යුද හමුදාව යාපනයේ උප්පු වයල් වැව පිළිසකර කරයි යාපනය වන්කානෙයි වඩුක්කොඩ්ඩෙයි‘ උප්පු වයල් වැව‘ පිළිසකර කර ගොවි ජනතාව වෙනුවෙන් ලබා දීමට යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් පියවර ගෙන ඇත. 06 September 2020
ලෝකාන්තය මාර්ගයේ නන්පෙරියල් ගේට්ටුව ඉවත් කරන්න අනුමැතිය වසර පහකට වැඩි කාලයක් අවහිර කර ඇති බලන්ගොඩ ඉඹුල්පේ නන්පෙරියල් හරහා ලෝකාන්තය පිවිසිමට ඇති කෙටිම මාර්ගය නැවත සංචාකයින්ට විවර කිරිම සදහා රත්නපුර දිස්ත්‍රික් සමිබන්ධිකරණ කමිටු රැස්විමේදී අනුමැතිය ලැබුණු බව ඉඹුල්පේ ප්‍රදේශිය සභාවේ සභාපති ශ්‍රී ලාල් සෙනරත් මහතා අද (06) දා පැවැසිය. 06 September 2020
මත්ද්‍රව්‍ය සමඟ ව්‍යාපාරිකයකු ඇතුළු 05 ක් අත්අඩංගුවට උතුරේ යාපනය හා ආශ්රිත පෙදෙස්වලින් මීගමුව නගරයට කේරල ගංජා, අයිස් හා හොරොයින් ආදි මත්ද්‍රව්‍ය තොග වශයෙන් ගෙනවිත් බෙදාහැරීමේ නිරතව සිටි බව කියන කෝටිපති ව්‍යාපාරිකයකු හා ඔහුගේ සහායකයන් පස් දෙනෙකු රුපියල් එක්කෝටි තිස් ලක්ෂයක් පමණ වටිනා මත් ද්‍රව්‍ය තොගයක් සමඟ 4 සිකුරාදා අත්අඩංගුවට ගත් බව මීගමුව පොලිස් අධිකාරි කාර්යාලය කියයි. 06 September 2020
පැය 24කදී ඉන්දියාවෙන් වයිරස ආසාදිතයන් 90,633ක් ඉන්දියාවෙන් අවසන් පැය 24 ක කාලයේදී නව කොරෝනා වයිරස ආසාදිතයන් 90, 633 දෙනකු හඳුනාගෙන ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. 06 September 2020
නිධන් හාරන්න ගිය උප පොලිස් පරීක්ෂක ඇතුළු 8 ක් අත්අඩංගුවට වවුනියාව , පූවරසකුලම , අර්බානගර් හි ඉඩමක නිදන් හාරමින් සිටි උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු පුද්ගලයින් 8 දෙනකු අත්අඩංගුවටගත් බව පූවරසකුලම් පොලිසිය කියයි. 06 September 2020
නිව් ඩයමන්ඩ්‘නෞකාව ගැන සොයන්න එක්සත් රාජධානියේ විශේෂඥ කණ්ඩායමක් ඉන්දියාවට ඉන්ධන තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී , ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ ප්‍රදේශයේ දී හදිසියේ ගිනි ගැනීමකට ලක් වූ ‘නිව් ඩයමන්ඩ් ‘ නෞකාවේ එම සිද්ධිය පිළිබඳව සොයා බැලීම සඳහා එක්සත් රාජධානියේ විශේෂඥ කණ්ඩායමක් අද (06) උදෑසන විශේෂ ගුවන් යානයකින් මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ . 06 September 2020
කේරළ ගංජා සමඟ ඕමන්තේ දී කාන්තාවක් පොලිස් බාරයට යතුරු පැදියක සඟවා රුපියල් ලක්ෂ දෙකහමාරක් වටිනා කේරළ ගංජා කිලෝ දෙකක් රැගෙනයමින් සිටි කාන්තාවක ඕමන්ත, පාලමොට්ටෙයි ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් බව ඕමන්ත පොලිසිය පවසයි. 06 September 2020
දෙමෝදර වැවක පා වෙමින් තිබු මළ සිරුරක් හමුවෙයි ඇල්ල පොලිස් බල ප්‍රදේශයට අයත් දෙමෝදර සවුදම් වත්තේ පිහිටි සවුදම් වැවේ පාවෙමින් තිබූ පුද්ගල මළ සිරුරක් අද (06) උදේ සොයාගත් බව ඇල්ල පොලිසිය පවසයි. 06 September 2020
සැකකරුවෝ 4ක් පලා යති හෙරොයින් සම්බන්ධිත නඩුකර 4ක් සඳහා කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගතකර නිරෝධායන රෙගුලාසි මත කුලියාපිටිය බන්ධනාගාර රැඳවුම් ඒකකයේ රඳවාසිටි සැකකරුවන් සිව්දෙනෙකු පලාගොස් ඇතැයි කුලියාපිටිය පොලිසිය පවසයි. 06 September 2020
ලක්ෂ 30ක කහ තොගයක් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට ලක්ෂ 30 ක වටිනාකමින් යුතු, කිලෝ 800 කට ආසන්න කහ තොගයක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි තිදෙනෙකු කල්පිටියේ දී අද (6 ) විජය නාවුක හමුදාව මගින් අත්අඩංගුවට ගෙන ඇත. 06 September 2020
‘මතුගම ශාන්‘ගේ රියදුරු අත්අඩංගුවට සංවිධානාත්මක අපරාධ කරුවෙක් හා පාතාල නායකයෙක් වන ‘මතුගම ශාන්‘නමැත්තාගෙන් රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයා ගුවන් යානා නාශක උණ්ඩ සහ කේරල ගංජා සමග කළුතර දී අත්අඩංගුවට ගත් බව කළුතර දකුණ පොලිසිය කියයි. 05 September 2020
අගමැති සමග සාකච්ඡාවෙන් පසු බිත්තරයක මිල රුපියල් 2කින් පහතට තංගල්ල කාර්ල්ටන් නිවෙසේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ කළ සාකච්ඡාවකින් අනතුරුව ලබන සඳුදා සිට බිත්තරයක මිල රුපියල් 2කින් අඩු කිරීමට අද (5) තීරණය කළ බව සමස්ථ ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය කියයි. 05 September 2020
කෝටි 23ක මත්කුඩු සැඟවූ කොස්තාපල්වරයා තමිල්නාඩුවේදී අත්අඩංගුවට හෙයියන්තුඩුව සමගි මාවතේ ප්‍රදේශයේ වඩු මඩුවක රුපියල් කෝටි 23කට අධික වටිනා හෙරොයින් මත්කුඩු කිලෝ 23ක් සැඟවීමේ සිද්ධියට අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි පොලිස් කොස්තාපල්වරයා ඉන්දියාවේ තමිල්නාඩුවේදී අත්අඩංගුවට ගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. 05 September 2020
වනාතවිල්ලුවේ වන සංහාරය වනාතවිල්ලුව, එළුවන්කුලම, කුරටියාමොහොට්ටේ ප්‍රදේශයේ පිහිටි දැවැන්ත වනාන්තර පද්ධතියක අක්කර 100කට ආසන්න ප්‍රමාණයක් ප්‍රාදේශීය දේශපාලඥයෙකුගේ ආධාර අනුබල ඇතිව වනසා ඇතිබව ‘වයඹ හඬ‘ පරිසර සංවිධානයේ සංවිධායක අජීත් ගිහාන් මහතා පවසයි. 05 September 2020
දෙවියන්ට පොල් තියා වනාතවිල්ලුවේ වනයත් වනසති වනාතවිල්ලුව, එළුවන්කුලම, කුරටියාමොහොට්ටේ ප්‍රදේශයේ පිහිටි දැවැන්ත වනාන්තර පද්ධතියක අක්කර 100කට ආසන්න ප්‍රමාණයක් ප්‍රාදේශීය දේශපාලඥයෙකුගේ ආධාර අනුබල ඇතිව වනසා ඇතිබව ‘වයඹ හඬ‘ පරිසර සංවිධානයේ සංවිධායක අජීත් ගිහාන් මහතා පවසයි. 05 September 2020
කොරෝනා රෝගීන් සංඛ්‍යාවෙන් ඉන්දියාවේ මිලියන 4 ඉක්මවයි අද පෙරවරු 9.00 න් අවසන් වූ පැය 24 ඇතුළත ඉන්දියාවෙන් හඳුනාගත් කොරෝනා රෝගීන් සංඛ්‍යාව 86,432 ක් වී තිබේ. මෙතෙක් එක දිනයකදී ඉන්දියාවෙන් හමුවූ වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාව මෙය වන අතර මෙම රෝගීන් පිරිසත් සමගින් ඉන්දියාවේ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව මිලියන 4 ඉක්මවා ඇත. 05 September 2020
බැකෝ යන්ත්‍රයක් පාර හරහා පෙරළෙයි බැකෝ යන්ත්‍රයක් ප්‍රධාන මාර්ගයක් හරහා පෙරලී යාමෙන් හැටන් - බලංගොඩ ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය අද (05) දහවල් සිට සම්පූර්ණයෙන්ම ඇණ හිට ඇති බව පින්නවල පොලිසිය පවසයි. 05 September 2020
මිරිහාන මූලස්ථාන පොලිසියේ ගින්නක් නිවාදමයි මිරිහාන මූලස්ථාන පොලිසිය තුළ අද (05) ඇතිවූ ගින්න පොලිස් නිලධාරීන්ගේ ක්ෂණික මැදිහත්වීමෙන් නිවා දැමීමට හැකි වූ බව මිරිහාන පොලිසිය කියයි. 05 September 2020
චීවරධාරීන්ගේ ආගමික මධ්‍යස්ථානයට එරෙහිව අහංගම විරෝධතා අහංගම ’’මෙත් බෝ ’’ සෙවන නමින් චීවරධාරීන් පිරිසක් විසින් පවත්වා ගෙන යනු ලබන ආගමික මධ්‍යස්ථානයට එරෙහිව අද (05) අහංගම නගරයට එක්වු ගම්වාසීහු දකුණු පළාත් මහනායක හිම්වරුන් ඇතුළු සංඝයා වහන්සේලා කලුකොඩි ඔසවා විරෝධතාවක් පැවැත්වුහ. 05 September 2020
හෙරොයින් සමග අයෙක් අත්අඩංගුවට ගාල්ල මාගාල්ල ගංගාරාම හරස් මාර්ගයේදි හෙරොයින් ග්‍රෑම් 5, මිලි ග්‍රෑම් 50ක් සමග ත්‍රිරෝද රථ රියදුරෙකු ඊයේ (04) රාත්‍රී අත්අඩංගුවට ගත් බව ගාල්ල කොට්ඨාස දූෂණ මර්දන අංශය පවසයි. 05 September 2020
සැකකරුවන් රැඳවීමට පැරණි බන්ධනාගාර සංකීර්ණය නම්කරයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගන්නා සැකකරුවන් රඳවා තබාගැනීමේ ස්ථානයක් ලෙස තංගල්ල පැරණි බන්ධනාගාර සංකීර්ණය ප්‍රකාශයට පත්කෙරිණි. 05 September 2020
ලක්ෂ 50ක මත්කුඩු පානදුරෙන් අල්ලයි පානදුර කුරුප්පුමුල්ල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී රුපියල් ලක්ෂ 50කට ආසන්න වටිනා හොරෙයින් මත්කුඩු සමග පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය කියයි. 05 September 2020
මතුගම පුද්ගලික බස් ධාවනයෙන් ඉවතට අත්තනෝමතික ලෙස එක බස් රථ හිමියෙකු තම බස් රථ මාර්ගවල ධාවනයේ යෙදවීම නිසා මතුගම බස්රථ හිමියන්ට ඇතිවන ගැටලුකාරී තත්වය පිළිබඳ පසුගිය 03 වැනිදා සවස මතුගම පුද්ගලික බස්නැවතුම් පලේදී දෙදෙනෙකු අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාම නිසා අද (05) මතුගම පෞද්ගලික බස් රථ ධාවකයින් සේවයෙන් ඉවත්විය. 05 September 2020
ඉන්ධන නෞකාවේ ගින්න මැඩපවත්වයි නැගෙනහිර මුහුදේ ගිනිගත් ඉන්ධන නෞකාවේ ගින්න මේ වනවිට සම්පූර්ණයෙන්ම මැඩ පැවැත්වීමට හැකි වූ බව ඉන්දීය වෙරලාරක්ෂක බලකාය නිල නිවේදනයක් නිකුත් කරමින් පැවසීය. 05 September 2020
ගිනි ගන්නා නෞකාවේ ගින්න යම් තාක් දුරට නිවයි ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් සංගමන් කන්ද ආසන්න මුහුදේ ඇති බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ඇති වූ ගින්න ‘සෑහෙන දුරකට පාලනය කර ඇතැයි’ නාවික හමුදාවේ ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා අද (4) පස්වරුවේ පැවැසීය. 04 September 2020
අන්තර්ජාලය හරහා කාන්තාවන් විකුණන ස්ථානයක් වටලයි ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් රාජගිරිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා එහි රැඳී සිටි කාන්තාවන් හතර දෙනෙක් අද (04) අත්අඩංගුවට ගත්බව නුගේගොඩ විශේෂ අපරාධ විමර්ශන අංශය කියයි. 04 September 2020
මත්කුඩු ජාවාරමේ නිරත වූ කාන්තාවක් ඇතුළු සිව්දෙනෙක් අත්අඩංගුවට කුලී පදනම මත නිවසක් ලබාගෙන මත්කුඩු ජාවාරමේ යෙදුණු කාන්තාවක් ඇතුළු පුද්ගලයන් සිව් දෙනෙකු රුපියල් ලක්ෂ හයකට අධික වටිනා හොරොයින් මත්කුඩු සමඟ පයාගල, පහල ගොඩ, ගොඩැල්ල වත්ත, ප්‍රදේශයේදී අද (04) අත්අඩංගුවට ගත්බව පයාගල පොලිසිය කියයි. 04 September 2020
‘‘නැවෙන් තෙල් කාන්දු වුණොත් එය ලෝකයේ විශාලම පරිසර ව්‍යසනය විය හැකියි‘‘ නැගෙනහිර වෙරළ කලාපයේ ගිනිගනිමින් පවතින නෞකාවෙන් ඉන්ධන කාන්දුවක් වුවහොත් එය ලෝකයේ සිදුවූ විශාලතම පරිසර ව්‍යසනයක් වනු ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි නීතීඥ දර්ශනී ලහඳුපුර මහත්මිය පැවසුවාය. 04 September 2020
කොරෝනා ආසාදිතයින් 4 ක් කොරෝනා ආසාදිතයින් 4 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ අද (04) මෙරටින් හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 3115 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. 04 September 2020
ගිනි ගන්නා නෞකාවේ ගින්න යම් තාක් දුරට නිවයි නැගෙනහිර මුහුදු තීරයේ ගිනිගෙන දැවෙමින් තිබෙන බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ගින්න මේවනවිට යම්තාක් දුරකට පාලනය කර ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සහකාර අධ්යක්ෂ (නැගෙනහිර) පී. ශ්‍රීපති මහතා පැවසීය. 04 September 2020
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026