අයි එස් ත්රස්තවාදීන්ට සම්බන්ධ බවට චෝදනා ගොනු කරමින් ඕස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික සිසුවකු වන මොහොමඩ් කමාර් නිසාම්ඩීන් ත්‍රස්ත චෝදනාවෙන් නිදහස් කිරීමට ඕස්ට්‍රේලියානු පොලීසිය කටයුතු කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
ආචාර්ය උපාධි අපේක්ෂකයකු වන 25 හැවිරිදි මොහොමඩ් කමාර් ත්රස්තවාදීන්ට සම්බන්ධ යැයි චෝදනා ලබමින් පසුගිය සැප්තැම්බර් මස 28 වැනිදා අත්අඩංගුවට ගෙන තිබුණි. මාසයකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ඔහු එම චෝදනා ඔප්පු කර ගැනීමට නොහැකි වීමෙන් ඇප ලබා ඇත.
ඔස්ට්‍රේලියානු දේශපාලනඥයින් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළාය යන්න ඔහුට එරෙහිව නඟා තිබු චෝදනාවයි.
ඔහුට එරෙහිව ගොනු කළ චෝදනා ඔප්පු කර ගැනීමට නොහැකි වූ නිසා ඔහු මුදා හැරියද එමගින් ඔහුට හා ඔහුගේ පවුලේ අයට සිදු වු හානිය හේතුවෙන් ඊට එරෙහිව වන්දි සහ මෙතෙක් ඔහුට වියදම් වු නීතීඥ ගාස්තු ඉල්ලා නඩු පැවරීමට කටයුතු කරන බව ඔහුගේ නීතීඥවරයා සඳහන් කර ඇත.
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ට්‍රේලියාවට වඩා ශ්‍රී ලංකාවේදී ඔහු තස්ත්‍රවාදියෙක් කියා ප්‍රචාරයක් ගෙන ගිය අයට හොඳ කනේ පහරක්.........
මේ සිසුවා මුස්ලිම් ත්‍රස්තයෙක් කියල හංවඩු ගහලා ඔහුගේ ප්‍රතිරූපය කෙලෙසූ අපේ සිංහල ජනතාව වෙනුවෙන් විනාඩි 2ක නිශ්ශබ්දතාවයක්
ආගම, ජාතිය, පාට නොව ක්‍රියාව බලන්න. හැමෝම මිනිස්සු.
සංජීව, මේ සිසුවා වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ අනන්තවත් සිංහලයින් කතාකරා. ඔහු ගැන පොලිසියට කිව්වේ ඔහු සමග එකට වැඩ කරන කෙනෙක් මිසක් සිංහලයෙක් කියලා කොහෙවත් කිව්වෙත් නැහැ. මා දන්නා තරමට එතන සිංහලයෝ අඩුයි ඔහුව පොලිසියට අල්ලලා දෙන්න (මාත් එහි කලක් සේවය කළා). නමුත් සිංහල නොවන ලාංකිකයින් සහ අනෙකුත් ජාතීන් ගොඩක් සිටිනවා. ඒනිසා සිංහලයාටම බනින්න ඉස්සෙල්ලා හොඳට හොයන්න.. කවුද ඔය ප්රශ්නය ඔහුට ඇතිකළේ කියන එක...
ඔහු කුමන ජාතියකට අයත් වුවත් ....ශ්‍රී ලාංකිකයෙක් ...අපි ඔහුත් සමගින් මේ අවස්තාවේ සිටිය යුතුයි............
මම නම් මුල ඉඳලම හිතුව මේක වැරදි අවබෝධයකින් කෙරුණා එකක් කියල. සිදු වු හානිය හේතුවෙන් ඊට එරෙහිව වන්දි සහ මෙතෙක් ඔහුට වියදම් වු නීතීඥ ගාස්තු ඉල්ලා නඩු පැවරීම කල යුතුයි.
අපි හැමෝම මිනිස්සු මේ මිනිසුන් අතින් වැරදි වෙනවා දැන් අවබෝධ කරගත්ත නේ වැරැද්දක් නැහැ කියලා කියල ඉතින් කට්ටියම සතුටු වෙමු අපි ශ්‍රී ලාංකිකයි
ගින්නක් නැතුව දුමක් නොනගී කියා කියන කියමන මම විස්වාස කරනවා. කාටද වැරදුනේ කියලා තව කල් ගියාම බලා ගන්න පුළුවන් වේවි. එතකොට අපි පරක්කු වැඩී.
බලාගෙන ඉන්න හම්බවෙවි.