(අංජුල මහික වීරරත්න)
ඉන්දීය සාගරයේ නිදහස් නාවික ගමනාගමනය තහවුරු කරලීම සඳහා ශ්‍රී ලංකාව ආරම්භ කර ඇති වැඩ සැලැස්ම පිළිබඳව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය ජාතික කොංග්‍රසයේ සභාපති රාහුල් ගාන්ධි මහතා අතර අද (19) නවදිල්ලි නුවර ටාජ් හෝටලයේ පැවති සාකච්ඡාවේ දී අවධානය යොමු කෙරිණි.
ඉන්දීයාවේ නිල සංචාරයක නිරතවන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දුත පිරිස ඉන්දීය කොංග්‍රසය නියෝජනය කරන ආචාර්ය මන්මෝහන් සිං, සෝනියා ගාන්ධි සහ ආනන්ද ෂර්මා යන මහත්ම මහත්මීන් හමුවූ අතර කලාපීය ආර්ථික හා දේශපාලන ප්‍රවණතා පිළිබඳව ද මෙහිදී අදහස් හුවමාරු කර ගැනිණි.
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන සමාජ සුභසාධන වැඩසටහන් පිළිබඳව කරුණු දැන ගැනීමට කොන්ග්‍රස් නියෝජිතයෝ උනන්දු වූහ.
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙස වික්‍රමසිංහ මහතා රාහුල් ගාන්ධි ප්‍රධාන කොංග්‍රස් නියෝජිතයන්ට ආරාධනා කළ අතර, ඔවුහු ස්තූති පූර්වකව ආරාධනාව පිළිගත්හ.
ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග, තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් චිත්‍රාංගනී වාගීෂ්වර සහ අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි යන මහත්ම මහත්මීහු ද මේ අවස්ථාවට එක් වූහ.
20 වැනි දා නවදිල්ලි නුවර හයිද්‍රාබාද් මන්දිරයේ දී ශ්‍රී ලංකා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා අතර ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යනකොට නම් යන්නේ ඔක්කොම උපායමාර්ග කාරයොත් පිරිවරාගෙන ගජබා රජ්ජුරුවෝ යුද්දෙට ගියා වගේ... නමුත් එන්නේ ඒ අයගේ උපායවල්වලට අහුවෙලා. ඔන්න අපේ ඔස්තාර්ලාගේ වැඩ...
කෝටි ගණන් වටිනා අත් ඔරලෝසු.. වටිනා මැණික් ඔබ්බවූ මුදු.. නිතරම අතේ තියන රත්තරං පොලු මොකුත් නැහැ.. සරල නායකයින් දැක්කත් ප්‍රියයි.
ලෝකෙට දෙස් දෙවොල් තියතියා හිටියට නායකයෙක් වෙන්නේ නැහැ. සැබෑනායකයෝ කවුද කියලා ඉබේම මිනිස්සු දැනගන්නවා. ඒ හැසිරීමෙන්... කුඩා අැල, දොළ මහ හඬින් ගැලුවට මහා ගංගාවල් ගලා යන්නේ සද්දයක්වත් නැතුව... මේ එ්කට උදාහරණයක්... කවුරුත් කාවවත් මරන්න හදන්නේ එහෙමත් නැහැ...