(නාලක සංජීව දහනායක)
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපතිවරයාලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානී හේමසිරි ප‍්‍රනාන්දු මහතා පත්කර ඇත.
නව පත්වීමට අදාළ ලිපිය අද (24) පෙරවරුවේදී තමන්ට ලැබුණු බව හේමසිරි ප‍්‍රනාන්දු මහතා ලංකාදීපයට පැවැසීය.
ජනාධිපති කාර්යමණ්ඩල ප‍්‍රධානි තනතුර හොබවමින්ම ඔහු මහජන බැංකුවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළ අතර ජනාධිපතිවරයා විසින් ජනාධිපතිවරයා විසින් පසුගිය 17 වැනිදා මහජන බැංකුවේ අධ්‍යක්‍ෂ මණ්ඩලය විසුරුවා හැරියේය.
හේමසිරි ප‍්‍රනාන්දු මහතා මීට පෙර ජාතික ඔලිම්පික් කමිටුව, ස්වාධීන රූපවාහිනී සේවය, ගුවන්තොටුපෙළ හා ගුවන්සේවා සමාගම හා ශ්‍රී ලංකා ටෙලිකොම් වැනි රාජ්‍ය ආයතන ගණනාවක සභාපතිවරයා ලෙස ද කටයුතු කර ඇති අතර ඉකුත් රජය සමයේදී තැපැල් අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙසද කටයුතු කළේය.
හේමසිරි ප‍්‍රනාන්දු මහතා ආයෝජන මණ්ඩලයේ සභාපති තනතුරට පත්කොට ඇත්තේ ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානී තනතුරට අමතරවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහජන බැංකුව, ලංකා බැංකුව හා ආයෝජන මණ්ඩය යන ආයතන වල සිදුවී ඇතැයි කියන අක්‍රමිකතා හේතුවන් ඉවත් කළ මහජන බැංකු සභාපතිවරයා නැවත ආයෝජන මණ්ඩලයේ සභාපතිකමට පත් කෙරුවේ මහජන බැංකුවේදී සිදුකළ අක්‍රමිකතා ආයෝජන මණ්ඩලයේදී නොකරන බවට සහතිකයක් ලැබුණු නිසාද? නැත්නම් සරත් ෆොන්සේකා කියනවා වගේ පිස්සු නිසාද දන්නේ නැහැ...