(රංජන් කස්තුරි)
ලෝක වෙළඳපළේ බොරතෙල් මිල ක්‍රමයෙන් අඩුවීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන හෙයින් ලබන මාසයේදී මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල ගණන් අඩුවිය හැකි යැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා කොළඹ එම අමාත්‍යංශයේ අද (18) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය.
බොරතෙල් බැරලයක මිල අද වන විට ඇමරිකානු ඩොලර් 6 ක් පමණ හෙවත් ඇමරිකානු ඩොලර් 86 සිට 80 දක්වා අඩුවී තිබුණු බවද එහිදී ඇමතිවරයා සඳහන් කළේය.
ඉන්ධන මිල යම් ප්‍රමාණයක් ඉහළ ගියද කලාපයේ අනෙකුත් රටවලට සාපේක්ෂව යම් අඩුමට්ටමක පවතින බවද එහිදී සමරවීර මහතා කීවේය.
ලෝකයේ සෑම රටක්ම ඉන්ධන සඳහා බදු අඩුකරන බවද එලෙස බදු අයකිරීම රටේ සංවර්ධනයට අත්‍යාවශ්‍ය බවද ඇමැතිවරයා සඳහන් කළේය.
ඉන්දියාවේ පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් 82.17 ක බද්දක්ද ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 57.52කද බද්දක් අයකරන අතර ලංකාවේ පෙට්‍රල් ලීටරයක අයකරනු ලබන්නේ රුපියල් 53.68ක සහ ඩීසල් ලීටරයකට රුපියල් 25.48ක බද්දක් පමණකැයිද මංගල සමරවීර මහතා සඳහන් කළේය.
මේ අතර මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ප්‍රථමවරට එහිදී ඉන්ධන මිල සූත්‍රය ගණනය කරන ආකාරය ගැන ජනමාධ්‍යයට කරුණු අනාවරණය කළේය.
ඒ අනුව ඉන්ධන ලීටරයක උපරිම සිල්ලර මිල තීරණය කරනු ලබන්නේ වරායට ගොඩබාන පිරිවැය , සැකසීමේ පිරිවැය ,පරිපාලන පිරිවැය සහ බදු පිරිවැය එකතු කිරීමෙනි.
එය MRP=V1 +V2+V3+V4 යනුවෙන් හඳුන්වන බවද මංගල සමරවීර මහතා කීය.
ඉන්ධන ලීටරයක උපරිම සිල්ලර මිල තීරණය කරන සූත්‍රය සකස් කර ඇත්තේ මෙලෙසිනි.
| වෙළෙඳපොල විකුණුම් මිල (MRP) = වරායට ගොඩබාන පිරිවැය (V1) + සැකසීමේ පිරිවැය (V2) + පරිපාලන පිරිවැය (V3) + බදු පිරිවැය (V4) |

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මෙයාට සූත්‍රය තේරනවනේ. බදු අය කරන්නේ සංවර්ධනයට නං, මොන සංවර්ධනය?
මේකද මේ මටවත් තේරුම්ගන්න බැහැ කියපු සුත්‍රය.
මෙන්න තවත් බයිලා ගායනයක්.
මාර වැඩේ කියන්නේ ලෝකේ බොර තෙල් වෙළදාම කරන කිසිම රටකටවත් පෙනිලා නැහැ මේ මිල අඩුවීම.
ලෝක වෙළඳ පොලේ තෙල් මිල ඉහළ යනවිට රටතුළ තෙල් මිල ඉහළ යනබව තේරුම්ගන්න බැරි අමන මිනිස්සු නොවෙයි අපි. නමුත් ප්රශ්නය මෙයයි තෙල් මිල ඉහළ යනවිට වැඩිවෙන අනිකුත් බඩුවල මිල තෙල් වල අඩුවීමෙදී පහත නොයාමයි. කලයුතු වන්නේ ඉහළ යන මිල නිසා වන පාඩුවත් පහළ යන මිල වන ලාභයත් සලකා ලාභයෙන් පාඩුව මැකී යන ආකාරයට මිලක් නියම කිරීමයි. තෙල් සමාගම් ජනසතු කල දින සිට මේ දක්වා එදිනෙදා වෙනස්වන ඔය සූත්තර නොමැතිව කාලයකට එකතරා ස්ථාවරයක තෙල් මිල තිබුණානේද?
යකඩෝ ...මේකද මේ මිල සුත්‍රය ....!!
තෙල් මිල අඩුවුවත් එහි වාසිය ජනතාවට හරිහැටි ලැබෙන්නේ නැහැ. බස් ගාස්තු, පාන් මිල ඇතුළු බොහෝ දේවල්වල මිල අඩුවීම සිදු වෙන්නේ නැහැ. මෙයට නිසි ක්‍රමවේදයක් අවශ්‍ය වේ.
අනිත් රටවල් බදු ගහල කරන්නේ ඒ ආදායම රටේ සංවර්ධනයට යොදවන එකනේ ඒත් මේ අය කරන්නේ ඒවා සුඛවිහරණයට යොදා ගන්න එකනේ ඒකයි අපිට තියන ප්රශ්නය.
ඒ කියන්නේ දෙසැම්බර්/ ජනවාරි වල ඡන්දයක් තියෙනවා..
මේ සුත්‍රය 2, 3 පන්තියේ ළමයෙකුත් හදන්න පුළුවන්, එකතු කිරීම විතරයි තියෙන්නේ
ඇයි බදු කප්පම්, රටට දක්ෂයින් බුද්ධිමතුන් ඉන්නවා නම් මොනවාටද බදු... දැන් ගෙදර ගිහින් එහේ වැඩක් බලාගන්න.... ඊළඟ ආණ්ඩුවේ තෙල් පිටින් ගන්නේ නැතිව දේශීය තෙල් ලැබෙයිද?
මේ සූත්‍රයද මෙයා තේරුම් ගන්න බැරුව හිටියේ?