(නිමන්ති රණසිංහ)
කොටි සංවිධානය යළි නඟා සිටුවිය යුතු යැයි යාපනයේදී ප්‍රකාශයක් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වන් මහත්මියට එරෙහි නඩුව ලබන දෙසැම්බර් 07 වැනිදා තෙක් කල් තැබීමට අද (19) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය.
රාජ්‍ය අමාත්‍යවරිය අද අධිකරණයේ පෙනී සිටි අතර පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය මෙම නඩුව සම්බන්ධ නීතීපති උපදෙස් ගොනු නීතිපතිවරයාට ගොනු කර ඇති බැවින් නඩුව දෙසැම්බර් 07 වැනිදා කැඳවන ලෙස කළ ඉල්ලීමක් මත මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම යං , ඔහොම යං .