පවතින සමාජීය ක්‍රමය හේතුවෙන් පාසල් දරුවන් පවා මානසික රෝගී තත්ත්වයට පත්ව ඇති බවත් එසේ නොවන්නට නම් ඒ පිළිබඳව ඔවුන්ට අධ්‍යාපනය ලබා දිය යුතු බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.
අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ දී පැවැති ජාතික මානසික සෞඛ්‍ය දිනය සැමරීමේ උත්සවය අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
බෝ නොවන රෝග යටතේ මානසික රෝගවලට සුවිශේෂි ස්ථානයක් හිමිවන බවත් වාණිජ කරණය, ආකල්ප වෙනස් වීම තුළ මෙවැනි සමාජමය ගැටළු ඇති වන නිසා පාසල් අධ්‍යාපනයේදී දරුවන්ට මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් දැනුම ලබා දිය යුතුව ඇතැයි පැවැසීය.
වර්තමානයේදී පාසල් දරුවන් තරගකාරී අධ්‍යාපන රටාවක නියැලෙන බවත් අතීතයේ දරුවන්ට තිබු සුන්දර ළමා විය දැන් දරුවන්ට නොමැති බවත් හෙතෙම කීවේය.
මෙවැනි මානසික ගැටළු සඳහා විසඳුම් කඩිනමින් ලබාදීමට වර්තමානයේ දියුණු ක්‍රම භාවිත කරන බවත් ඒ සඳහා ප්‍රාථමික සෞඛ්‍ය සේවාවත් දියුණූ කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශ්වීය සෞඛ්‍ය රැකවරණය ජනතාවට ලබාදෙන බවත් පැවසු අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ජන සමාජය තුළ මානසික රෝගී තත්ත්වයෙන් සිටින පිරිසට ආදරය , කරුණාව දැක්විය යුතු බවයි.


(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොටම ඉස්සෙල්ල මානසික ප්‍රතිකාර ලබාදිය යුත්තේ දියවන්නා 225 ට , හොරකම් කිරීමේ මානසික ප්‍රධාහය කියන රෝග ලක්ෂණයෙන් පටන්ගෙන වංචාව, දුෂණය , ළමා අපචාර , ස්ත්‍රී දුෂණය, මෙකි නොකී රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර කරන එක වඩාත් හොඳයි. රටේ අනිකුත් අයට තියන තත්වය තමා කම්බා හොරුන්ටම වටිනා ඡන්දය දීම.
මෙයා කියන ඔය මානසික රෝගයනං දැනට බෝවෙලා තියන්නේ මෙයා නියෝජන කරන දියවන්නා ඔයට... එතන තමයි මතක නැති, දන්නෙ නැති අය ඉන්නවා. ඒ නිසා එතන්ට මේ අධ්‍යාපනය දියයුතුයි. සමහරුන්ට හාර්ට් ඇටෑක් වගෙත් ආවලු.
මේක පටන් ගන්න ඕනේ මැතිවරණ අපේක්ෂකයන් පාර්ලිමෙන්ට් යන්න කලින්.