තරිඳු ජයවර්ධන
ආන්දෝලනයකට තුඩු දී ඇති කතරගම පොලිස් ස්ථානාධිපතිගේ ස්ථාන මාරුව සම්බන්ධයෙන් නීතිය හා සාමය අමාත්‍යංශය ඉදිරිපත් කළ නිර්දේශයක් ප්‍රතික්ෂේප කළ ජාතික පොලිස් කොමිෂන් සභාව එම ස්ථාන මාරුව පෙර පරිදිම ක්‍රියාත්මක කරන ලෙස අද නියෝග කළේය.
කතරගම පොලිස් ස්ථානාධිපති ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක එස් කේ උපාලි මහතා ගම්පහ කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි සදහා යොමු කරන ලෙස ජාතික පොලිස් කොමිෂන් සභාව මීට සති දෙකකට පෙර නියෝග කළේය.
එසේ තිබිය දී ඔහු පූගොඩ ස්ථානාධිපති ලෙස පත්කරමින් පොලිස්පතිවරයා පොලිස් පණිවුඩයක් නිකුත් කර තිබුණු අතර ඒ ගැන පසුගිය සතියේ රැස්වූ ජාතික පොලිස් කොමිසමේ දී විවේචනයට ලක් විය. දේශපාලනඥයකුගේ ඉල්ලීමත් මත ජාතික පොලිස් කොමිසම සහ පොලිසිය ඔහු පූගොඩ පොලිස් ස්ථානාධිපති ලෙස පත් කළ බවට ද චෝදනා එල්ල විය. ඒ සමගම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා පූගොඩ ස්ථානාධිපති ලෙස පත් කළ පොලිස් පණිවුඩය අහෝසි කර ඔහු ගම්පහ කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි සදහා යොදවන ලෙස කොමිසම පසුගිය සතියේ යළිත් වරක් නියෝග කර තිබිණි.
එම නියෝගය ක්‍රියාත්මක නොවූ අතර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශන අවසන් වන තෙක් ඔහු පූගොඩ පොලිස් ස්ථානාධිපති ධුරයේ තබන ලෙස නීතිය හා සාමය අමාත්‍යංශය පසුගියදා ජාතික පොලිස් කොමිෂන් සභාවෙන් ලිඛිත ඉල්ලීමක් කළේය.
ජාතික පොලිස් කොමිෂන් සභාව අද රැස්වූ අවස්ථාවේ දී මෙම ලිපිය සාකච්ඡාවට ගත් අතර එහි දී කොමිසම නීතිය හා සාමය අමාත්‍යංශයේ ලිපිය ප්‍රතික්ෂේප කරමින් කොමිසම මීට පෙර දුන් නියෝග ක්‍රියාත්මක කිරීමට නියෝග කළ බව එහි ආරංචි මාර්ග කියයි. ඒ අනුව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා වහාම ගම්පහ කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි සඳහා යොදවන ලෙස ජාතික පොලිස් කොමිෂන් සභාව පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ. ඊට පොලිස්පතිවරයා ද එකඟතාවය පළ කළ බව කොමිසමේ ආරංචි මාර්ග පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොමිසමකට අපහාස කිරීමේ නීතිය මේ පුද්ගලයින්ට අදාළ නැද්ද ? මොකද කොමිසමක තීරණය ක්‍රියාත්මක නොකිරීමත් අධිකරණයක තීරණයක් ක්‍රියාත්මක නොකර හැරීමක් වගේම දෙයක්.
කොමිසමකට අපහාස කිරීමේ නීතිය මේ පුද්ගලයින්ට අදාළ නැද්ද ? මොකද කොමිසමක තීරණය ක්‍රියාත්මක නොකිරීමත් අධිකරණයක තීරණයක් ක්‍රියාත්මක නොකර හැරීමක් වගේම දෙයක්.
කොමිස සභාවන් ඉහල හස්තයක් මෙහෙයවනවා වගේ පේනවා වගේ
විශිෂ්ටයි
අශ්වයා ගියාට පස්සේ හරි කොමිසම ස්වාධීනව කටයුතු කිරීම යහපත් ප්‍රවණතාවයකි.............
දැන් නම් පොලිස් කොමිසම පණ ගහලා වැඩ පටන් ගන්න යන්නේ. මූල ඉදලම කොමිසම තම බලතල පාවිච්චි කරලා වැඩ කලානම් මේ තරම් රට අවුල් වෙන්නේ නැහැ.
ඉතින් කොහොමද ස්වාධීන කොමිෂන් සභා වැඩ කරන්නේ? දේශපාලුවෝ එකතුවෙලා රට විනාස කරනවා. ඒවා නවත්වන්න කොමිෂන් සභාවලට බැහැ කියන එක නැවත නැවත ඔප්පු වෙනවා.
පොලිස් කොමිසම නිදහස් එකක් නම් ඇයි මේ අමාත්‍යංශ ඇඟිලි ගහන්නේ? නිදහස් කොමිසමක් පත් කලේ නිදහස් තීන්දු තීරණ ගන්න මිසක් දේශපාලුවන්ගේ ඕනෑ එපාකම් පිරි මහන්න නොවේ.
අපේ රටේ අනිකුත් ස්වාධීන කොමිසනුත් පොලිස් කොමිසම තරමටවත් මේ වගේ ක්‍රියාත්මක වුණොත් ආමන්ත්‍රණ මට්ටමින් හෝ යහපාලනයක් උදාවේවි.
රටේ පාලකයින් හා ඔවුන්ගේ බත් බැලයන්ගේ අභිමතාර්ථ නීතියට ඉහලින් ක්‍රියාත්මක වූ රටක, මේ ආකාරයෙන් හෝ නීතියේ ආධිපත්‍යය රැකගැනීමට හැකිවීම යම් ධනාත්මකතාවයක්... නමුත් අපට තව බොහෝ දුරක් යා යුතුව තිබෙනවා...