විනීතා එම් ගමගේ
ජීවිතයට ආදරය කරන්නේ නම් සොබා දහමට ආදරය කරන්නැයි ද සොබා සම්පත් සුරකින්නැයි ද ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සියලූ පුරවැසියන් ගෙන් ඉල්ලා සිටියේය.
සෑම සුබ කටයුත්තකදී ම පැලයක් සිටුවන්නට කටයුතු කරන්නැයි පාසැල් දරුවන් ගෙන් මෙන්ම වැඩිහිටියන් ගෙන් ඉල්ලා සිටින බව ද ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේය.
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මේ අදහස් පළ කළේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ අද (19) පැවැති ජනාධිපති පරිසර සම්මාන ප‍්‍රදානෝත්සවයේ දී අදහස් දක්වමිනි.
එහි දී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේ ද පැවැසීය.
‘‘මේ නීල හරිත යුගයක් ගැන කතා කරන මොහොතක්. මෙතැනදිත් නීල හරිත යුගයක් වෙනුවෙන් වැඩ සටහන් රාශියක් කෙරෙනවා. ජනාධිපති පරිසර සම්මාන වගේම පරිසර ප‍්‍රදර්ශන, මාධ්‍ය සාකච්ඡා, ජාතික වැඩසටහන්, ආදී කටයුතු රාශියක් සිද්ධ වෙනවා.
පරිසරය කියන වචනය මෑත යුගයේ ඔබ අප පමණක් නොව සෑම රටකම සියලූ දෙනා මෙන්ම ලෝක ප‍්‍රජාව අතර පවා වැඩිම කථාබහට ලක්වන විෂයයක් බවට පත්වෙලා. එයට හේතුව පරිසර සංරක්ෂණයේ වැදගත් කමයි. ජීවත් වෙන්න පිරිසිදු වාතය ජලය ආහාර ප‍්‍රමුඛව අවශ්‍ය දේවල් තිබෙනවා. ඒවා සොයා ගන්නට උපකාර කරන සොබාදහමේ ආශිර්වාදයයි. මේ නිසා සියලූ දෙනා සොබාදහම ගැන දැනුවත් විය යුතුයි.
පැල ලක්ෂයක වන රෝපා ජාතික වැඩ සටහන පැල කෝටියක් සිටුවීමේ වැඩ සටහනක් දක්වා ගෙන යන්න අපි සුදානම්. පැලයක් සිටුවා ඉටු කරන්නේ වගකීමක්. එය මානව වර්ගයා වෙනුවෙන්ම ඉටු කරන වගකීමක්.
මේ ගැන අද දවස වනවිට පරිසරය ගැන පරිසර ප‍්‍රශ්න ගැන මුළු රටම දැනුවත්. ලොවම දැනුවත්. එක්සත් ජාතින්ගේ සංවිධානය ප‍්‍රමුඛ සියලූ ජාත්‍යන්තර සංවිධාන මේ වෙනුවෙන් එක්ව කැප වී සිටිනවා.
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සමඟ සමාජ සංවර්ධන හා ප‍්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ, පරිසර සහ මහවැලි සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ ලේකම් අනුර දිසානායක, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති චන්ද්‍රරත්න පල්ලේගම, එම අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ යන මහත්වරු ද මෙම ජනාධිපති සම්මාන පිරිනැමීමට එක් වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක බදියුදීන්ට කියමු බලන්න.
ජීවිතේට ආදරේ කරන්නේ නම් ...රෝ... ගෙන් බලාගෙනයි හපොයි ...!!!
ලංකාවට ආදරය කරන්නේ නම් ඔය පුටුවෙන් බැහැලා යන්න....
තමන්ගේ ජීවිතයට විතරක් නොවේ අන්අයගේ ජීවිත වලටත් ආදරය කරන්න ඉගෙන ගත්තා නම් හරි. එතකොට රටේ සමහර පළාත්වල මිනිස්සු නියඟයෙන් පීඩා විඳිනකොට එදා වේල කන්න නැතිව බඩගින්නේ දුක් විඳිනවිට සහා පිරිවර සමගින් රට රාජ්‍යවල සවාරිගහන එක නවතිවි...
කටින් බතල හිටවන්න හරි දක්ෂයි..
ඇත්තටම ජනාධිපතිතුමා පරිසරයට අනුව ජීවත්වෙන කෙනෙක්. මම අහල තියෙනවා එතුමා පාර්ලිමේන්තු යන කාලෙත් ගෙදරින් ගෙනෙන කෑම කන්නේ කියලා. ඒ වගේම එතුමා ජනපති වෙන්න කලින් අල වගාවක් කරලා අස්වැන්න ගත්වෙලාවක එය රටටම පෙන්නුවා. අල්මේදා එම පුවත දකින්න නැතුව ඇති...
බොහොම හරි, උතුමාණනි. අද පැලය බැගින් හිටෙව්වොත් නම් තව අවුරුදු විසිපහකින් විතර අනාගත දේශපාලක උන්නැහේලට (ඒ කිව්වේ අද ඉන්න කාපාලුවන්ගේ උරුමක්කාරයන්ට) ඒවා කපා ගන්න පුළුවන් වේවි.. එහෙම නොකළොත් ඒ කාලේ වෙනකොට රටේ එල්ලුම් ගහ ඇරෙන්න වෙන එක ගහක්වත් ඉතුරු වෙන එකක් නැහැ.
කවදද දන්නේ නැහැ ඊලඟ රට සවාරිය තියෙන්නේ?
මම පසුගිය සති හයම ගතකලේ ලංකාවේ. මට පෙනුන අන්දමට නම් පරිසරය ගැන කිසිම තැකීමක් නැත. ලොක්කෝ කතාකරනවා විතරනෙ. ඇත්තටම ලංකාවේ ලොකුම පරිසර දුෂකයා විදුලිබල මණ්ඩලය වග කියන්න ඕනෙ නැහැනේ.