( සජීවා කෝට්ටේගොඩ )
මහව, අඹගස්වැවදී බන්ධනාගාර බස් රියක් හා කුඩා වෑන්රියක් එකිනෙකට ගැටී සිදු වූ අනතුරින් වෑන් රියෙහි ගමන්ගත් දෙදෙනකු මිය ගොස් තවත් සිව් දෙනකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
අද (24) පෙරවරුවේ අනුරාධපුර සිට වාරියපොල බන්ධනාගාරයට රැඳවියන් රැගෙන යමින් තිබු බසයක් හා කුරුණෑගල කොහිලේගෙදර ප්‍රදේශයේ හය දෙනකු ගමන් ගත් වෑන් රියක් මෙලෙස අනතුරට පත්ව ඇතැයි පොලීසිය පවසයි.
අනතුරින් පසු බන්ධනාගාර බසයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර වෙනත් බසයක් ගෙන්වා රැදවියන් වාරියපොල බන්ධනාගාරය වෙත යැවූ බවද පොලීසිය සඳහන් කළේය.
තුවාලකරුවන් මහව රෝහලට ඇතුළු කිරීමෙන් පසු කුරුණෑගල රෝහලට මාරුකර යවා ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ බන්ධනාගාර බසුත් යන්නේ හරියට ටිපර් යනවා වගේ. මේවට යම් ක්රමවේදයක් හදාගන්න ඔන රට පුරා. එක්කෝ මේ වගේ ස්පීඩ් යන තැන් බලලා බම්පර් දාන්න ඔන. ( කහ ඉරි කිට්ටුවත් දන්න ඔන ) මොකද ස්පීඩ් ගියා කියලා වැඩිම වුනොත් විනාඩ් 5 - 10 වෙනස් වෙයි උපරිම. මේ නැතිවෙන ජීවිත ලොකු අපරාධයක්.