( නිමන්ති රණසිංහ)
කොටහේන ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනකු අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව නාවික හමුදා බුද්ධි අංශ ලුතිනන් කමාන්ඩර් සම්පත් දයානන්ද මහතා අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
නගර සභා සේවකයින් දෙදනකු වන වඩිවේලු ලොගනාදන් හා රත්නසාමී පරමනාදන් නැමැති පුද්ගලයින් දෙදෙනා 2009 වසරේ දී පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම ඔහුට එරෙහිව ඇති චෝදනාවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස ඔහුට දැනුම් දී තිබී ඇතැ අතර ඔහු එහි පැමිණි පසු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
මීට පෙර වතාවකදී මෙම සිද්ධියේ අනික් සැකකරුවන නාවික හමුදා ලුතිනන් කමාර්න්ඩර් අනිල් මාපා මේ වන විට ඇප ලබා සිටී.
( ඡායාරූපය - නිමන්ති රණසිංහ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ බුද්ධි අංශ දඩයම ඉවර වෙන්නේ කවදද?
අර 83 කළු ජුලිය ප්ලෑන් කරපු අය අත්අඩංගුවට ගන්නේ නැතිද?