අල්ලස් චෝදනා එල්ල වූ විදේශ සේවා නිලධාරියා නිදහස්
විදේශ රැකියා නියෝජිත ආයතනයකට වාර්ෂික වෙළඳ බලපත්‍රය ලබාගැනීම සඳහා අවශ්‍ය සමත් වාර්තාව කඩිනමින් යැවීමට රුපියල් 5,000/- ක අල්ලසක් ඉල්ලා ලබා ගත් බවට චෝදනා ලැබ සිටි විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ස්ථාන බාර නිලධාරීවරයෙකු විත්ති වාචකය කැඳවීමකින් තොරවම කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා නිදොස් කොට නිදහස් කළේය.