රොමේෂ් මධුෂංඛ
මේ දිනවල යාපනය අලෙයිපිඩ්ඩි ප්‍රදේශයේ දී චීන පුරාවිද්‍යා නිලධාරීන් පිරිසකට චීනයේ නිෂ්පාදිත වසර 600 කට වඩා පැරණි මැටි බඳුන්වල කැබලි කොටස් රැසක් හමු වී ඇති බවට කැනීම් කටයුතුවල නිරත වූවන් පවසා සිටිති.
චීන ජාතික පුරාවිද්‍යා නිලධාරීන් පිරිසක් විසින් අලෙයිපිඩ්ඩි ප්‍රදේශයේ විශේෂ කැනීමක් සිදුකර ඇත්තේ මීට වසර ගණනාවකට පෙර යාපනය කොටුව ආශ්‍රීතව පැවති වාණිජ කටයුතු සඳහා චීනයේ ද සම්බන්ධයක් ඇති බවට තොරතුරු අනාවරණය වීමත් සමඟය.
මේ අනුව කැනීම් සිදු කරන ලද චීන ජාතික පුරාවිද්‍යා නිලධාරීන් හට චීනයේ නිෂ්පාදිත ඉතා පැරණි මැටි බඳුන්වල කැබලි 654 ක් හමු වී ඇති අතර එම කැබලි වසර 600 කට වඩා පැරණි බවට ද එම චීන ජාතික පුරාවිද්‍යා නිලධාරීන් විසින් සැක පළ කර සිටිති.
කෙසේ වෙතත් හමු වූ මැටි බඳුන් කැබලිවල කාල නිර්ණය කිරීම සඳහා චීන ජාතික පුරාවිද්‍යා නිලධාරීන් විසින් එම කැබලි චීනයේ ෂැංහයි විශ්ව විද්‍යාලය වෙතට යැවීමට කටයුතු යොදා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර නම් ඔහොම දෙයක් හම්බ වුනාම හරි කුතුහලයක්, ආසාවක් තිබුණා. දැන්නම් ඇඟ කිලිපොලා යනවා. මොකද අන්තිමට චීනා කිව්වොත් අපේ රටෙන් චීන පුරාවස්තු හම්බ වෙන්නේ මේ රට කලින් චීන අධිරාජ්‍යයේ චයිනීස් රටක් කියලා... සිංහල අපිට ගගේ මුහුදේ තමයි පනින්න වෙන්නේ. මොකද ඉස්සර තේ වවපු කාලේ කම්කරු රස්සාවලට ආපු අයත් දැන් මෙහෙ අයිතිය ඉල්ලනවා... ඒ නිසයි.
මට පෙනෙන්නේ ඒ පාර චීන්නු අප් පුරාවස්තුවලටත් වැඩේ දෙන්න වගේ යන්නේ !
චීන කොලනියක් කරන්නද දන්නේ නැහැ...?
පුදුම වැඩේ අවුරුදු 600 පසුව චීන පුරාවස්තු හමුවෙලා තිබෙන්නේ චීන්නුන්ටමනේ. එතකොට අරගොල්ලනන්ගේ නිජබිම සංකල්පයට මොකද වෙන්නේ? බය වෙන්න එපා සිවාජී කට ඇරලා කියන්න කහපාට මිනිස්සු යාපනයේ නැහැ ඉන්නේ ඔක්කොම් අඟුරු වගේ පාට මිනිස්සු කියලා.