(හර්ෂණ තුෂාර සිල්වා)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතනය කිරීමට ඉන්දියාවේ ‘රෝ සංවිධානය’ උත්සාහ කරනවා යන ශීර්ෂයේ යටතේ ‘ද හින්දු’ පුවත්පතේ පළ වූ පුවත වෙනුවෙන් පෙනී සිටින බව ‘ද හින්දු’ පුවත්පතේ හිටපු කර්තෘ සහ ‘ද හින්දු ප්‍රකාශන සමූහය’ සමාගමේ සභාපති එන්. රාම් මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.
තම වාර්තාකරිනිය සහ ඇය වාර්තා කරන ලද පුවත වෙනුවෙන් පෙනි සිටින බව එන්. රාම් මහතා එම ට්විටර් පණිවුඩයේ සඳහන් කර තිබේ.
ඉන්දියාවේ ‘පර්යේෂණ හා විශ්ලේෂණ අංශය (රෝ සංවිධානය)’ තමන් ඝාතනය කිරීමට උත්සාහ කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අඟහරුවාදා (16) පැවැති කැබිනට් හමුවේදී පැවැසූ බව සඳහන් කරමින් ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත්පත වාර්තා කර තිබිණි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එවැන්නක් ප්‍රකාශ නොකළ බව සඳහන් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය මෙන්ම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ කාර්යලය සහ තවත් පාර්ශ්ව කිහිපයක් නිවේදන නිකුත් කළ අතර කැබිනට් මාධ්‍ය හමුවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා එම පුවත් වාර්තා අසත්‍ය යැයි අවධාරණයෙන් කීය.
‘ද හින්දු’ පුවත්පතේ හිටපු කර්තෘ සහ ‘ද හින්දු ප්‍රකාශන සමූහය’ සමාගමේ සභාපති එන්. රාම් මහතා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ මෙසේ සඳහන් වේ.
“අපේ ශ්‍රී ලංකා වාර්තාකාරිනිය තම පුවත වාර්තා කිරීමට පෙර ස්වාධීන තොරතුරු මූලාශ්‍ර කිහිපයකින්ම තමන් ලද තොරතුරු තහවුරු කරගෙන තිබෙනවා. ඔවුන්ට ඔවුන්ගේ ප්‍රතික්ෂේප කිරීම් කරන්නට ඉඩ දෙන්න. කරන ප්‍රකාශ නිසා දැන් පණුවෝ වගේ ඇඹරෙනවා. එහෙත් අපි අපේ වාර්තාකාරිනිය කරුණු සොයා බලා වාර්තා කරන ලද අතිශයින්ම නිවැරැදි පුවත වෙනුවෙන් පෙනි සිටිනවා”.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටක පාලකයින් පරිණත හා දූරදර්ශී වියයුතුයි. විශේෂයෙන්ම, බාහිර රටවල් සමග, සංවේදී රාජතාන්ත්‍රික කටයුතුවලදී ඉතාමත්ම සැලකිලිමත් විය යුතුයි. ගමේ ගොඩේ කඩ මණ්ඩියකදී කරන චෝදනා, වහසිබස් වගේ දේවල් නොකළ යුතුයි. මට පෙනෙන්නේ අපි හත් පොලේ ගාගත්තා වගෙයි.
රාජ්‍යතාන්ත්‍රික බවකින් තොරව පම්පෝරි ගැහුවා කට්ටියගේ අවධානය ගන්න... දැන් ගලේ පහරපු බළලා වගේ වහගන්න විදියක් නැතිව දඟලනවා. ඊළඟ පාරවත් රාජ්‍යයක් පාලනය කරන්න සුදුසු පුද්ගලයෙක්ව රටේ නායකයා කරන්න පක්ෂ භේදයකින් තොරව.
මහින්ද හොරා.. මහින්ද හොරා.. මහින්ද හොරා..
අනිවාර්යයෙන්ම සාමාන්‍ය පෙළවත් පාස් නැති අය මේ ප්‍රකාශන කරන්න ඇති...
දැන්නම් කොලේ ඉරාගෙන ඇඟේ හලාගෙන හත් පොලේම අතුල්ලා ගෙන වගේ පේන්නේ....
දේශපාලනය කියන්නේ විශිෂ්ඨ ක්‍රියාදාමයක්...කරන්න... කරවන්න... අට පාස් වෙලා බැහැ. අනේ මෙහෙම දේශපාලකයෝ..!!!
ලංකාවේ නම් මෙලහකට වෙන ලොවෙත් නැති කෙනෙක් මට්ටු කරලා කට්ටිය මාරුවෙයි .ද හින්දු’ පුවත්පතේ නායකයන්ගේ කොන්ද හොදට තියෙන්න බව පේනවා අපේ ලොක්කෝ හත් පොලේ ගාගෙන බවයි පෙන්නේ
දේශපාලනයට ඇවිල්ල එච්චර මෙච්චර කාලයක් කිව්වට වැඩක් නැහැ. කව්ද කිව්වා වගේ අගමැති වෙන්නේ නැතුව ජනාධිපති වුන නිසා අත්දැකීම් ඇත්තෙම නැහැ. කාලය වැඩක් නැහැ මොලයට වැටිලා නැත්නම්.
කාලා වරෙන්කො ඉතින් !
දැන් ප්රශ්නය තියෙන්නේ අපේ රටේ උගතුන් ගැන , ඒ කියන්නේ මහාචාර්යවරු සහ ජ්‍යෙෂ්ඨ ගුරුවරු රටට තමන්ගේ බුද්ධිය යොදවල රට ගොඩ නැගීමට දායක වෙනවද ? අතරමන් කරන්නේ ජනතාව . ලෝකයා ඉදිරියේත් ලාංකිකයන්ව හැල්ලු කරලා . අපිට එදා වේල නැතුව දුක් විදිනවා . පසුගිය යුගයේ රටට දායාද කලේ කාව හරි හූරන් කාපන් නියාය . හේතුව ඔවුන්ට හැමදාමත් බලයේ රැදීමට.