ඉන්දිකා රාමනායක
ජනපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඝාතනය කිරිමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධියට අදාළව පැය 10කට ආසන්න කාලයක් ප්‍රශ්න කිරිමට ලක් වු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා මීට මද වේලාවකට පෙර අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවෙන් පිටව ගියේය.
නාලක සිල්වා මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හමුවේ අද (19) පෙනී සිටියේ දෙවැනි වරටය.
පොලිස් මධ්‍යම අවි ගබඩාවේ තිබු එල්.එම්.ජි. වර්ගයේ ගිනි අවි දෙකක් දින දෙකකට පිටතට රැගෙන යාම, ත්‍රස්ත විමර්ශන ඒකකයේ තිබු ස්නයිපර් වර්ගයේ ගිනි අවියක් අතුරුදන් වීම ඇතුළු සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී ප්‍රකාශ සටහන් කර ගැණිනි.
ඔහු නැවත තෙවැනි වරටත් සඳුදා (22) යළි කැඳවීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතුමාට නීතිය නැවෙනවා වගේ...
මම මුකුත්ම දන්නේ නැහැ. මට මතක නැහැ. ජනාධිපතිතුමාමයි කුමන්ත්‍රණය කෙරුවේ වගේ කතාද දන්නේ නැහැ මෙයා කිව්වේ..?
නිතිය කොහොමද දන්නේ නම් නැහැ එත්? මේකත් තවත් නාට්ටියක් වගේ, වරදක් කිරීම හෝ වරදක් කිරීමට ලෑස්ති උනානම් අහිංසක ගමේ මිනිහෙක් නම් එයා අද කොහෙද? සැරසුනේ රටේ ජනාධිපතිතුමාව ඝාතනයටනම් මෙයාලට මේ තරම් සැලකිලි මොකද?