(ජයන්ත සමරකෝන්)
අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාවය එහි රඳවා සිටින පාතාල ක්‍රියාකාරකම් රැසකට සම්බන්ධ සැකකරුවන් 8දෙනෙකු මෙහෙයවා ඇති බවට තොරතුරු ලැබී ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි.
මිනීමරුම් ඇතුළු පාතාල ක්‍රියාකාරකම් රැසකට සම්බන්ධ බව කියන ජූලම්පිටියේ අමරේ ඇතුළු මත්කුඩු සම්බන්ධ සැකකරුවන් ද මේ අතර සිටින බව පැවසේ.
මෙම නොසන්සුන්තාවයට කාන්තා රැඳවියන් ද සහය පළකර ඇති අතර ඔවුන්ව මෙහෙයවා ඇත්තේ කිරි වෙහෙර විහාරාධිපති හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිටින සැකකාරියක බවට තොරතුරු හෙළි වී ඇතැයි ද දැනගන්නට තිබේ.
මෙම උද්ඝෝෂණය හා විරෝධතාවයට රැඳවියෝ 100දෙනෙකු පමණ සම්බන්ධ වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ අගනා අවස්ථාවක් මඟ හැරලනේ
තව ටිකක් හොයලා බලන්න ඕකට ජේලර්ලත් සපෝට් ඇති....
මේක මෙහයවල තිබෙන්නේ ජේලර්ලා