‘‘සිරිලිය සවිය‘‘ ට දුන් ඩිෆෙන්ඩරය ගැන වාර්තාවක් දෙන්නැයි රස පරික්ෂකට නියෝග මියගිය රගර් කී‍්‍රඩක මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ ඝාතන සිද්ධියට අදාළ නඩුවේ නඩු භාණ්ඩයක් වූ ”සිරිලිය සවිය” වැඩසටහනට ලබාදී තිබූ ඩිෆෙන්ඩර් රථයේ මානව ජෛව කොටස් , වෙඩි ද්‍රව්‍ය සහ ඇඳුම් කොටස් අන්තර්ගත වී ඇත්දැයි යන්න සම්බන්ධයෙන් පරීක්ෂා කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා රජයේ රස පරීක්ෂකවරයා වෙත අද (19) නියෝග කළේය. 19 October 2018
නොගෙවූ ණය පෙන්වාදීම ගැන සරසවි ආචාර්යවරු කිපෙති උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ලැබ විදේශ ගතවු විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් ණය නොගෙවන හොරුන් ලෙස හුවා දක්වමින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ගත් පියවර සදාචාර විරෝධී ක්‍රියාවක්යැයි විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ වැඩබලන ලේකම් ආචාර්ය අතුල සමරකෝන් මහතා කොළඹ දී අද (19) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය. 19 October 2018
‘‘රණවිරුවා වෙනුවෙන් අතපසුවුණු වැඩ කොටස් රැසක් මේ රජය ඉටු කළා‘‘ රණවිරුවා වෙනුවෙන් ගිය රජයට අතපසුවුණු වැඩ කොටස් රැසක් මේ රජය ඉටු කළ බව ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා පැවැසීය. 19 October 2018
ජීවිතයට ආදරය කරන්නේ නම් සොබාදහමට ආදරය කරන්න ජීවිතයට ආදරය කරන්නේ නම් සොබා දහමට ආදරය කරන්නැයි ද සොබා සම්පත් සුරකින්නැයි ද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සියලූ පුරවැසියන් ගෙන් ඉල්ලා සිටියේය. 19 October 2018
සරසවි සිසුන්ගේ පාගමනට පොලිසියෙන් කඳුළු ගෑස් අග්නිදිග සරසවි සිසුන්ගේ පා ගමනක් හේතුවෙන් කොළඹ නගර ශාලාව (ටවුන් හෝල්) අවට මාර්ගයන්හි දැඩි වාහන තදබදයක් පවතී. 19 October 2018
බෑග් මිලියන 40 ක් මාස්පතා මහපොළොවට සුපිරි වෙළෙඳසැල් ඇතුළු වෙළඳ සැල්වලින් මසකට කෝටි හතරකට අධික පොලිතින් බෑග් ප්‍රමාණයක් නොමිලේ නිකුත් කෙරෙන බව හෙළිවී තිබේ. 19 October 2018
අගමැති රාහුල් ගාන්ධි හමුවෙයි ඉන්දීය සාගරයේ නිදහස් නාවික ගමනාගමනය තහවුරු කරලීම සඳහා ශ්‍රී ලංකාව ආරම්භ කර ඇති වැඩ සැලැස්ම පිළිබඳව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය ජාතික කොංග්‍රසයේ සභාපති රාහුල් ගාන්ධි මහතා අතර අද (19) නවදිල්ලි නුවර ටාජ් හෝටලයේ පැවති සාකච්ඡාවේ දී අවධානය යොමු කෙරිණි. 19 October 2018
ආයෝජන මණ්ඩලය ගැන මලික්ගෙන් නිවේදනයක් ශ්‍රීලංකා ආයෝජන මණ්ඩලයේ අධ්යක්ෂ මණ්ඩලය අතිශය ගෞරවාන්විත වෘත්තිකයන්ගෙන් සැදුම්ලත් පූර්ණ වගකීමකින් හා අවංකභාවයකින් කටයුතු කරන බවට තමාට විශ්වාස යැයි සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 19 October 2018
‘ රැකියා නොදී තරුණයින් රැවටු ආණ්ඩුවලට පාඩමක් උගන්වනවා‘ සම්මුඛ පරීක්ෂණ දෙක දෙක පවත්වා අහෝසි කළ පත්වීම්, නැවත ලබා නොදුන්නොත් සමස්ත තරුණ බලවේගයම සමඟ පාරට බැස තරුණයින්ට සෙල්ලම් දාන ආණ්ඩුවලට පාඩමක් උගන්වන්න තම සංවිධානය සූදානම් යැයි සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා අද (19) පැවසීය. 19 October 2018
උකුවෙල ප්‍රා. සභාවේ පොහොට්ටුවේ මන්ත්‍රී රිමාන්ඩ් උකුවෙල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රදේශීය සභා මන්ත්‍රිවරයකු විසින් වයස අවුරුදු 14 ක පාසල් සිසුවෙකු අපයෝජනය කළැයි කියන සිද්ධියට සම්බන්ධ සැකකාර මන්ත්‍රීවරයා ලබන 31 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාතලේ වැඩබලන මහේස්ත්‍රාත් සිරිල් විමලසේන මහතා අද (19) නියෝග කළේය. 19 October 2018
උතුරේ නිවාස හදන චීන - ශ්‍රී ලංකා ගිවිසුම ඉවතට උතුරු හා නැගෙනහිර පළාත්වල නිවාස ඉදි කිරීම සඳහා චීනය සමඟ ගිවිසුමක් අත්සන් කිරීමට ගත් තීරණය ඉවත් කරගැනීමට ශ්‍රී ලංකා රජය පියවර ගෙන ඇත. 19 October 2018
මාවනැල්ල ශ්‍රීලනිප ආසන සංවිධායක රිමාන්ඩ් අත්අඩංගුවට ගත් මාවනැල්ල ශ්‍රිලනිප ආසන සංවිධායක මොහොමඩ් ඉම්තියාස් කාදර් මහතා නොවැම්බර් 2 වැනි දා දක්වා රිමාන්ඩ් කිරීමට කෑගල්ල මහේස්ත්‍රාත් චාමර වික්‍රමනායක මහතා අද (19) නියෝග කළේය. 19 October 2018
සුරාබදු පනත යටතේ නඩු පැවරීමට පොලීසියට බාධාවක් නෑ සුරා බදු පනත යටතේ පොලීසිය විසින් ඉදිරිපත් කර විභාග කිරීම අත්හිටුවා තිබූ සුරා බදු නඩු කිහිපයක් අද (19) කැඳවූ තංගල්ල දිසා මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු ලිලාන් වරුසවිතාන මහතා පොලීසියට සුරාබදු පනත යටතේ අධිකරණයේ නඩු පැවරීමට බාධාවක් නැති බව ප්‍රකාශ කළේය. 19 October 2018
විජයකලාට එරෙහි නඩුව කල් යයි කොටි සංවිධානය යළි නඟා සිටුවිය යුතු යැයි යාපනයේදී ප්‍රකාශයක් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වන් මහත්මියට එරෙහි නඩුව ලබන දෙසැම්බර් 07 වැනිදා තෙක් කල් තැබීමට අද (19) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය. 19 October 2018
අද රාත්‍රියේ සිට දෙදිනක් පුරා තද වැසි දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (19) රාත්‍රියේ සිට දෙදිනක් පුරා තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 19 October 2018
ලලිත් කොතලාවලට එරෙහි නඩුව ලබන වසරට කල් යයි සෙලින්කෝ ව්‍යාපාරයේ හිටපු අධිපති ලලිත් කොතලාවල මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහි චෝදනා හැකි ඉක්මනින් අවසන් කර ගැනීම පිළිබඳ නීතීපතිවරයා සමඟ කරන සාකච්ඡා අවසන් අදියරට පැමිණ ඇති හෙයින් මෙම නඩුවේ විභාගය ලබන වසරේ ජනවාරි 22 දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා අද (19) නියෝග කළේය. 19 October 2018
බස් රියේ සඟවා මත්පෙති රැගෙන ආ දෙදෙනෙක් අත්අඩංගුවට යාපනය සිට ත්‍රිකුණාමලය දක්වා පෞද්ගලික බස්රථයක් තුළ සඟවා මත්පෙති රැගෙන යමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අද (19) අලුයම වවුනියාව ඕමන්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව ඕමන්ත පොලිසිය කියයි. 19 October 2018
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අත්අඩංගුවට ගැනීමට කරුණු ඇතැයි රහස් පොලීසිය කියයි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවින්ද්‍ර විජේගුණවර්ධන මහතා ඉදිරි සතිය තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට ලිපි සකස් කර ඇතැයි එම දෙපාර්තමේන්තුව අද (19) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය හමුවේ ප්‍රකාශ කළේය. 19 October 2018
ව්‍යාපාරිකයා ඝාතනය කළැයි දෙදෙනෙකුට මරණ දඬුවම් සපත්තු ව්‍යාපාරයක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලකදී ව්‍යාපාරිකයාට පිහියෙන් ඇන ගෙල සිර කර මරා දැමීයැයි චෝදනාවකට වරදකරුවන් වූ පුද්ගලයින් දෙදෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (19) මරණ දඩුවම් නියම කළේය. 19 October 2018
කොළඹ ප්‍රදේශ කිහිපයක පැය 17 ක ජල කප්පාදුවක් ජල නල අලුත්වැඩියාවක් හේතුවෙන් අද(19) දහවල් 12 සිට පැය 17 ක කාලයක් කොළඹ අවට ප්‍රදේශ කිහිපයක ජලය අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. 19 October 2018
මන්නාරම් ගුවන් පථය ආසන්නයේ වළ දමා තිබූ කොටි ආයුධ තොගයක් හමුවෙයි මන්නාරම, තල්ලඩි ප්‍රදේශයේ පිහිටි ගුවන් හමුදාවට අයත් ගුවන් පථය ආසන්න ප්‍රදේශයේ වළ දමා තිබූ කොටි සංවිධානයට අයත් බෝම්බ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගත් බව මන්නාරම පොලීසිය පවසයි. 19 October 2018
ශ්‍රී ලාංකික සිසුවා ත්‍රස්ත චෝදනාවෙන් නිදහස් අයි එස් ත්රස්තවාදීන්ට සම්බන්ධ බවට චෝදනා ගොනු කරමින් ඕස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික සිසුවකු වන මොහොමඩ් කමාර් නිසාම්ඩීන් ත්‍රස්ත චෝදනාවෙන් නිදහස් කිරීමට ඕස්ට්‍රේලියානු පොලීසිය කටයුතු කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. 19 October 2018
ඉන්ධන මිල සූත්‍රය එළියට ඉන්ධන මිල දිනෙන් දින ඉහළ යද්දී රජය විසින් නිරන්තරයෙන් පවසන ’මිල සූත්‍රය’ කුමක්ද යන්න මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් හෙළිදරව් කරන ලදි. ඉන්ධන ලීටරයක උපරිම සිල්ලර මිල තීරණය කරන සූත්‍රය සකස් කර ඇත්තේ මෙලෙසිනි. 19 October 2018
ගලහ රෝහලේ සිද්ධියට තවත් දෙදෙනෙක් අත්අඩංගුවට ගලහ රෝහලට පහර දී අලාභ හානි සිදු කිරීම සම්බන්ධව තවත් සැකකරුවන් දෙදෙනෙකු අද (19) උදෑසන ගලහ පොලිසියේ නිලධාරී කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත. 19 October 2018
ගෝඨාගේ නඩුව නොවැම්බර් 9 ට කල් යයි ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේ දී රුපියල් මිලියන 49 ක් අවභාවිතා කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පැවති නඩුව නොවැම්බර් 9 වැනි දා දක්වා අද (19) කල් තැබිණි. 19 October 2018
නාලක අත්අඩංගුවට ගෙන පරීක්ෂණ කළ යුතුයි ජනාධිපති ඝාතන තැත පිළිබඳ සිද්ධියේදී සිදුවිය යුතුව තිබුණේ නියෝජ්‍ය පොලිස්පතිවරයා අත්අඩංගුවට ගෙන පරීක්ෂණ ආරම්භ කිරීම වුවත් මේ වනතුරුත් එය සිදුවී නැතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (18) ප්‍රකාශ කළේය. 19 October 2018
නාලක දෙවැනි දිනටත් සීඅයිඩීයට ජනපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අද (19) දෙවැනි දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය. 19 October 2018
ගෝඨා ත්‍රිපුද්ගල මහාධිකරණයට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයට පැමිණියේය. 19 October 2018
අධ්යක්ෂ මණ්ඩල ඉවත් කිරීම ගැන මත ගැටුම් මහජන බැංකුව, ලංකා බැංකුව සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යන ආයතනවල සභාපතිවරුන් හා අධ්යක්ෂ මණ්ඩල සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්වකරුවන් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය අතර අර්බුදකාරී තත්ත්වයක් හටගෙන තිබේ. 18 October 2018
ආයෝජන මණ්ඩල අධ්යක්ෂ ජනරාල් ධූරයෙන් ඉවතට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්යක්ෂ ජනරාල් දුමින්ද ආරියසිංහ මහතා අද (18) එම තනතුරින් ඉවත් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 18 October 2018
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026