(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
සිය පෙම්වතා සමඟ මාතර මුහුදු තීරයේ කතා බහ කරමින් සිටින අතරතුර පොලීසියෙන් යයි පවසා 16 හැවිරිදි පාසල් සිසුවියක් කැඳවා ගෙන ගොස් අපයෝජනයට ලක් කළැයි දකුණේ දේශපාලනඥයකුගේ රියදුරෙකු අද (23) අත්අඩංගුවට ගත් බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි.
ඌරුබොක්ක පොලිස් වසමේ පදිංචි ඇය සිය පෙම්වතා සමඟ ගණිතය උපකාරක පන්තියට සහභාගීවීම සඳහා මාතර නගරයට පැමිණි අවස්ථාවේදී මුහුදු වෙරළට පැමිණ තිබේ.
එහිදී තමා පොලීසියෙන් යැයි සැකකරු කටඋත්තරයක් ලබා ගැනීමට පොලීසියට යමුයි දන්වා එම දැරිය මුහුදු වෙරළ තීරයේ කොටුවේගොඩ පාලු ස්ථානයක් වෙත කැඳවා ගෙන ගොස් අපයෝජනයට ලක්කර තිබේ.
ඒ පිළිබදව 16 හැවිරිදි පෙම්වතාට සැක සිතී ඔහු මාතර පොලීසිය වෙත පැමිණ සොයා බලා පැමිණිලි කිරීමෙන් පසු පරීක්ෂණ ආරම්භ කෙරිණි.
ඊට අදාළ මඟ දෙපස සී.සී.ටී.වී.දර්ශන ලබාගෙන පොලීසිය අදාළ සැකකරු සොයා මෙහෙයුමක් ආරම්භ කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස විතාරන්දෙනිය ප්‍රදේශයේදී ඔහු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරු මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලනඥයකුට සම්බන්ධ නම් මේකට තවත් සාක්ෂි මොකටද?
අවුරුදු 16 දී දෙමව්පියන්ගේ ඇස් වහලා ආදර කටයුතු කරන්න පමණක් සටකපට මොලය තිබුණාට මදි. කාන්තා පොලිස් නිලධාරිනියක් නැතිව කාන්තාවන්ව ප්‍රශ්න කරන්න කැඳවාගෙන යන්න බැරි බව නොදන්නා අද කාලයේ සමහර තරුණ ජීවිත තමයි මේ. ඉස්සෙල්ලම රටේ සිවිල් නීතියේ සිට තමන්ට ඉගෙන ගන්න දේවල් තිබෙන බව දන්නේ නැහැ. මේවාට පිරිමි පාර්ශවයට විතරක් ඇඟිලි දික් කරලා බේරෙන්න බැරි මෝඩ වැරදි...