මධූෂ්ගේ ගෝලයා මරුදකී ඔරුවල වානේ සංස්ථාව අසළදී සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්ට වෙඩි තැබීමට උත්සහ කිරීමේදී පොලිස් වෙඩි පහරකින් බරපතල තුවාල ලබා සිටි රණසිංහ ආරච්චිලාගේ අසිත නොහොත් බණ්ඩා නැමැත්තා අද (18) කොළඹ ජාතික රෝහලේදී මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. 18 October 2018
ලබන මාසයේ තෙල් මිල අඩුවිය හැකියි - මුදල් ඇමැති ලෝක වෙළඳපළේ බොරතෙල් මිල ක්‍රමයෙන් අඩුවීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන හෙයින් ලබන මාසයේදී මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල ගණන් අඩුවිය හැකි යැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා කොළඹ එම අමාත්‍යංශයේ අද (18) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය. 18 October 2018
අමාත්‍යංශයේ නිර්දේශය පොලිස් කොමිසම විසි කරයි ආන්දෝලනයකට තුඩු දී ඇති කතරගම පොලිස් ස්ථානාධිපතිගේ ස්ථාන මාරුව සම්බන්ධයෙන් නීතිය හා සාමය අමාත්‍යංශය ඉදිරිපත් කළ නිර්දේශයක් ප්‍රතික්ෂේප කළ ජාතික පොලිස් කොමිෂන් සභාව එම ස්ථාන මාරුව පෙර පරිදිම ක්‍රියාත්මක කරන ලෙස අද නියෝග කළේය. 18 October 2018
රටේ තිබෙනවාට වඩා අධ්‍යාපන අවස්ථා බිහිකළ යුතුයි - මහාචාර්ය සම්පත් අමරතුංග වර්තමානයේ තිබෙනවාට වඩා වැඩියෙන් මෙරට තුළ අධ්‍යාපන අවස්ථා බිහි කළ යුතු යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා අද (18) පැවැසීය. 18 October 2018
මාධ්‍යයට වැරදි තොරතුරක් දුන් ඇමැතිවරු සොයා පරීක්ෂණයක් පැවැත්විය යුතුයි - මහින්ද සමරසිංහ රෝ ඔත්තු සේවය විසින් තමා ඝාතනය කිරීමට සැලසුම් කළ බවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී පැවසු බවට ‘ද හින්දු‘ පුවත්පතේ පළවූ පුවත තමන්ට ලබාදුන්නේ කැබිනට් මණ්ඩල නියෝජිතයින් සිව් දෙනෙකු බව එම පුවත්පතේ මෙරට මාධ්‍යවේදිනිය පවසා ඇති බැවින් එම සිව් දෙනා කවුරුන්ද යන්න සොයා වහාම පරීක්ෂණයක් පැවැත්විය යුතු බව වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය. 18 October 2018
පැය නවය හමාරකට පසු නාලක සිල්වා පිටව යයි - හෙට යළි කැඳවයි පැය නවය හමාරක් තිස්සේ ප්‍රකාශ ලබා දුන් ත්‍රස්ත විමර්ශන අංශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා මීට ටික වේලාවකට පෙර රහස් පොලිසියෙන් පිටව ගියේය. 18 October 2018
බැංකු ආයෝජන මණ්ඩලය විසුරුවා හැරීමට ගත් තීරණය ගැන සාකච්ඡාවකට සැරසෙයි ලංකා බැංකුව, මහජන බැංකුව සහ ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්යක්ෂ මණ්ඩල විසුරුවා හැරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ගත් තීරණය පිළිබඳ සාකච්ඡා කිරීම සදහා එක්සත් ජාතික පක්ෂයේ නියෝජිත පිරිසක් ජනාධිපතිවරයා මුණ ගැසිමට තීරණය කර තිබේ. 18 October 2018
ලෙබනන් ගිය කතක් ගැන තොරතුරු සොයයි ලෙබනන් රටෙහි රැකියාව සඳහා පිටත්ව ගොස් එහිදී කිසිදු තොරතුරක් නොමැති කාන්තාවක පිළිබඳව තොරතුරක් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජන සහාය පතයි. 18 October 2018
පොලිතින් ප්ලාස්ටික්වලට බද්දක් පනවන්නැයි රජයෙන් ඉල්ලයි පොලිතින් ප්ලාස්ටික් බෑග් අවම කිරීමේ නීති ශක්තිමත් කිරීම සඳහා බද්දක් පවන්නැයි පාරිසරික පදනම ජනාධිපතිවරයාට අගමැතිවරයාට හා මුදල් ඇමැතිවරයාට යෝජනා කර ඇත. 18 October 2018
‘15 කණ්ඩායමේ ඉල්ලීම වාර්තාවට එකතු කළා’ ජාතික ආණ්ඩුවෙන් ඉවත් වන්නැයි ඉල්ලා 15 දෙනාගේ කණ්ඩායම විසින් පසුගිය මධ්‍යම කාරක සභා රැස්වීමට එවන ලද ලිපියක් වාර්තාවට එකතු කරගත් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය. 18 October 2018
බාලවයස්කාර දැරියක් නිවසට රැගෙන ආවැයි අම්මා පුතාව පොලිසි ගෙනයයි දැරියක් හා මිතුරුකමක් ඇති කරගෙන දින හතරක් වැනි සුළු කාලයකදී ඇය මාපිය රැකවරණයෙන් ඉවත්කර ගෙන ගොස් අපහරණය කළ 18 හැවිරිදි තරුණයෙක් සැකපිට අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලීසිය පවසයි. මෙම දැරිය 14 වැනි වියේ පසුවන්නියකි. 18 October 2018
පැය 7ක් තිස්සේ නාලක සිල්වාගෙන් ප්‍රශ්න කරයි අද උදෑසන රහස් පොලිසිය හමුවේ පෙනී සිටි ත්‍රස්ත විමර්ශන අංශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගෙන් රහස් පොලිසිය පැය හතක් තිස්සේ ප්‍රශ්න කරමින් සිටියි. 18 October 2018
සබරගමු සරසවි සිසුහු පුස්තකාල-විද්‍යාගාර ගොඩනැගිලි ඉල්ලති අධ්‍යාපනයේ පුස්තකාල විද්‍යාගාර ගොඩනැගිලි සඳහා වහා ප්‍රතිපාදන වෙන්කරන ලෙස ඉල්ලමින් සබරගමුව විශ්ව විද්‍යාලයේ සරසවි සිසුහු අද (18) බදුල්ල නගරයේ දී ජනතාව දැනුවත් කරමින් අස්සන් ලබා ගැනීමේ ව්‍යාපාරයක නිරතවුහ. 18 October 2018
පාර්ලිමේන්තුවේ ආහාර සැපයීම ගැන යළි විපරමකට කතානායකගෙන් උපදෙස් පාර්ලිමේන්තුවේ ආහාර සැපයීමේ ක්‍රියාවලිය නැවත පුර්ණ පරීක්ෂාවට ලක් කරන්නැයි කතානායක කරු ජයසුරිය මහතා එහි අදාළ නිලධාරීන්ට අද (18) උපදෙස් දී ඇත. 18 October 2018
‘සංචාරක කර්මාන්තය මෙරට ආර්ථිකයේ ඉහළට ගන්නවා‘ සංචාරක කර්මාන්තය මෙරට ආර්ථිකයේ ප්‍රමුඛතම අංශයක් බවට පත් කිරීමට කටයුතු කරන බවත් ඒ සදහා අවශ්‍ය සැළසුම් ක්‍රියාත්මක බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ දී පැවසීය. 18 October 2018
නාරාහේන්පිට හිටපු පොලිස් ස්ථානාධිපතිවරුන්ට එරෙහි නඩු විභාගය ඇරඹෙයි වෛද්‍යවරයෙකුගෙන් රුපියල් ලක්ෂ 80 ක අල්ලසක් ඉල්ලා ඉන් ලක්ෂ 25ක් ලබාගත් බවට චෝදනා ලැබ සිටි නාරාහේන්පිට පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා සහ එහි අපරාධ විමර්ශන අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා තමන්ට එරෙහි සියලුම චෝදනාවන්ට තමන් නිවැරදිකරුවන් බව කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා හමුවේ අද (18) පැවසුහ. 18 October 2018
නැගෙනහිර පර්යන්තය බදු දෙන්නේ නැතැයි වරාය ඇමැති කියයි කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරියට අත්‍යාවශ්‍ය එකක් බවත්, එය ඉන්දියාවට හෝ වෙනත් කිසිඳු රටකට ලබාදීමෙන් වරාය අධිකාරියේ පැවැත්ම පිළිබඳ ගැටලූ ඇතිවිය හැකි බවත් වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය. 18 October 2018
‘ඉන්දු ශ්‍රී ලංකා රාජ්‍ය නායකයින් විරසක කරන සැලැස්මක් තියෙනවා‘ ඉන්දියානු ‘රෝ‘ ඔත්තු සේවය මගින් ජනාධිපතිවරයා ඝාතනය කිරීමට සැරැසෙන බවට පළ වු පුවත හා කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට බදු දීමට යන සිද්ධියත් ජනාධිපතිවරයාට එරෙහිව අගමැතිවරයා ඇතුළු එජාපය ගෙන යන සැලැස්මක ප්‍රථිපලයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා පැවසීය. 18 October 2018
‘ජපානය වගේ සංවර්ධන කළා නම් අද අපි සුරපුරයක් වැනි රටක’ ‘නිදහස ලබාගන්නා විට අපේ රටත් ජපානයත් අතර තිබුණේ එක ඩොලරයක ආදායම් වෙනසක්. පසුගියදා අපි සැමරුවේ 70 වැනි නිදහස් සමරුව. අද අපි කොහෙද ජපානය කොහෙද අපේ රට ඒ විදියට අපත් සංවර්ධනය කළා නම් අද අපි ජීවත් වෙන්නේ සුරපුරයක් වැනි රටක’ යැයි කතානායක කරු ජයසුරිය මහතා පැවසීය. 18 October 2018
අගමැති ඉන්දියාවේ සංචාරයක ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනය පරිදි , අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (18) දෙදින නිල සංචාරයක් සදහා ඉන්දියාවේ නව දිල්ලි නුවර බලා පිටත්ව ගියේය . 18 October 2018
මහාචාර්ය අමරා රණතුංගට අවසන් ගෞරව අභාවප්‍රාප්ත ප්‍රවීණ සංගීතවේදීනි, මහාචාර්ය අමරා රණතුංග මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අද (18) සවස 3.00 දක්වා කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ තැන්පත් කර තිබේ. 18 October 2018
පාදුක්කේ ’හයිබ්‍රිඩ් සුද්දා’ අත්අඩංගුවට පාදුක්ක අංගම්පිටිය මැටිඔළුව ප්‍රදේශයේ නිවසක තිබී රුපියල් මිලියන 13 ක් පමණ වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 1100 ක ප්‍රමාණයක් සමඟ හයිබ්‍රිඩ් සුද්දා නැමැති සැකකරු අද (18) සැකපිට අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි. 18 October 2018
‘රාජපක්ෂ රජය ගත් ණය චණ්ඩිපාට් දමා නොගෙවා සිටීමට නොහැකියි‘ හිස් සංවර්ධන ව්‍යාපෘති සදහා රාජපක්ෂ රජය ගත් ණය මුදල් මැද මුලනේ චණ්ඩි පාට් දාමා නොගෙවා සිටීමට වත්මන් රජයට හැකියාවක් නොමැති බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් මරික්කාර් මහතා කොළඹදී අද(18) පැවසීය. 18 October 2018
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සබඳතා ශක්තිමත් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති සබඳතා ඉතාමත් ශක්තිමත් බවද, එම සබඳතා බුද්ධි තොරතුරු හුවමාරු කරගැනීමද ඇතුළු බහුවිධ ක්ෂේත්‍ර ආවරණය කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. 18 October 2018
තංගල්ලේ වාහන සේදුම් ආයතන හිමිකරු ඝාතන සිද්ධියට දෙදෙනෙක් අත්අඩංගුවට පුද්ගල ඝාතනයක් සිදුකිරීමට ආධාර අනුබල දීම හා ඝාතනය කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් සැකපිට සැකකරුවන් දෙදෙනෙක් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් අද(18) අත්අඩංගුවට ගත්තේය. 18 October 2018
විදෙස් දූත මණ්ඩල නැගී එන වෙළෙඳපොල සොයයි නැගී එන වෙළෙඳපොළ සහිත රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල 10 ක් මගින් මෙරටට ආර්ථීක වාසි ලබාගැනීම සඳහා ඉලක්කගත වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන ඇත. 18 October 2018
පශු සම්පත් ලොක්කා ඇතුළු ගණකාධිකාරිවරයා 23 තෙක් යළි රිමාන්ඩ් මැල්සිරිපුර සාම ආයතනයේ ආපනශාලාව පවත්වාගෙන යාම සඳහා අනුමැතිය ලබාදීමට රුපියල් ලක්ෂ 12 ක අල්ලස් ඉල්ලා ඉන් රුපියල් ලක්ෂ 6 ක් ලබා ගැනීමට සුදානම් වු බව කියන පශු සම්පත් මණ්ඩලයේ සභාපති ඇතුළු ඔහුගේ ගණකාධිකාරිවරයා ලබන 23 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (18) නියෝග කළේය. 18 October 2018
ධාවනය වු ලොරියක් නවතා තිබු ට්‍රැක්ටරයක ගැටී අයෙක් මරුට: 4 ක් රෝහලට යාපනය- මහනුවර ඒ නවය මාර්ගයේ පුලියංකුලම ප්‍රදේශයේදී මාර්ගයේ ධාවනයවූ ලොරි රථයක් නවතා තිබූ ට්‍රැක්ටරයක ගැටී අද (18) සිදු වු අනතුරකින් පුද්ගලයකු මියගොස් තවත් සිව්දෙනකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි පුලියංකුලම පොලිසිය පවසයි. 18 October 2018
ජොන්ස්ටන්ගේ තීන්දුවට එරෙහිව නීතිපතිගෙන් ඇපෑලක් සතොස මුදල් අවභාවිත කළැයි චෝදනාවකට ලක්ව සිටින කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනකු නිදොස් කොට නිදහස් කරමින් දුන් තීන්දුවට එරෙහිව නීතිපතිවරයා විසින් අභියාචනාධිකරණය හමුවේ ළඟදීම අභියාචනයක් ගොනු කරන බව නීතිපති ආරංචි මාර්ග සදහන් කර සිටී. 18 October 2018
සයිටම් තීන්දුව අපහාසයට ලක් කළැයි ගොනු කළ පෙත්සම විභාගයට මාළබේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් දෙන ලද නඩු තීන්දුව අපහාසාත්මකව විවේචනය කිරීමෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය අධිකරණයට අපාහාසයක් සිදු කරන ලදැයි කියමින් ගොනු කළ පෙත්සම් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (18) තීන්දු කළේය. 18 October 2018
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026