(නිමල කොඩිතුවක්කු)
තමන්ට මරණීය තර්ජන ඇති බව ජාත්‍යන්තර වෙළඳ සහ ක්‍රමෝපාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් තමන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී අද (19) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුජීව සේනසිංහ මහතා මෙසේ ද කීවේය.
‘‘මට එල්ල වෙලා තියෙන චෝදනා සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් තියලා මම ප්‍රතිචාර දක්වපු දවසේ රාත්‍රීයේ මම කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ අගමැතිතුමාත් එක්ක උත්සවයකට සහභාගී වුණා. රාත්‍රී 10.00 ට විතර මට දුරකතන ඇමතුමක් ආවා. ඇන්ටන් දේශප්‍රිය කියලා මට කුනුහර්පෙන් බැන්නා. මරනවා කියලා මට තර්ජනය කලා. තත්පර 40ක් විතර බැන්නාට පස්සේ මම දුරකතනය විසන්ධි කලා.
මේ නම්බරය ගැන හොයලා බලන විට මම මේ නම්බරය මම මෙයට කලින් ඉතාලි බූරුවා කියලා සේව් කරගෙන තියෙනවා. මෙයට වසරකට පමණ කලින්තු මේ පුද්ගලයාම මට මරණීය තර්ජනය කළා. මිරිහාන පොලිසියේ මම මේ ගැන එවක පැමිණිල්ලක් කලා. මේ ගැන විමර්ශන කරන විට නලීන් බණ්ඩාර මහතාටත් මෙයට වසරකට පමණ පෙර මරණීය තර්ජනය කරලා තියෙනවා කියලා හෙළි වුණා.
අපිට එදා කෝල් කරලා තියෙන්නේත් ඇන්ටන් දේශප්‍රිය කියන මේ පුද්ගලයාමයි. මම මේ ගැන යළිත් පොලිස් මූලස්ථානයටත් පැමිණිල්ලක් ඉදිරිපත් කළා
මේ ගැන තොරතුරු ජාත්‍යන්තර පොලිසියට දාලා මේ අය ලංකාවට ගේන්න ඕනෑ. අපි බලාපොරොත්තු වෙනවා ඒ නීතිය මේ රටේ ක්‍රියාතමක වෙයි කියලා’’ යැයිද ඔහු එහිදි කියා සිටියේය.
ඡායාරූප - ගයාන් අමරසේකර


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාට මරණ තර්ජන කරන්නෙ කවුද? පිස්සෙක් වෙන්න ඇති...
කොළඹ සන්නියේද කොහේ තියෙන සින්දුවක් මතක් වුණා. මේවා දැකලා පණ යන තරමට මටම හිනා...
හොඳට හොයලා බලන්න ඔය නොම්මරය මානසික රෝහලකට අයත් එකක්ද කියලා... සිහි කල්පනාව තියන අය නම් මේ ඌරන්ට තර්ජනය කරන්න යන්නේ නැහැ.
ගහපු ගේම අතේ පත්තු වුණාට පස්සෙ මරණ තර්ජන කියල ගැලවෙන්නද හදන්නේ ඇමතිතුමා... හොඳයි අපි විශ්වාස කරන්නම්කෝ?
එහෙනම් ඔය රස්සාවෙන් අයින්වෙලා අපේ ගමට එන්න... හොඳ ආරක්ෂාකාරී රස්සාවක් දෙන්නම්... මෙහෙ පොල් ටික කඩාගන්නවත් කෙනෙක් හොයාගන්න නැතුවයි ඉන්නේ... හැබැයි ඩියුටි ෆ්‍රී කාර්, සිංගප්පුරුවේ සෞඛ්‍ය රක්ෂණ එහෙම නම් දෙන්නේ නැහැ.. දැනුමේ ප්‍රමානෙට වැඩ බලල තමයි පඩි ගෙවන්නේ. ඔන්න එනකොටම කිව්වා.
මේ වගේ අයට ඡන්දෙ දීපු හරක්ට දැන් හුඟක් සන්තෝස ඇති...
ශුවර් එකට පාතාලය සමග තිබුණු සම්බන්ධතාවක් බිඳ වැටෙන්න ඇති... නැත්නම් ගැරඩි මරලා පව්පුරෝගන්න තරම් මෝඩ මිනිස්සු ලංකාවේ නැහැ...
දැන් මරණ තර්ජන ෆන් එකක් වගේ. අනික මෙයාට මේ දවස්වල අමුතු ලෙඩ දුක් හැදිලා තියන්නේ. අැලෝසියස්ගෙන් මුදල් ගත්තු ලැයිස්තුව පිටවෙද්දී නිකම් හාර්ට් ඇටෑක් වගේ ආවලු... දැන් අලුත් කොමිස් කතාවක් ආරංචි වෙනකොට අම්මටත් ලෙඩ හැදුණාලු. මොකද්ද මේ වෙන්නේ?
දැන් හුඟදෙනෙක් හරක් මස් කන්නේ නැහැ...
ඵල ඇති රුකටලු ගල් ගහන්නේ ඇමතිතුමා පරිස්සමින්
ජාත්‍යන්තර පොලීසිය දාල අර්ජුන් මහේන්ද්‍රන්ව ගෙන්න ගත්තනං, ඔයා ඇතුළු ඔය සෙට් එකේම ලෙඩ රෝග සනීප වේවි.
හයියෝ පොඩි වැඩයි කරන්න තියෙන්නේ.
ඒක තමයි අපි කිව්වේ ලංකාවේ ගව ඝාතනය තහනම් කරන්න ඕනෑ කියලා. එතකොට මරණ තර්ජන කරා කියල භය වෙන්න දෙයක් නෑ.
කෙසෙල් වෙළෙන්ඳෙක් ඕක පිටිපස්සේ ඇති... ඔබතුමා පොඩ්ඩක් හොයලා බලන්න...
කවුරුහරි ඒ මරණ තර්ජනය කරපු එක්කෙනා හොයාගෙන මිනිහට සහතිකයක් දෙන්න වටිනවා කරන්න හදන වැඩේට. මොකද මේ ලංකාවේ වෙන අපරාධවලට, කොහෙන් හරි විසඳුමක් තිබිය යුතුය... ඔක්කොම කයිය තමයි.. ඔක්කොම එකතු වී රටේ මහජන මුදල් කෑවා හැර වෙන කරපු දෙයක් නැහැ.
අනුන්ට හොරා කියමින් දේශපාලනයට ආවා, අැලෝසියස්ගේ සල්ලි ගත්ත බව එළිවුණාම ටිකක් කට අඩුවුණා. දැන්වත් කට වහගෙන දන්නා දෙයක් කරගෙන ඉන්න.
අප්පච්චි පැරදුණු එකට දුකෙන් ඉන්න කෙනෙක් වෙන්න ඇති.., ඒ අය හුඟක් ඉන්නේ අසහනෙන් වගේ දැන්...
මට කියන්න දෙයක් නැහැ කට්ටිය හොදට කියල තියෙනවා
ඕව ගිහින් කොන්ඩේ බැදපු චින්නුට කියන්ඩ.....අය්යෝ කොහෙන් හිනාවෙන්නද මේවට............
අඩුතරමේ දන්නා විදිහට, කෙටි කතාවක් වත් ලිව්වා නම් අපිට රසවිඳින්න තිබුණා?
ඉතින් අපිට මොකෝ. අපි පන දීලා රැකගන්න ඕනේ ජාතික වස්තුවක් නොවෙයිනේ
පොඩි කාලේ අස්සයා පිටේ ගිය මෙයාට මිනිස්සු ඉරිසියාවේ කතා හදන්නේ ...
අපි මනාප දූන් ඔබවහන්සේගේ සියලූ කථා ඇත්ත මම..... ඵ්වා කියා පිළිගන්නවා තවත් පගා ගන්න ලබන සැරේ දිස්ත්‍රික්යේ වැඩිම මනාප ලාභියා ඔබයි.........
ගැරඬි මරලා කව්රුවත් පව් පුරවා ගන්නේ නෑ....