හර්ෂණ තුෂාර සිල්වා
ලොව විශාලතම සංචාරක මඟ පෙන්වීම් පොත් ප්‍රකාශයා ලෙස හැඳින්වෙන "ලෝන්ලි ප්ලැනට්" ප්‍රකාශයට පත් කරන ලද නවතම වාර්තාවට අනුව ලබන වසරේ සංචාරය කිරීමට හොඳම රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇත.
‘ලෝන්ලි ප්ලැනට්’ වාර්ෂිකව ප්‍රකාශයට පත් කරන වාර්තාව අනුව ශ්‍රී ලංකාව එලෙස මුල් තැනට පත්ව තිබේ.
යුද්ධය අවසන් වීමෙන් ශ්‍රී ලංකාව සංචාරයට හිතකර රටක් බවට පත්වීමත්, ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගමනාගමන පහසු වීම හා සංවර්ධනය වීමත්, නව ප්‍රවාහන ජාල බිහිවීම, නව හෝටල්, අභ්‍යන්තර ගුවන් සේවා සහ සංචාර කර්මාන්තය ආශ්‍රිත ක්‍රියාකාරකම් වර්ධනය වීම යනාදි හේතු නිසා ශ්‍රී ලංකාව එලෙස මුල් තැනට පැමිණ ඇත.
“ශ්‍රී ලංකාව විවිධ ආගම් ජාතීන්ගෙන් මිශ්‍ර රටක් බව සුප්‍රසිද්ධ කරුණක්. එරට තිබෙන විහාරස්ථාන, පොහොසත් සහ නැරඹිය යුතු වනජීවින්, අතිශය සුන්දර මුහුද ලොව සංචාරකයන් අතර ප්‍රසිද්ධයි.
ඒ වගේම ලංකාවේ මිනිස්සුන්ගේ ආගන්තුක සත්කාරය ඉතාම ඉහළයි” යැයි ‘බෙස්ට් ඉන් ට්‍රැවල් 2019’ ‘ලෝන්ලි ප්ලැනට්’ ග්‍රන්ථයේ කර්තෘ ඊතන් ගෙල්බර් පැවැසීය. මෙම ග්‍රන්ථය අද (23) එළිදැක්විණි.
ලබන වසරේදී සංචාරය කිරීමට හොඳම රටවල් දහය අතරේ දෙවැනි තැන ජර්මනියටත් තෙවැනි තැන සිම්බාබ්වේ දේශයටත් හිමිව ඇත.
එහි ඉතිරි ස්ථාන හතට පිළිවෙළින් පැනමාව, කිර්ගිස්තානය, ජෝර්දානය, ඉන්දුනීසියාව, බෙලරූස්, සාඕ ටොමේ සහ පින්සිපේ සහ බෙලීස් යන රටවල් පත්ව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ දෙයියනේ ! අනෙක් රටවල් මීටත් අන්තද ?
මේ දත්ත එකතු කලේ කව්රුන් කොහෙන්ද කියලා මටනම් ප්‍රහේලිකාවක්.
කෙසේ වෙතත් ලංකාට ඇවිත් යන සංචාරකයින් වැඩි දෙනෙක් කියන්නේ ආයිත් නම් මේ රටට එන්නේ නෑ කියල තමයි.
ශ්‍රී ලංකාව විවිධ ආගම් ජාතීන්ගෙන් මිශ්‍ර රටක් නිසා විදේශිකයන් විහාරස්ථාන පමණක් නරඹිම සුදුසු නැත............
ආගන්තුක සත්කාර අතින් නම් ඉහලම සත්කාරේ සංචාරකයන්ට දුන්නේ තංගල්ලේ හිටපු සභාපති.
අපොයි , මේ රටට නම් එන්න එපා.
මගේ රට ගැන ඉතාමත් ආඩම්බරයි.. දෙවියනේ මේ රට පාලනය කරන්න එන අය, කරන අය මේ රට ගැන හිතන්නේ කවද්ද?
මොනවා වුණත් අපේ ජනාධිපතිතුමාගේ හොඳ නිසා මෙහෙම වෙන්නේ..
එක් කාලයක දකුණේ සංචාරය කළ යුවලකින් සැමියා මරා බිරිඳ දූෂණය කල කල්ලිය බලයට එනතුරු නේද?