ඩබ්ලිව්. ඒ.අසේල
පසුගිය අගෝස්තු 28 වැනි දා ගලහ රෝහලට පහර දී අලාභ හානි සිදු කිරීම සම්බන්ධව තවත් සැකකරුවන් පස්දෙනෙකු හැදල හා දෙහිවල ප්‍රදේශයේ වැඩබිමක සැඟවී සිටියදී අද (21) ගලහ පොලිසියේ නිලධාරී කණ්ඩායමක් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 12 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති අතර අද අත්අඩංගුවට පත් සැකකරුවන් පස්දෙනා ද සමඟ සංබ්‍යාව 17 ක් වේ.
ගලහ රෝහලට ඇතුළත් කළ අවුරුදු එකහමාරක් වයස දරුවෙක් මියයාම නිසා කුපිත වූ පිරිසක් ගලහ රෝහලට පහර දී අලාභ හානි සිදු කිරීම මෙම අත්අඩංගුවට හේතුව වී ඇත.
මේ හේතුවෙන් ගලහ රෝහල වසා දමා මාස දෙකකට ආසන්න වුවද තවමත් විවෘත කර නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වීරයෝ ටික රටගම අත් හැරලා පැනලා ගිහිල්ලා එහෙනම් !