(නිමල කොඩිතුවක්කු)
මිහිදු මහරහතන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය අම්පාර රජගලදී සිදුව ඇති බව එම ප්‍රදේශයෙන් සොයා ගනු ලැබූ සෙල්ලිපියක් මගින් තහවුරු වී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවැසීය.
මිහිදු මහරහතන් වහන්සේගේ භෂ්මාවශේෂ පවා රජගල පුරාවිද්‍යා භූමියෙන් සොයා ගෙන තිබෙන බවද අමරතුංග මහතා සඳහන් කළේය.
රජගල පුරාවිද්‍යා කැණීම් සම්බන්ධයෙන් අදහස් දක්වන මහාචාර්ය සම්පත් අමරතුංග මහතා වැඩිදුරටත් මෙසේද කීය.
“රජගල පුරාවිද්‍යා ව්‍යාපෘතිය අවුරුදු ගණනාවක් සම්පූර්ණයෙන් සංරක්ෂණ කටයුතු වලින් ඈත්වෙලා තිබුණා. තවත් කාලයක් ගත වුණා නම් ඒ ඉතිහාසය මැකී යන්න ඉඩ තිබුණා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතු මානව සම්පත ප්‍රමාණවත් නොවුන නිසා සංරක්ෂණ කටයුතුවලට ව්‍යාපෘතියක් ලෙස සෘජුව මැදිහත් වෙන්න කියලා ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයෙන් ඔවුන් ඉල්ලීමක් කලා.
ලංකාවේ විශ්ව විද්‍යාලයක් විසින් සංරක්ෂණය කරපු විශාලතම භූමිය තමයි රජගල කියන්නේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රශාන්ත බී. මණ්ඩාවල මහතා ඇතුළු පිරිසකගේ මූලිකත්වයෙන් මෙම සංරක්ෂණ කටයුතු සිදුකළා.
අක්කර 1500ක් පමණ ඇති මෙම භූමිය පුරා සංරක්ෂණය කිරීමට අවශ්‍ය විද්‍යාත්මක කෞතුක භාණ්ඩ දහස් ගණනක් තිබෙනවා.
මිහිදු මහරහතන් වහන්සේගේ ආදාහනය සිදුවෙලා තියෙන්නේ රජගලදී කියලා එහි තිබූ එක් සෙල්ලිපියකින් හොයාගෙන තියෙනවා. ඒ අවුරුදු 2200කට කලින් එහි ඉදිකර තිබුණු සෙල්ලිපියකින් උන්වහන්සේගේ භෂ්මාවශේෂ තැන්පත් කරලා තියෙන්නෙත් එම ස්ථානයේම බවට සනාථ වෙලා තියෙනවා.
හරියටම 2200 පිරෙන දවසේ තමයි අපි රජගල ඓතිහාසික චෛත්‍යයේ ධාතුන් වහන්සේ තැන්පත් කළේ.
මිහිදු මහරහතන් වහන්සේ ලංකාවට වැඩි බවට සාක්ෂිය තියෙන්නේ මිහින්තලේ සෙල්ලිපියෙයි. නමුත් කාලයාගේ ඇවෑමෙන් ඒවා මැකී ගොස් තිබෙනවා.
නමුත් රජගල තියෙන මෙම සෙල්ලිපිය නිරුපද්‍රිතයි. මිහිදු මහරහතන් වහන්සේ ලංකාවේ වැඩසිටි බවත් මෙහිම අපවත් වූ බවත් ආදාහන කටයුතු සිදුකර භස්මාවශේෂ තැන්පත් කළ බවත් රජගල සෙල්ලිපිය සාක්ෂි සපයනවා.
මෙම සෙල්ලිපියේ රහතන් වහන්සේලාගේ කුටි විශාල ප්‍රමාණයක් ලංකාවේ පැවතුණා කියා සඳහන් වනවා.
උන්වහන්සේලාට දානය පිළිගන්වා තිබෙන ආකාරය නූතන කළමනාකරණ ක්‍රමවේදයටත් ඉතා වැදගත් වෙනවා. දානය පිළිගැන්වීමේදී ස්වාමීන්වහන්සේලාට ලදුපතක් නිකුත් කරලා තියෙනවා. දානය සඳහා වැඩ සිටින රහතන් වහන්සේ පවා ඒ පිළිබඳව මුළුතැන්ගෙයට දැනුම් දිය යුතු වනවා.
මේ භික්ෂූන් වහන්සේලා පානය සඳහා ජලය ලබා ගෙන තියෙන්නේ පීල්ලක් මගින්. ඒ පීල්ලෙන් අදටත් ජලය ගලනවා. ඒ ජලය විශාල ගල් පාත්තර දෙකකට එකතු වෙනවා. ඒ පාත්තර දෙකෙනුයි උන්වහන්සේලා ජලය ලබාගෙන තියෙන්නේ. පාත්තර දෙකෙන් පැන් ගන්නත් ලදුපත් නිකුත් කරලා තියෙනවා. පැන් අවශ්‍ය ප්‍රමාණය කොපමණද ආදී වශයෙන් මනා කළමනාකරණයක් එහි සිදුව තිබෙනවා.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා අධ්‍යයන අංශය මගින් මෙම කටයුතු ඉදිරියටත් කරගෙන යනවා. භාවනානුයෝගීව වැඩසිටින භික්ෂූන්වහන්සේලාගේ පහසුව සඳහා මෙහි ඇති සීත ලෙන් පිළිබඳවත් අපි කැණීම් සිදුකරමින් පවතිනවා” යැයිද සම්පත් අමරතුංග මහතා වැඩිදුරටත් පැවැසීය.
මැයි 6 වැනිදා වියට්නාමයේ ඇරැඹෙන ජාත්‍යන්තර වෙසක් උළෙලේ සමාරම්භක අවස්ථාවට සහභාගී වී ඡන්දය දැමීම සඳහා නැවත ලංකාවට එන බව ජනාධිපති අනුර දිසානායක මහතා කීය
කථානායක නියෝජ්‍ය කතානායක නියෝජ්‍ය කාරක සභා සභාපති ලබා දෙන වාහන සංඛ්‍යාව දෙකක් දක්වා අඩු කිරීමටත් පාර්ලිමේන්තු මහ ලේකම් නියෝජ්‍ය මහලේකම් සහකාර මහලේක
අන්තර් නිවර්තන අභිසාරි කලාපය තවතදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
වැල්ලම්පිටිය ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයකදී ඩෑන් ප්‍රියසාද් නැමැත්තාට වෙඩි තැබූ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨ
ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සංචාරක ප්‍රවේශපත්‍ර විභාගකරුවකු රුපියල් 1500/= ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා වි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ නිල සංචාරයක් සඳහා හෙට(3) රාත්‍රියේ දිවයිනෙන් බැහැර යයි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
මිහිදු හිමියන්ගේ ආදාහනය සිදු වී ඇත්තේ අම්පාර රජගලදී