
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කුලී පදනම මත නිවසක් ලබාගෙන මත්කුඩු ජාවාරමේ යෙදුණු කාන්තාවක් ඇතුළු පුද්ගලයන් සිව් දෙනෙකු රුපියල් ලක්ෂ හයකට අධික වටිනා හොරොයින් මත්කුඩු සමඟ පයාගල, පහල ගොඩ, ගොඩැල්ල වත්ත, ප්‍රදේශයේදී අද (04) අත්අඩංගුවට ගත්බව පයාගල පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර ප්‍රධාන සැකකරු සමඟ සමීප සබඳතා පැවැත්වූ කාන්තාවක් සහ මත්කුඩු බෙදා හැරීමේ නිරත පුද්ගලයන් දෙදෙනකු ද වන බව පොලිසිය පැවසීය.
එම සැකකරුවන් සමඟ මත්කුඩු ග්‍රෑම් 32 ක් , ජංගම දුරකථන හතරක් , ඒ.ටී.එම් කාඩ්පත් තුනක් සහ මන්නයක් පොලිස් භාරයට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd