(රංජන් කස්තුරි)
මහජන බැංකුව, ලංකා බැංකුව සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යන අයතනවල සභාපතිවරුන් හා අධ්යක්ෂ මණ්ඩල සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්වකරුවන් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය අතර අර්බුදකාරී තත්ත්වයක් හටගෙන තිබේ.
එම රාජ්‍ය ආයතනවල අධ්යක්ෂ මණ්ඩල විසුරුවා හැරි බවට ඊයේ (17) ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළද අද (18) රාත්‍රීය වන තුරු ඒවායේ සභාපතිවරුන් හා අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින් ඉවත්වීමක් හෝ ඉල්ලා අස්වීමක් හෝ සිදු නොවූ බව වාර්තා වේ.
මහජන බැංකුව සහ ලංකා බැංකුව ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයාට අයත් රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍යාංශයට අයත්වන අතර ශ්‍රී ලංකා අයෝජන මණ්ඩලය අයත්වන්නේ සංවර්ධන ක්‍රමෝපාය හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශයටය.
එම ආයතනවලට සභාපතිවරුන් හා අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින් පත්කර ඇත්තේ එම විශයභාර ඇමතිවරුන් වන අතර ආණ්ඩුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කළේ ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයා හෝ මලික් සමරවික්‍රම ඇමතිවරයා හෝ සභාපතිවරුන්ට හෝ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින්ට ඉල්ලා අස්වන ලෙස දැනුම් දීමක් අද පස්වරුවේ වන විටත් නොතිබු බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රධාන පක්ශ දෙකක් ආණ්ඩු කරන එක මේ රටට හරියන්නේ නෑ. මේකෙන් රටේ ආර්ථීකය තමයි විනශ වෙන්නේ. මොකද අස්ථාවර රජයක් සහ බොහෝ දුරට ඊලග ඡන්දයකදී අවධානමක සිටින පක්ශ දෙකක් ඉන්න කොට පිට රට ව්‍යාපාර තියා දේශිය ව්‍යාපාරවත් අලුතෙන් පටන් ගන්නෙ නැ. තියෙන ඒවත් වැහෙනවා මිසක්.
මණ්ඩලේ කචල්. අපිටනම් මුල ආණ්ඩුවම කචල්.
පොඩ්ඩක් ඉවසගෙන ඉන්න තව සති 50 යි තිබෙන්නේ .
මේ යනවිදියට අස්වෙන්ට වෙන්නේ ජනාධිපතිට තමා. කිසිම සාමුහික වගකීමක් නැතිව තීරණ ගත්තම මේ වගේ ප්‍රශ්න ඇතිවෙනවා.
අගමැති තනතුරේ අත්දැකීම් නොමැතිව එක්වරම ජනාධිපති පුටුවට පත්විය. එබැවින් එතුමාගේ ඇතැම් තීන්දු තීරණ මතභේදාත්මක තාවයක් ගෙනහැර පෑවේය. එතුමා කොතරම් හොඳ කෙනෙකු වුවද මෙවැනි තීන්දු තීරණ රටට කෙතරම් ප්‍රගතියක් ඇතිකරන්නේදැයි අපහට ඇත්තේ බලවත් ගැටලුවකි.
අනා ගන්න එකෙත් සීමාවක් නැහැ, අඩුම තරමේ ඒ විෂය භාර අමාත්‍යවරයාව කැදවලා අධ්‍යක්ෂක මණ්ඩලයට ඉල්ලා අස්වෙන්න කියන ලෙස උපදෙස් දිය යුතුව තිබෙනවා. එසේ නැත්නම් අමාත්‍යංශ තමන් යටතට පවාරාගෙන අධ්‍යක්ෂක මණ්ඩලයට ඉවත් වෙන්න කියන්න ඕනා.දැන් මොකද වෙලා තියෙන්නේ ජනාධිපති අයින් වෙන්න කියනවා ඇමති ඉන්න කියනවා රටටම විහිළු සපයනවා.
අර මහින්ද මහත්තය සවි කරපු සැලූන් දොර තාම ගලවලා නැහැ වගේ. මේ ආණ්ඩුව තුළ තනතුරුවලින් අයින් කරනවා, අයින් වෙනවා, ආපහු පත්වෙනවා.
තමන්ගෙ තටු කපාගෙන දැන් වලිගයෙන් ඉගිලෙන්න හදනව ඔබතුමන්ට තෙරෙනවද දැන්වත් 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිව රූකඩයක් කලබව අහෝ ඔබට කාගේ සරණක්ද ? ප්‍රබල ඇමැති කම් ගණනාවක් දරල ඔබතුමා ගොඩනගාගත් ප්‍රතිරූපය මේ දිගෙන් බින්දුවටම බස්සගත්ත නේද?