නිදහස් වුණානේ... එ් ඇති අපිට...
මම දන්නා තරමින්නම් නඩු භාණ්ඩයක් නඩුව අවසන් වනතුරු උසාවියේ නඩු භාණ්ඩ ගබඩාවෙ සීල් තබා ආරක්ෂා කරනව නේද එතකොට දැන් මේවා ගබඩාවෙ තියනවාද නඩුවේ අවසන් තින්දුව දෙනතුරු
මේ කාන්තාව මෙහිදී වරද පිළිගෙන තිබෙනවා. මෙතන මහා පරිමාණ යැයි කියා ගන්නා හොරකම් ඇත්තටම හොරකම් කියා නීතිය ඉදිරියේ තවමත් සනාථ වී නැති හා සාක්කි කරුවන් රැසක් කැඳවිය යුතු නඩු. කොහේ හෝ යම් නඩුවක් ප්‍රමාද වූ පමණින් සැකකරු වරද පිළි ගන්නා නඩුත් ප්‍රමාද කළ යුතු බවද මේ නඩුවේ කඩිනම් ස්වභාවය ගැන විමසන්නේ?
මේකත් එක්තරා සොරකමක්.නමුත් ඉතින් රටේ මහා පරිමානෙන් සිදුවෙන හොරකම් දිහා බලද්දී මේවා මොනාද. මට හිතෙන විදිහට මෙය මේ මිනිස්සු අතර පවතින කාලාන්තර පෞද්ගලික පලිගැනීමක් මිස නඩු හබයකට යන්න තරම් මේවා ප්‍රශ්න නෙමෙයිනේ.
අඹ ගෙඩි 19 ක වටිනාකම කීයක් වෙනවද? මෙය පොලිසියට විසඳිය නොහැකිද? අඹ ගෙඩි 19 සොරකම වෙනුවෙන් රජය කොපමණ වියදමක් දැරුවාද? මෙවැනි දේවලට මෙතරම් වියදම් නොවන විසඳුම් දෙන ක්‍රමයක් ඇතිවිය යුතුය.
ලක්ෂ 100 කට විතර විදලා ලක්ෂ 10 ක් විතර ජරාවට වෙන්කලාම ඔක්කම ගොඩ...
අනේ මෙහෙමත් මිනිස්ස්සු අබ ගෙඩි 19 නඩු දානව. පුදුම රටක් .....
යහපාලන ආණ්ඩුව හොරු අල්ලන්නේ නැහැ කියලා කවුද දැන් කියන්නේ?
මේ අම්මට තිබුනේ අඹ හොරකම් කරන්න නෙමේ, මහා බැංකුවට පැනලා මිලියන් ගානක් උස්සන්න. එහෙම කලානම් තාමත් යහතින්...