(රංජන් කස්තුරි)
රාජ්‍ය බැංකු අයත්වන්නේ රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍යාංශයට වන අතර ඒවා විසුරුවා හැරීමේ බලය ඇත්තේ විෂයභාර අමාත්‍යවරයා ලෙස තමාට යැයි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.
ජනාධිපතිවරයා තමාගෙන් ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ අධ්යක්ෂ මණ්ඩල ප්‍රතිසංවිධානය කරන ලෙස ඉල්ලීමක් කළ බවද එහෙත් තවමත් එම බැංකු දෙකේ අධ්යක්ෂ මණ්ඩල ක්‍රියාත්මක වන බවද කිරිඇල්ල මහතා කීය.
ජනාධිපතිවරයාගේ නිර්දේශ නම් ලබා ගෙන කලබලයකින් තොරව ලබන සතිය තුළ සුදුස්සන් තෝරා ගන්නා බව තමා ජනාධිපතිවරයාට පැවසූ බවද කිරිඇල්ල මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විෂයභාර ඇමැති ලෙස බලතල ඇත්තේ විධායක ජනාධිපති දෙනු ලබන නියෝග ක්‍රියාත්මක කිරීමට බව මෙයින් තවදුරටත් තහවුරු වේ.
අපේ ජනාධිපති හරියට කරපු එක වැඩක් කියන්න පුළුවන් නම්...
ලොක්කා නා ගන්නා නා ගැනිල්ලට ලඟදීම නිව්මෝනියාව හැදෙනවා ෂුවර් !
ජනාධිපතිවරයාගේ අලුත්ම ‘ඇන ගැනීම’ සමාන කළ හැක්කේ ටොම් ඇන්ඩ් ජෙරී කාටුන්වල දැක්වෙන මෝඩ බළල් තඩියාගේ ‘ඇන ගැනීම්’ වලටය. ඌ දිවයයි. කඳු මුදුනින් පසු ඇති හෙළ නොදැක කඳු මුදුන පසුකරලාත් දිවයයි. අවසානයේ ගුවනේ නිකම් දනිපනි ගාන බළල් තඩියා තමා ඉන්නේ හෙළක් උඩබව දැනගන්නේ පහත බැලීමෙන් පසුවය. අහෝ…! ඉන් පසුව ඌ හතර ගාතෙන් හෙළට ඇද වැටේ... මෝඩ ගමරාළ ජනාධිපතිගේ ‘ඇන ගැනීම්’ ද එවැනි ය.
ඒ වුණාට ඉතින් ඕනෑමනම් ඔයාව විසුරුවා හරින්න පුළුවන්නේ?
නියම ආකාරයට බැංකු අයත්විය යුත්තේ මහ බැකුවටනේද. බැලුවම බැංකු අයත්වෙලා තියෙන්නෙ මහනුවර සංවර්ධනයට. එහෙම නම් රටේ අනෙක් ජනතාව ඔවුන්ගේ සංවර්ධනයට අයත් බැංකු තෝරා ගැනීම හොඳයි එසේ නොකලොත් අමාරුවේ වැටෙන්න පුලුවන්
අමතක වුණාද විෂයභාර ඇමැති හා අගමැති ඉන්නේ ජනපති යටතේ කියලා... ඔන්න ඕක නිසා තමයි අපේ රටට විධායක ජනපති ධුරය අවැසි වන්නේ ...
ඔව් ඔව් කලබල වෙන්න අවශ්‍යතාවයක් නැ......
විද්‍යාත්මක ක්‍රමයකට සැදුම්ලත් අමාත්‍ය මණ්ඩලය දවසින් දවස ජන ජීවිත ජීවත් වීමේ අසීරු තත්වයකට පත්කරමින් සිටි.
පලයව් කෝ ගෙවල්වලට,.. දැන් ලොන් හැලෙන කාලේ, ලදරම් වෙනකල් ඉඳපල්ලා පාර්ලිමේන්තුවේම....
මෙයාද දැන් ජනාධිපති?
මට පරණ චිත්‍ර පටියක් මතක් වුනා....