(ක.ග.කරුණාරත්න සහ ඩබ්ලිව්.ඒ පියතිලක)
පොළොන්නරුව - සෝමාවතිය මාර්ගයේ සුංගාවිල වනජීවි කාර්යාලයට ආසන්නයේදී අද (17 ) වන අලියෙකු පහර දීමෙන් පුද්ගලයෙකු මිය ගොස් ඇතැයි පුලස්තිපුර පොලීසිය කියයි.
ඒ සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ බදුල්ල , හාලිඇළ බෝගහමඩිත්ත, ජයන්තිපුර,අංක 12 ලිපිනයේ පදිංචි පිටිගල ලියනගේ නලීන් ධම්මික නැමැති 40 හැවිරිදි අයෙකු බවට හදුනාගෙන ඇත.
මේ පුද්ගලයා පෙර දින රාත්රියේ (16) සුංගාවිල පෙරියආරු පාළම අසල පිහිටි විශ්රාම ශාලාවක ලැගුම් ගෙන සිට අද (17) අලුයම සෝමාවතිය පුදබිම වෙත පාගමනින් වන්දනාවේ යමින් සිටියදී අලියාගේ පහර කෑමට ලක් වී ඇති බව පොලීසිය සිදුකළ විමර්ශන වලදී හෙළි වී තිබේ.
පුලස්තිපුර පොලීසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd