(රංජන් කස්තුරි)
ශ්‍රීලංකා ආයෝජන මණ්ඩලයේ අධ්යක්ෂ මණ්ඩලය අතිශය ගෞරවාන්විත වෘත්තිකයන්ගෙන් සැදුම්ලත් පූර්ණ වගකීමකින් හා අවංකභාවයකින් කටයුතු කරන බවට තමාට විශ්වාස යැයි සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩලයේ ක්‍රියා කලාපය පිළිබඳව ජනාධිපති ජනමාධ්‍ය මූලාශ්‍ර උපුටා දක්වමින්, ඊයේ සහ අද ඇතැම් මාධ්‍ය පළ කළ ප්රවෘත්ති වාර්තා වගකීමකින් තොර වේ.
එම ප්රවෘත්තිවල පළවූ මෙම පදනම් විරහිත චෝදනා මා තරයේ ප්‍රතික්ෂේප කරමි.
ආයෝජන මණ්ඩලයේ අධ්යක්ෂ මණ්ඩලය අතිශය ගෞරවාන්විත වෘත්තිකයින්ගෙන් සැදුම් ලත්, පූර්ණ වගකීමෙන් හා අවංකභාවයෙන් කටයුතු කළ බව මම ඉතා විශ්වාසයෙන් ප්‍රකාශ කරමි.
මෙම අධ්යක්ෂ මණ්ඩලය අන්තර් ගත වූයේ ආයෝජන මණ්ඩලයට වෘත්තීයවේදීන් නැවත ගෙන ඒමට උත්සාහ කළ, රටේ ආයෝජන පහසුකම් සහ ප්‍රවර්ධන ක්‍රියාකාරකම් වලට මග පෙන්වන ලද ගෞරවනීය පුද්ගලයන්ගෙනි.
මට ලැබී ඇති සියලුම වාර්තා වලින් ආයතනයේ කාර්ය මණ්ඩලය මෙන්ම අව්‍යාජ ආයෝජකයින් ඔවුන්ගේ වෘත්තීමය ක්‍රියාවන් අගය කර ඇත. රජයේ ආයෝජන ප්‍රතිපත්ති සහ ආයෝජන මණ්ඩලයේ ප්රයත්නයන් නිසා, 2018 දී අනුමත කරන ලද ව්‍යාපෘතිවල වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 18 ඉක්මවයි.
2017 දී අනුමත වූ සෘජු විදේශ ආයෝජන ප්‍රමාණය ඩොලර් බිලියන 1.9කි. එවැනි ප්‍රගතියක් අත්පත් කරගත් කාලයකදී මෙවැනි අසත්‍ය මාධ්‍ය ප්‍රකාශ මගින් ආයෝජකයන් නොමග යනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහතික ඇත්ත. අල්ලස් චෝදනා තියෙන්නේ ඇමතිට මිසක් නිලධාරීන්ට නෙමෙයි
කට්ටියක් මඩ ගහනවා... කට්ටියක් සුදු හුණු ගානවා... කෝකද හරි දන්නේ නැහැ?
මෙයා මේ ගහන්නේ ජනාධිපති ගත්ත තීරණයට... මට පේන්නේ ආණ්ඩුවේ අන්තිම දවස් කිහිපය වගේ යන්නේ... කට්ටියම අපිට වැඩේ දීලම යයි වගේ.
ගොවියන්ට ග්රාමසේවකයින්ට, ආයෝජන මණ්ඩලයේ ක්‍රියා, ආර්ථිකය යන නොදන්නා මගුල්වලට අත තිබ්බොත් ඔක්කොම සුන්...
ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩලයත් මම වගේ නෙමෙයි... පූර්ණ වගකීමකින් හා අවංකභාවයකින් කටයුතු කරන අය බව මට විශ්වාසයි...
චාටඩ් එකවුන්ටන් (ඩබල් එකවුන්ටන්) ලාගේ වැඩ ග්රමසේවකලාට කරන්න පුළුවන්...ද?
ආයෝජිකයන් ගෙන්වනවා කියන්නේ කොළඹ වරාය ඉන්දියාවට දීමද? නමින් ආයෝජිකයන් ගෙන්වනවා බව රටට කියාගන කොමිස් ගහනෙක තමයි වෙන්නේ... කොළඹ මෙට්‍රෝ දුම්රිය ව්‍යාප්තියේත් කොමිස් ඉල්ලලා. වොක්ස්වැගන් කාර් ගරාජයටත්.... ආයෝජන මණ්ඩලය හරහා විශාල පොල් ඉඩම් විනාශ කළා.
අලිබබාගෙන් සහතිකයක්...
අගමැතිතුමත් ඔහොම තමයි කිව්වේ අර්ජුන් මහේන්ද්‍රන් ගැන...
අර්ජුන මහේන්ද්‍රන් තරම් අවංක රවී කරුණානායක තරම් ගෞරවනීය සහ මලික් සමරවීර තරම් කාර්යශූර අය විය යුතුයි.
දී කිරට බළල්ලුත් සාක්ෂි කියන උපහරණය මතක් වුණා...
සහතික ඇත්ත... අල්ලස්, චෝදනා තියෙන්නේ ඇමතිට මිසක් නිලධාරීන්ට නෙමෙයි. නටන් නැතිව ඉන්න... ඇමතිකම බේරගන්න ඕනෙනම් ජනපති විරසක කර ගැනීම කලින් ජනපති ජනපතිවරණය කලින් පවත්වා කරගත් දේම සිදුවන්නට පුළුවන්... ඔය කාගේත් පැටිකිරිය රටම දන්නවා අමුතුවෙන් පත්තර වාර්තා ඕනේ නැහැ...
රටකට වැදගත්, පිළිගත් ආයෝජකයෝ එන්නේ එම රටේ සිදුවන සැම දේම අධ්‍යනය කරලා, එනම් එම රටේ නීති පද්ධතිය නිවැරිදිව සහ ඉක්මනින් තීන්දු තීරණ දීම, එම රටේ කම්කරු නීති සහ කම්කරුවන්ට අදාල වෘත්තීය සමිති නීති, එම රටේ දේශපාලන වාතාවරණය සහ දේශපාලකයන්ගේ ක්‍රියාවන් වැනි බොහෝ දේ ඇත. තවමත් අපේ රටට එවැනි ආයෝජකයෝ එන්නේ නැත.