අනීෂා මානගේ
ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා විසින් චීනයට හා ඉන්දියාවට විරුද්ධව සිදුකලේ යැයි කියන ප්‍රකාශය සම්බන්ධයෙන් පල කල පුවතට අදාල තොරතුරු එම වාර්තාකාරිනියට ලබා දී ඇත්තේ ලංකාවේ ඇමතිවරු සිව් දෙනෙකු බවද ඔවුන් ඉන්දියාවේ රෝ ඔත්තු සේවයත් සමග සම්බන්ධකම් ඇතැයිද එම ඇමතිවරුන් පිළිබද තොරතුරු ඉදිරි කාලයේදී හෙලිකරන බවද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියයි.
අමාත්‍යවරයා මෙසේ පැවසූයේ අද(20) බෙලිඅත්ත පුවක්දණ්ඩාව ප්‍රදේශයේ පැවැති ජනහමුවකට සහභාගී වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.
‘’පසුගිය දිනවලදී පුවත්පත් වල පල වුනා ජනාධිපතිතුමා ඉන්දියාවට හා චීනයට විරුද්ධව ප්‍රකාශයක් කළා කියලා. මේව සම්පූර්ණයෙන් අසත්‍යයි. ඉන්දියාවේ වාර්තාකාරිනිය කියනවා ඇමතිවරු හතරදෙනෙක් තමයි මේ තොරතුරු දුන්නේ කියලා. අපි දැන් හොයන්න ඕන ඒ ඇමතිවරු කව්ද කියලා. අපිට සැක දෙන්නෙක් දැන් ඉන්නවා. මම ඉස්සරහට ඒ සැකය තහවුරුකරගත්තම කියන්නම්. එහෙම අයගේ තටු ගැලවීමේ වගකීම මේ රටේ ජනාධිපතිතුමාටයි, අග්‍රාමාත්‍යතුමාටයි තියෙනවා. මොකද කැබිනට් මණ්ඩලයේ කථා නොකළ දෙයක් ගැන කථාකිරීම බරපතල වැරැද්දක්... ඒ වගේමයි කැබිනට් මණ්ඩලයේ දේවල් පත්තරකාරයින් එක්ක ගණුදෙනු කරනවා නම් ඒකත් බොහොම වැරැද්දක්. අපිට වාර්තා වෙන ආකාරයට මේ තොරතුරු දෙන ඇමතිවරු රෝ ඔත්තු සේවයත් එක්ක සම්බන්ධ වෙලා. ඒ වාර්තාකාරයෝ හරහා රෝ ඔත්තු සේවයත් එක්ක සම්බන්ධකම් තියෙන වාර්තාවත් අපිට ලැබෙමින් පවතිනවා.
කැබිනට් මණ්ඩලයේ සාමූහිකත්වය ආරක්ෂා කිරීමේ වගකීම අපි හැමෝටම තියෙනවා. පත්තරේට බොරු කියලා රාජ්‍ය නායකයා රටත් එක්ක, රට ජාත්‍යන්තරයත් එක්ක තරහ කරන්නේ. එහෙම ක්‍රමන්ත්‍රණකාරයෝ ඉන්නවා නම් එහෙම අය එලවීමේ වගකීම අපේ නායකයින්ට තිබෙනවා... ‘’ යැයිද පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්වත් ඇස් ඇරලා බලන්න කවුද කියලා? ඉන්දියාවෙන් ඉල්ලුවේ තමන්ට ජනපතිකම දෙන්න කියලා. ඔබලා සහ සිරිසේන ජනාධිපතිතුමා ඉත්තන් පමණයි. ඔබේ හතුරෝ එ්කාබද්ධයේ නෙවෙයි ඉන්නේ.
මෙයත් අරයා වගේ ඉල්ලන් කන්න යන්නේ... මිනිස්සු චූං කරන්න පම්පෝරි ගහලා. බැරිවෙලාවත් ඉන්දියාවෙන් ප්‍රතිචාරයක් දැක්වුවොත් මාධ්‍යයන් තමයි කථාව විකෘති කලේ කියලා බොරුවක් කියලා මගහරිනවා.
ගරු ඇමතිතුමනි, ඒ අය කරුණාකර ඡන්ද දායකයාට හෙළිදරව් කරන්න.
මේවගේ කතාවලින් වෙන්නේ අර අඬන්න ඉන්න මනුස්සයාගේ ඇස් දෙකටම ඇඟිලි දහයෙන්ම දමල ඇන්න වගේ වැඩක්. අපට ආරංචි වෙන අන්දමට නම් එක්සත් ජාතික පක්ෂය සැලසුම් සහගතව කටයුතු කරන්නේ දෙසැම්බර් මැද වෙනකොට ඒ ගොල්ලන්ගේ තනි ආණ්ඩුවක් පිහිටුවන්නලු...
කොමඩි ලන්තයේ තවත් ජවනිකාවක් එළියට... අනේ මන්දා මේ රිලව් හිතන් ඉන්නේ ලංකාවේ මිනිසුන් මොඩයන් කියලද..? රට පාලනය කරගන්න කොන්දක් නැති වුණාට අපි මක් කරන්නද? රෝ නෙමෙයි, මොන යකා හිටියත් රට ජාත්‍යන්තරය ඉදිරියේ බාල්දු කරන්න එපා... හිවලුනේ.. උඔලා මෙ කෙලෙසන්නේ මාගේ මව්බිමයි... විහිළු කථා නවතා ඡන්දයකට යමල්ලා ...
මෙච්චර කල් මෙයලා විහිලු සැපයුවේ දේශීයව රටේ මහජනයාට... දැන් ඉන්දියාවත් ගාවගෙන ඉන්දියාවටත් විහිළු කරනවා. දෙකේ පන්තියේ ළමයෙක්, දහයේ පන්තියේ ළමයෙකුට විහිලු කළා වගේ තමයි. කන්න වෙන්නේ මදි නොකියන්න ඇමතිතුමෝ... අපිට වඩා ශක්තිමත් රටවල් එක්ක ගැටලු ඇති නොකරගෙන වැඩකරන්න පුරුදු වෙන්න ඕනේ...
ඒ පාර මෙයාත් උම්බෑ කියන්න පටන් ගත්තද?
නම් ගම් ඇතුළු සියලු විස්තර පල කිරීමෙන් රටේත්, සියලු ජනතාවගේත් අසල්වැසි රටවලත් ආරක්ෂාව තහවුරු කර ගත හැක. දෙපත් නයින් එළවීම අපේ රටේ හා අසල්වැසි රටවල වෙසෙන සියලු ජනකොටස් වල සුභ සිද්ධිය සඳහාම වේ.
මේ අවුරුදු හතරම අපි දැක්කේ අභ්‍යන්තර ගැටළු තමා.
ජනාධිපති විනාශ කළොත් පහසුවෙන්ම අගමැතිට ජනාධිපතිවීමට කෙටි ක්‍රමය ක්‍රියාත්මක වන බව පේනවා. ඊට කලින් ජනාධිපති ක්‍රියාත්මක විය යුතුයි.
මේ ඇමතියා හිතාගෙන ඉන්නේ හින්දු පුවත්පත කියන්නේ රෝ සංවිධානය කියලා වෙන්න ඇති කියලයි. ඒකයි මේ වගේ මෝඩ කතා කියන්නේ. හැබෑයි කීයක් හරි ලැබෙනවා නම් මුලු ඇමැති මණ්ඩලයම හරි රෝ සංවිධානයට ඔත්තු බලයි.
ඔයත් එක්කෙනෙක් නේද?
මණ්ඩලේ කචල්. මෙහෙම කොහොමද රටක් කරන්නේ..? කරුණාකරලා විසුරුවන්න. ඔබලා අමාරුවේ දාන්නේ මේ රටේ ජනතාවයි.
කරුණාකර උගත්, නැණවත් අය රටේ නායකත්වයට, පාර්ලිමේන්තුවට පත්කරන්න...
අපේ ඇමැතිවරුන්ට හෝ දේශපාලකයින්ට තමන් අද කියන දේ වගකීමක් ගන්න හෙට බැරිවෙනවා සහ ඔවුන්ට ඒ ගැන ලැජ්ජාවක් හෝ බියක් නොමැත...
දෙකක් නෑ.. ගලවන්ගිය කල්ලියේ තමයි .
කවුරු නමුත් ඔවුනුත් විජයකලාගේ වැඩට නොදෙවෙනි වැඩක් නේද කරලා තියෙන්නේ? ඔවුන්ටත් දඬුවම් දිය යුතුයි.
අපේ රටේ. දේශපාලකයින්ට තියෙන්නේ විදේශ උණක්... මැතිවරණය තියලා පැරදුණු ගමන් කියනවා. දැන් ඉන්දියාව අල්ලගෙන... එක බොරුවක් වහන්න බොරු 100ක් කියනවා. කොහොම හරි ජනතා මුදලින් කට්ටිය ඉන්දියාවට යයි. සාකච්ඡාවලට එළියට එන්නේ කෝවිලෙන්... නාමල් බේබිගේ ගෝලයෙක් ජනාධිපති ලඟටම අාවා කිව්වා. පිස්තෝලයකුත් අරන් එකට... මොකද වුනේ...? මේකටත් වෙන්නේ ඔය ටිකම තමයි සද්දේ විතරයි... වැඩ නැහැ... රටේ වෙන දේවල්වලට ගන්න තීරණ.... අප්පිරියයි
ඉල්ලන් කෑම එක, ජනාධිපති... ඉල්ලන් කෑම දෙක, ඇමැති අමරවීර. කට්ටියම දැන් පඹ ගාලක පැටලිලයි ඉන්නේ...
හොඳයි මොකුත්ම කිව්වේ නැද්ද ඡන්ද ගුණ්ඩුවකට, මම අහන්නේ දන්නේ නැති නිසයි. ජාත්‍යන්තරය දන්නවා ඡන්ද ගන්න ඕනෑම කතාවක් කියනවා. ඡන්ද දායකයාගේ අනුකම්පාව ගන්න කියල මේ ලංකාවේ.... ඒක තමයි දේශපාලනයට තියෙන එකම සුදුසුකම... දැන් මාධ්‍ය මෙහෙයවන්නේ ලේකම්ලා නේද? ලේකම්ලාව විශ්වාස කරන්න පුලුවන්ද මන්දා...
එක්කෙනෙක් ඒ දවස් වල කිවුවා විදුලි පුටුවට ගෙනියන්න හදනවා කියලා. මෙයා කෑ ගහනවා ඉන්දියාවෙන් මරන්න යනවා කියලා. (ඒත් පිටරට ටුවර් නං අවුලක් නැතුව යනවා) මිනිස්සු තමයි ඉතිං බදු බරටම යටවෙලා මැරෙන්නේ.
ලංකාව ඉන්දියාවට වඩා දියුණු වෙනවා දකින්න ඉන්දියාව කොහොමටවත් කැමති නැති බව අපේ ටිකිරි මොළ වලට තේරෙන්නේ කවදද?
උසස්පෙළ ඉගනගන්නා සිසුවකුගේ තරමට වත් දැනුමක් නැති අයෙක්ගෙන් මිට වඩා යමක් බලාපොරාත්තුවිය නොහැකි බව; 62 ලක්ෂයක් ජනතාව නොදැනසිටියාද?
4 දෙනෙක් නෙමේ 225 ක් ඉන්නවා . සල්ලියි බලය ලැබෙනවානම් රට වැඩක් නැහැ . එහෙම කට්ටියක් තමා ලංකාවේ දේශපාලනය කරන්නේ . හොදම දුෂිතය තමයි වැඩි මනාපෙන් ඉහළටම යන්නේ, අ යන්න ආ යන්න බැරි වුනාට . ඉන්න හොද සුළු පිරිසට ඔලුව උස්සන්න ක්‍රමයක් නැහැ මේ කට්ටිය සමග . අපි අලුතෙන් ඉගෙන ගත්තේ හරකයි මීහරකයි අතර වෙනසක් තියෙන බව .
ඔය ඔක්කොම පක්ෂ විපක්ෂ දේශපාලකයෝ එකතුවෙලා අපේ බදු මුදල් නිකරුනේ විනාශ කරමින් සුර සැප විදිමින් මුකුත් නොකර එක එක විකාර කතා කියමින් එක එක බහුභූත නාටක සතියෙන් සතිය මවාපාමින් ඉන්නවා , රටේ ආර්ථිකය දිනෙන් දින පහතට වැටෙනවා , රට විනාශ කරගන්න ගමන් විදේශයන් එක්කත් අනවශ්‍ය ප්‍රශ්න දමගන්නවා , නමුත් අවාසනාවකට අපේ රටේ චන්ධ ධ්යකයෝ හැමදාම චන්දෙ දෙන්නේ මේ බොරුකාර හොරුන්ට , ඉඳල හිටලා එකෙකුට දෙන්නෙකුට මනාපේ නොගහ එලවල දැම්මත් , උන්ව ලොක්ක අපහු ලිස්ට් එකෙන් පාර්ලිමේන්තුවට ගන්නවා , කියන්න කෙසේ කිවත් අසන්න සිහිබුධියෙන් ඇසිය යුතුය , ඇත්තවශයෙන්ම මෙහෙම මරණ තර්ජනයක් තිබෙනවා නම් මේගොල්ල මේ විදිහට මාසෙකට 2-3 පාරක් පිටරට සවාරි ගහවිද?
හතරදෙනෙක් නෙමෙි..මුළු ආණ්ඩුවම කියල අපි නම් දන්නවා...
පිනට ඇමැතිකම් අරගෙන පම්පෝරි කියන්නත් එනවා..
මේක ඉන්දියාව පත් කරපු ආණ්ඩුවක්.
ලගඳි ඉන්දියාවට ගිහින් ආව නේද? එයා කොහේ ගියත් කුමන්ත්‍රණ තමයි.
දත්දොස්තරතුමා නම් අනිවාර්යයෙන් ඇති... අනිත් 3 දෙනා කෝ?
ඒ කියන්නේ ඉන්දියාව එක්කලත් අවබෝධතා ගිවිසුමක් තියෙනවද කට්ටිය හුවමාරු කරගන්න?