IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ලියාපදිංචි නොවූ විදේශ රැකියා ඒජන්සිකාරියට ලක්ෂයක් දඩ

(ටෝනි කරුණානායක)

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවී ව්‍යාජ විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන යාමේ චෝදනාවට වරදකරු වූ විත්තිකාරියකට මිනුවන්ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් මංගල වර්ණකුලසුරිය මහතා රුපියල් ලක්ෂයක දඩයක් නියම කළේය.

කුරුණැගල , මාස්පොත ප්‍රදේශයේ පදිංචිකාරියක් වන නිල්මිනි ප්‍රියංගිකා වීරසිංහ නැමැති විත්තිකාරියට මෙසේ දඬ නියම විය.

විත්තිකාරිය සංචාරක වීසා මගින් එක්සත් ආරාබි රටේ ගෘහ සේවිකාවන් ලෙස කාන්තාවන් දෙදෙනෙකු විදෙස් ගත් කිරීමට කටුනායක ගුවන් තොටුපලට පැමිණ සිටියදී විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් කටුනායක ගුවන් තොටුපලේදී 2017 දී අත්අඩංගුවට ගන්නා ලදී.

පසුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්  කර ඇප මත මුදා හැර තිබූ විත්තිකාරියට විරුද්ධව 23 වැනිදා මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ චෝදනා ගොනු කිරීමෙන් අනතුරුව වරද පිළිගැනීමෙන් පසු මෙසේ දඩ නියම කෙරිණි.



අදහස් (0)

ලියාපදිංචි නොවූ විදේශ රැකියා ඒජන්සිකාරියට ලක්ෂයක් දඩ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 72 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 350 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site