අත්අඩංගුවට ගත් මාවනැල්ල ශ්‍රීලනිප ආසන සංවිධායක මොහොමඩ් ඉම්තියාස් කාදර් මහතා නොවැම්බර් 2 වැනි දා දක්වා රිමාන්ඩ් කිරීමට කෑගල්ල මහේස්ත්‍රාත් චාමර වික්‍රමනායක මහතා අද (19) නියෝග කළේය.
ටී පනස් හයේ ගිනි අවියක්, එම් ටී. 5 වර්ගයේ ගිනි අවියක් හා බෝර 12 වර්ගයේ ගිනි අවියක් සමඟ නයින් එම් වර්ගයේ උණ්ඩ 75 ක්, ටී.56 ජීව උණ්ඩ 30 හා එස් පී උණ්ඩ 17 ක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් ඊයේ (18) දහවල‍් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
(28535)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ දෙයක් සාමාන්‍ය පුරවැසියෙක් කළා නම් අද ඒ මිනිහ ජීවතුන් අතරද? එක්කෝ අතපය කඩලා අර පොලිසියට දාලා වද තිස්දෙකම දීලා ඉවරයි. අඩුම ගානේ ඇහුවද මේ නීති විරෝධී බලසම්පන්න අවි කොහෙන්ද මොනවටදවත් කියලා. ලංකාව කියන්නේ ජරාම රටක්... දේශපාලකයන්ට ඕනෙම තුච්ඡ වැඩක් කරන්න ඉඩදීලා උඩ බලන් ඉන්න.