එෆ්.අස්ලම් සහ රොමේෂ් මධුසංක
තම නායකත්වය යටතේ දෙමළ ජනතා සන්ධානය (තමිල් මක්කල් කූට්ටනි) නමින් නව දේශපාලන පක්ෂයක් පිහිටුවා ගන්නා බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා පැවසීය.
දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනා දීමේ බලවේගයක් වශයෙන් කටයුතු කරන මෙම සන්ධානය ඉදිරි පළාත් සභා මැතිවරණයට ද තරග කරන බව මහ ඇමැතිවරයා මෙහිදී සඳහන් කර සිටියේය.
විග්නේෂ්වරන් මහතාගේ සම සභාපතීත්වයෙන් යුත් දෙමළ ජනතා සභාවේ විශේෂ රැස්වීමක් අද (24) යාපනය නල්ලූර් පරමේෂ්වරී ශාලාවේ පැවති අතර මෙහිදී සිය ඉදිරි දේශපාලන ගමන පිළිබඳ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මහ ඇමැතිවරයා මෙසේ පැවසීය.
මෙම සන්ධානය සමගින් උතුරු පළාත් වනිතා කටයුතු ඇමැතිනී ආනන්දි ශෂිතරන් විසින් මෑතකදී ආරම්භ කළ ඊල මක්කල් සුයාට්චි කලහම්,දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් වූ ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂය,දෙමළ ජාතික ජනතා පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයක් ද එක්වීමට නියමිතව ඇතැයි පැවසේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටී එන් ඒ එකට හොඳ පාඩමක්... කන්න දුන්න අත සපා කන මෙවැනි පුද්ගලයින් ළංකර ගැනීම...
මොන දේශපාලනයක් කළත් කමක් නැහැ. සහයෝගයෙන්, එකමුතුව ඒකීය රටක්, ඒකීය ජනතාවක් වශයෙන් හිතනවා නම්...
මේ මනුස්සයට තීයෙන්නේ දෙමළ ජනතාවගේ යහපත සහ අභීවෘද්ධිය වෙනුවෙන් සේවය කීරිමේ ආභිලාෂය නොවේ. දෙමළ මිනිසුන්ගේ හිත්වල ජාතිවාදය අවූලුවලා හැමදම බලයේ ඉන්න තියන පහත් චේතනාවෙන් තමයි වැඩ කරන්නේ.
ජනතාවගේ උවමනා කම් සපුරන්න පක්ෂ මොකටද මන්ත්‍රී හරි කමක් නැහැ මිනිසුන්ගේ දුක පේන වෙනම් පොහොට්ටුවේ. මන්ත්‍රීන්ටත් තියෙන්නේ මේ උණමයි.... වයසේ වැරැද්ද මොන පක්ෂද ඉන්න. ටික කාලයක් මිනිසුන්ට සේවය කරන්න ජාති භේද පක්ෂ භේද නැතිව දෙගොල්ලන්ටම තියෙන්නේ එකම උන මිනිසුන්ගේ දුකපෙන්නේ නැහැ. අලුත් පක්ෂ හදල නායක කම ගන්න හැටි සිහින මවනවා දිවිරුම් දෙන දවසට මේ ලෝකෙන් යන්න වෙලාව හරි............
සුභ පැතුම් මැතිතුමනි...
ඔය රස්සාවට ගියකෙනෙක් අායෙත් ඕක දාලා යන්නේ නැහැ. නඩුකර හාමුදුරුවන්ටත් එහෙනම් එකේ රහ දැනුනා වාගේ? පෙනෙන්නේ නැතිද සමහරු කල්ප ගණන් පැරදි පැරදිලාත් අර මොනවද ගොඩට වහ වැටුණු සුනඛයා වාගේ පස්සෙන් ගිය හැටි. හැබැයි ඉතින් එව්වයේ ඵල ප්‍රයෝජනත් නැත්තේම නැහැ. මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙමෙයි කියනවනේ මදිද බැංකුවක් එහෙමපිටින්ම කොල්ලකාගත්තා... ඔබතුමාටත් මතු බලාපොරොත්තු ඇතිනේ ඉතින් නේද?
මහලු, නුතන ත්‍රස්තවාදී ගණයට අයිතියි.. !!
ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන්න... ජාතිවාදී නොවන්න... එයයි දේශපාලනය.. සුබපැතුම් !!!
ජාතිවාදයේ නූතන පියා... සිංහලයන් හා දමිළ ජනතාව අවුලවන අය ජයවේවා...!!!
බල තණ්හාව ඔලුවට ගැහුවාම ජාතිය, ආගම, කුලය, වයස මොකක් වුණත් බලය අතාරින්න නම් කැමති නැහැ.
දෙමළ පක්ෂ දේශපාලනය සිංහල පක්ෂ දේශපාලනය තරමට කුණුවී ඇති බව නොපෙනෙන්නේද ?
උතුරේ සහ දකුණේ කියලා වෙනසක් නැහැ. දේශපාලකයෝ ඔක්කම එකම බෝට්ටුවේ. තමන්ගේ පැවැත්ම ගැන විතරමයි හිතන්නේ. ජනතාවට බිල්ලට දෙනවා.