(මනෝප්‍රිය ගුණසේකර)
සපත්තු ව්‍යාපාරයක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලකදී ව්‍යාපාරිකයාට පිහියෙන් ඇන ගෙල සිර කර මරා දැමීයැයි චෝදනාවකට වරදකරුවන් වූ පුද්ගලයින් දෙදෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (19) මරණ දඩුවම් නියම කළේය.
මෙලෙස මරණ දඬුවම් නියම වූයේ මල්ලවආරච්චිගේ ජයතිස්ස සහ බී.එල් ප්‍රදීප් කුමාර නැමැත්තන්ටය .
2008 වසරේ නොවැම්බර් 11 වැනිදා වැලිකඩ ප්‍රදේශයේදී රාජා ආනන්ද එදිරිසිංහ නැමැති සපත්තු ව්‍යාපාරිකයා මරා දැමී යැයි විත්තිකරුවන්ට එරෙහිව තිබූ චෝදනා පැමිණිලිකරු විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා ඔවුන්ට මෙලෙස මරණ දඬුවම් නියම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිළිගත් අධිකරණයකින් මරණ දඬුවම පනවන්නේනම් එය ක්‍රියාත්මක කිරීම රජයක වගකීම. මරණ දඬුවමට ලක් වන්නන් බන්ධනාගාරය තුළ සිට ඉතා දරුණු සමාජ විරෝධී ක්‍රියා සිදු කරනවා. මරණ දඬුවම ක්‍රියාත්මක නොකිරීම විධායකය විසින් අධිකරණයට කරන අපහාසයක් සේ සැලකිය යුතුයි.