( නිමන්ති රණසිංහ)
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවින්ද්‍ර විජේගුණවර්ධන මහතා ඉදිරි සතිය තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට ලිපි සකස් කර ඇතැයි එම දෙපාර්තමේන්තුව අද (19) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය හමුවේ ප්‍රකාශ කළේය.
හිටපු ආරක්ෂ මාණ්ඩලික ප්‍රධානිවරයා අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් කරුණු තිබෙන බැවින් අදාල ප්‍රකාශ ලබා ගැනීම සඳහා ලිපි සකස් කරමින් පවතින බව ඔවුහු වැඩිදුරටත් අධිකරණය හමුවේ සඳහන් කළහ.
පුද්ගලයින් 11 දෙනකු පැහැරගෙන යාමේ සිද්ධියට සම්බන්ධ නඩුව අද (19) යළි අධිකරණය හමුවේ කැඳවු අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආපහු කැඳවීමට කලින් තවත් විදේශ සංචාරවල් තියනවද කියලා බලාගන්න. මේක ඕනෑතරම් ඇති ජනාධිපතිතුමාට තවත් විශේෂ කැබිනට් හමුවක් පවත්වා ආරක්ෂක අංශයට දොස් පවරන්න..
නීතිය සැමටම සමානව ක්‍රියාත්මක කරනවා කියා බලය ලබාගත් තැනැත්තාම, තමාගේ පුද්ගලික දේශපාලන වාසිය වෙනුවෙන් බොරු ජාති මාමකත්වයක් පෙන්වීමට උත්සාහ කිරීමේ ප්‍රතිඵල මීළඟ ජනපතිවරණයේදී එතුමාට දැනගැනීමට ලැබෙනු ඇත.
11 දෙනෙක් අතුරුදහන් කරවීම සුළුපටු කරුණක් නොවේ. නමුත් මෙතුමා යුද්ධය දිනවීම සඳහා විශේෂ මෙහෙයක් කල රණවිරුවෙක් බව ප්‍රසිද්ධ කරුණක්... එසේ වැරදි දේවල් කිරීමට මෙතුමාට යම් දේශපාලකයෙකු අණ හෝ උපදෙස් දුන්නේ නම්... ඔහු අල්ලා දඬුවම් කල යුතුයි.
ජනාධිපතිතුමනි, දැන් නම් ඔබට ගේම දෙන්නයි යන්නේ... ඔබගේ මිතුරන් අමතක කර, පස මිතුරන් සමග එකතුව කන දීඝය නිසා ඔබව විනාශ කරන වග දැනෙන්නේ නැත්තේ මොකද මන්දා... දැන් ලංකාවේ නියම ජෝක්ස් පෙන්වනවා... තිර රචනය අගමැති. කථාව රාජිත. කැමරාකරණය රාජිත. සංගීතය චම්පික සුපිරි නලුවා පුජිත. ගොවි පුතා ඩිජිටල් රූපකරණය අවමංගල සහ සුපිරි කවටයන් අමරවීර, අනුරාධපුර බාබා සහ අප්පච්චි මලා ඔබ කාලය අවසන් ජනාධිපතිතුමනි දැන් ඔයාට කළ හැකි කිසිවක් නැත...
පැරණි කියමනක් තියෙනවා කියන්නා කෙසේ තී වත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුය කියලා. එ්නිසා යමෙක් නියෝග දුන්න පලියටම ක්‍රියාත්මක කිරීම නොකර පෙර සිටි නිළධාරීන් කටයුතු කල ආකාරයට එහි බැරෑරුම් තත්වය පහදා දීමට නිළධාරීන් ඥානවන්ත විය යුතුයි.....
පුද්ගලයින් 11 දෙනකු පැහැරගෙන යාමේ සිද්ධියට සම්බන්ධ නම් දඬුවම් විඳිය යුතුයි.
රහස් පොලිසියේ මේ ගොන්පාර්ට් දැන්නම් අහලා දැකලා එපා වෙලා තියෙන්නේ. වැරදි කරලා තියනවා කියලා ඔප්පු කරන්න තරම් කරුණු තියෙනවා නම් අත් අඩංගුවට ගත යුතුයි. එහෙම කරුණු නැත්නම් නිකම් ඉන්න ඕනෑ. හැමදාම අධිකරණය ඉස්සරහට ඇවිල්ලා ආරක්ෂක මාණ්ඩලික නිලධාරියාව අත්අඩංගුවට ගන්න තරම් කරුණු තියනවා කියකියා ලතවෙනවා ඇරෙන්න කවදාකවත් අත්අඩංගුවට අරගෙන නීතිය ක්‍රියාත්මක කරන පාටක් නම් නැහැ වගේ...
මේක 2015ට කලින් සිදුවීමක්... ඒ කාලේ හිටියේ සහෝදර සමාගම... එ්කට සම්බන්ධව අපේ දේශීය හිට්ලර් ඉන්න ඇති... මොකද ඒ කාලේ එයානේ ආරක්ෂක ලේකම්...
ඔච්චර තෙපර බබා ඉන්නේ මොනවද අපරාධ කරපු අය සහ ඒ අයව ආරක්ෂා කරපු අයව දාන්න ඕනේ ඇතුළට අැයි බයද? එතකොට එම දරුවන්ගේ දෙමාපියෝ මනුස්සයෝ නොවේද? තිරිසනෙකුට වුණත් දරු දුක එකයි... ප්‍රශ්නය තියෙන්නේ එ්ක ඔවුන්ට කියාගන්න බැරි එක... මේවා අහස පොළව නුහුලන අපරාද හය හතර නොතේරන දරුවන් යුද්ධයට මුවාවෙලා පැහැරගෙන ගොස් මරාදමා කප්පම් ගන්න තරම් මුන් අමනුස්සයින් මේවා ඔය හොරගල් අහුලන්න ඕන ඒවා නොවේ...
වරදක් කලානම් තරාතිරම බලන්නේ නැහැ කියල නේ ආණ්ඩුව හැම වෙලේම කියන්නේ නේද! මේකත් තවත් බාලගිරිය අද නොවේ හෙට නොවේව.