( ජයන්ත සමරකෝන්)
දකුණේ ප්‍රබල පාතාල නායකයකු වන පොඩි ලැසීගේ ගෝලයින් දෙදෙනෙකු හෙරොයින් විකුණමින් සිටියදී අත්අඩංගුවට ගත් අවස්ථාවේදී එම ස්ථානයේ බන්ධනාගාර ජේලර්වරයකුද සිට ඇත.
ඔහු ගාල්ල බන්ධනාගාරයේ නියෝජ්‍ය ප්‍රධාන ජේලර්වරයා බවත් එවන් ස්ථානයක සිටීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හෙට (22) පොලීසියට පැමිණෙන ලෙස ඔහුට දැනුම් දී ඇති බවත් මීටියාගොඩ පොලීසිය පවසයි.
බුස්ස බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා ලෙස මොහු කලක් කටයුතු කර ඇති අතර ගාල්ල බන්ධනාගාරයට ස්ථානමාරුවීමක් ලබා පැමිණ සති දෙකක් පමණ කාලයක් බවද තොරතුරු අනාවරණය වී ඇතැයි පොලීසිය සඳහන් කළේය.
ඉකුත් 19 වැනිදා මෙම මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර හෙරොයින් විකුණු ස්ථානයේ තිබී මත්කුඩු මිලිග්‍රෑම් 6300 ක් ද සැකකරුවන් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් ත්‍රිත්ව පුද්ගල ඝාතනයකටද සම්බන්ධව අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු වන අතර සිද්ධින් සම්බන්ධයෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු වන බවද පොලිසිය සඳහන් කළේය. මීටියාගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසමුද ඒ අමාරුව...? මෙයාට දඬුවම් කළොත් අනිවාර්යයෙන්ම ජේලර්ලා දොස්තරලා වැඩ වර්ජනයක් පටන් ගනීවි.
තමන්ගේ සේවාලාභීන් සඳහා අවශ්‍ය කළමනා ගන්න ගිහින් වෙන්න ඇති..
බන්ධනාගාර නිලධාරියා පාතාල සමාජිකයන් දෙදෙනෙක් කුඩු විකුණමින් සිටි ස්ථානයක සිටියා නම් ඔහුව එතැනදී අත්අඩංගුවට නොගැනීමෙන් පොලීසිය බලවත් වරදක් කර ඇති බවයි මගේ අදහස... මුලින්ම ඒ පිළිබඳව පරික්ෂණයක් කළ යුතුව තිබෙනවා.
හෝ හෝ !! ඔය එන්නේ එලියට. ස්ථානය කුමක්දැයි දන්නේ නැති හින්ද අහම්බෙන් හම්බ වෙලා කතාබස් කලාද? ප්‍රසිද්ධ ස්ථානයකනම් ,පාරක තොටකදිනම් අහම්බෙන් වෙන්නැති. මත්ද්‍රව්‍ය විකුණු අය බන්ධනාගාරයේ ඉඳලා තියනවද? හැදුනුම්කම කෙසේද? කෝකටත් ජේලර්ගේ වත්කම් හොයලා බැලුවොත් නරකද? ටෙලිෆෝන් පරික්ෂා කලානම් ?
මත්ද්‍රව්‍ය තිපල්ලේ සිටි අනිකුත් පුද්ගලයන්ට ක්‍රියාත්මක කරන නීතිය මොහුට ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිසිය බලවත් වරදක් කර ඇත.