( ජයන්ත සමරකෝන්)
අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් උද්ඝෝෂණයට කුලුන මත නැගීමට පෙර සිරකුටිවල දොරගුළු කඩා බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකුටද පහරදී ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා පැවසීය.
රැදවියන් සිය දෙනකු පමණ අද උදෑසන 7 ට පමණ එහි කුලුනු මත නැග උද්ඝෝෂණයක් ඇරැඹු අතර බන්ධනාගාරය තුළ ට යොදවා ඇති පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් ඉවත් කරන ලෙස ඉල්ලමින් මෙම උද්ඝෝෂණය අරඹා තිබිණි.
මේ වන විටත් උද්ඝෝෂකයෝ උද්ඝෝෂණයේ නිරතව සිටින අතර එහි සිටින කාන්තා රැදවියන්ද ඔවුන්ට සහය ලබා දෙන තොරතුරු වාර්තා වී තිබේ.
බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනි තලතා අතුකෝරල මහත්මිය පැමිණ සිය ගැටළු වලට විසඳුම් ලබා දෙන තෙක් තමන් කුලුනෙන් නොබසින බව රැදවියෝ පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි රැඳවියන්ට පහර දී නැග සිටින ස්ථානවලින් බලෙන් බැස්සවිය යුතුයි.
හදන්න බැරිනම් කරන්න ඕනේ දේ පොලිස් විශේෂ කාර්ය බලකායට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. මේ තත්වය යලිත් ඇති නොවන්න එය පාලනය කරන්න පොලිස් විශේෂ කාර්ය බලකායට අවශ්‍ය නීතිමය බලය වහාම ලබා දෙන්න.
ඉන්න දෙතුන් දෙනෙක් ඔතනින් උඩටම ඇරියා නම් අනිත් අය බහීවි..
'සිරකරුවොත් මනුෂ්‍යයෝය' කියනවනෙ.. අනේ මන්දා...
වැරදි කරලා හිරේ ගිහින් එතනත් වැරදි කරන්න. තර්ජන.. ඉස්සර වගේ තෝරලා බේරල ඉවත් කරන්නේ නැතිව සහජීවනය ඕනැවට වඩා දුන්නාම ඔහොම තමයි. STF දැම්මාම මොකෝ වෙන්නේ. ඇයි හොර බඩු ඇතුළට ගෙනියගන්න බෑනේ.
රැඳවියන් මෙසේ කලේ මොකද කියලා බැලුවනම් නේද හොඳ?
බන්ධනාගාරය තුල සිටින්නේ නීති විරෝදී ක්‍රියාවල නියුතු වූ අය මිස නීති ගරුක අය නොවේ. ඔවුන්ට උවමනා විදියට නිතිය ක්‍රියාත්මක කරන්න ගියොත් රටේ හෝ ලෝකයේ නීතියක් නැතිව යයි. තදින්ම සිටින්න.
ඔන්න ඔහොම උඩටම වෙලා ඉන්න කියන්න , කෑම වතුර දෙන්න එපා , එතකොට නිකන්ම බහීවි , ඔය වගේ අපරාධ කාරයෝ රටට්ට බරක් , ඕක උඩ හාමතේ මැරිලා ගියත් රටට්ට පාඩුවක් නැත , පොලිස් විශේෂ කාර්ය බලකායේ පරික්ෂාව දිගටම කරන්න කියන්න . මේවා කරන්නේ ජෙලර්ලගේ අනුදැනුම ඇතිව , අන්න ඊයේ බන්ධනාගාරේ සහකාර පාලකවරයෙක් කුඩු තිප්පලක ඉඳල අහුවෙලා , ඉතින් තව කුමන කතාද ?
මොකද දන්නේ නැහැ මේ කාඩ්බෝඩ් චන්ඩි ටික එස්ටීඑෆ් එක බන්ධනාගාර සේවයට දානවට භය.
නිලධාරින්ට ගහන්න තරම් ලොකුකමක් තියනවනම් මොකද්ද එතන පාලනය.?