( තිළිණි ද සිල්වා )
ලංකාවේ උතුරු හා නැගෙනහිර පළාත්වල බිම්බෝම්බ ඉවත් කිරීම වෙනුවෙන් මේ වසර තුළදී පමණක් රුපියල් මිලියන 600 ක මුල්‍යමය ආධාර ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ලබාදී ඇතැයි මෙරට ඇමෙරිකා තානාපති කාර්යාලය සඳහන් කරයි.
ඒ අනුව එම ආධාර යටතේ වර්ග මීටර මිලියන 1.86ක් සුරක්ෂිත කර ඇති අතර එම ප්‍රදේශවල බිම්බෝම්බ 9344 ක් හා පුපුරා නොගිය කුඩා ආයුධ හා උණ්ඩ 8637 ක් ආරක්ෂිත ලෙස ඉවත් කළ බවද ඇමෙරිකා තානාපති කාර්යාලය කියා සිටියි.
මෙරට බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා ඇමෙරිකාව 2002 වසරේ සිට රුපියල් බිලියන 9.3 ආධාර ඇමෙරිකාව ලබා දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පර සුද්දන්ගේ සල්ලි අපට එපා ...