ඝාතනය කළ මාධ්‍යවේදී ජමාල් කෂොක්ජිගේ සිරුරේ කොටස් තුර්කියෙන් පිටතට රැගෙන ගොස් ඇතැයි එරට බලධාරිහු බිය පළ කරති.
මාධ්‍යවේදී ජමාල් ඝාතනය කිරීමට තුර්කියට පැමිණි සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරුගේ ආරක්ෂකයකු යැයි කියන මහීර් අබ්දුල්ලාසීස් මුට්‍රිබ් ජමාල් කෂොක්ජිගේ සිරුරේ කොටස් රැගෙන ගොස් ඇති බවට සැකයක් ඇතැයි තුර්කි නිලධාරිහු පවසති.
ජමාල් කෂොක්ජි ඝාතනය කළ දිනයේ තුර්කියට පැමිණි සෞදි ජාතිකයන් 15 දෙනා කෂොක්ජිගේ සිරුරේ කොටස් බෑග්වල දමාගෙන රැගෙන ගොස් ඇති බවට සැකයක් තිබෙන බව තුර්කි නිලධාරිහු කියති.
හිටපු රාජ්‍ය තාන්ත්‍රිකයකු සහ සෞදි බුද්ධි අංශ නිලධාරියකු බව පැවසෙන මහීර් අබ්දුල්ලාසීස් මුට්‍රිබ් 15 දෙනාගේ කණ්ඩායමේ නායකයා බවත් ඔහු සෞදි ඝාතක කල්ලියේ ‘කොඳු නාරටිය’ බවත් ඬේලිමේල් වෙබ් අඩවිය පළ කළ වෙනත් පුවතක සඳහන් වී තිබිණි. ඔහු ජමාල් කෂොක්ජි ඝාතනය කළ දිනයේදී පෞද්ගලික ජෙට් යානයකින් තුර්කියට පැමිණි බවත් ඔහු එදිනම තුර්කියෙන් පිටව ගිය බවත් පැවසේ.
මාධ්‍යවේදී ජමාල් කෂොක්ජි තුර්කියේ ඉස්තාන්බුල් හි පිහිටි සෞදි කොන්සියුලර් කාර්යාලය තුළ දී ඝාතනය වූ බව මේ වනවිට සනාථ වී ඇත. මේජර් ජෙනරාල්වරයකු බව කියන මහීර් සෞදියේ ඔටුන්න හිමි කුමරු සමඟ මේ වසරේදී බ්‍රිතාන්‍යයට, ඇමෙරිකා එක්සත් ජනපදයට, ප්‍රංශයට හා ස්පාඤ්ඤයට ගිය බව කියවේ.
මාධ්‍යවේදී ජමාල් කෂොක්ජි තුර්කියේ පිහිටි සෞදි කොන්සියුලර් කාර්යාලයට ඇතුළු වූයේ ඔක්තෝබර් 2 වැනිදාය. එදිනම ඔහු ඝාතනය කළ බව පැවසේ.
055


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන සිදු වෙලා තිබෙන්නේ 'උණු නිසා බොන්නත් බැරි කිරි නිසා අහක දාන්නත් බැරි' තත්වයක්. බටහිර රටවල තිබෙන කෛරාටික ප්‍රතිපත්ති මෙයින් පෙනෙනවා.
මරපු කෙනාගේ දරුවට රටින් පිටවීම තහනම් කරලලු... අරාබි රජ හා කුමාරයෝ වහගන්න බැරිව දඟලනවා.
ධනවාදී ක්‍රමය සහිත ඇමෙරිකාව වැනි රටවල ප්රමුඛ වන්නේ තමන්ගේ පැවැත්ම පමණි.