ගොවියකුගෙන් අල්ලස් ගත් හිටපු මහවැලි කළමනාකරු හිරේ
ගොවියකුට ලිපියක් ලබාදීම සඳහා එම ගොවියාගෙන් රුපියල් 5,000/- ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන්ට වරදකරු වු මහවැලි අධිකාරියේ ගල්කිරියාගම හිටපු ඒකක කළමණාකරුවකුට වසර 10 ක සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා මෙම නඩුවට අදාළ සිද්ධිය හේතුවෙන් පැමිණිලිකාර ගොවියාට සිදුවු පාඩුව වෙනුවෙන් රුපියල් ලක්ෂ දෙකක වන්දියක් ගෙවීමටද නියම කළේය.