ලක්ෂ 7 ක පරිගණකයක් සොරාගත් අයෙක් අත්අඩංගුවට මැලේසියාවෙන් ආනයනය කළ රුපියල් ලක්ෂ හතක් වටිනා ලැප්ටොප් පරිගණක යන්ත්‍රයක් සොරාගෙන රුපියල් තුන්දහසකට උකස් කොට හෙරොයින් පානය කළ පුද්ගලයකු අද (07) අත්අඩංගුවට ගත්බව කිරුලපන පොලිසිය පවසයි. 07 September 2020
අයිස් මත්ද්‍රව්‍ය සමඟ දෙදෙනෙක් පොලිස් දැලේ රුපියල් 75,000 කට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අද (07) අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස පොලිසිය පැවසීය. 07 September 2020
කාන්තාවන් මුදලට අලෙවි කළ ස්ථානයක් වටලයි විදේශ රටවලින් ආනයනය කරන ලද උපකරණ යොදාගෙන කේරල ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය පානයට පහසුකම් සලසමින් කාන්තාවන් මුදලට අලෙවි කිරීමේ ජාවාරමක් මෙහෙයවූ කළුතර උතුර වස්කඩුව නිවාඩු නිකේතනයක හිමිකරු ඇතුළු පුද්ගලයන් පස් දෙනෙක් අද (07) අත්අඩංගුවට ගත් බව කළුතර දකුණ පොලිසිය කියයි. 07 September 2020
වීසා අවසන් ලාංකිකයන්ට සවුදියෙන් පිටව යන්න අවසර වීසා බලපත් කල් ඉකුත් වීම හේතුවෙන් සවුදි අරාබියේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට දඩ මුදලක් ගෙවීමකින් හෝ කිසිදු මුදල් අයකිරීමකින් තොරව පිටවීම සඳහා සෞදි ආරාබි රජය අවසර ලබාදී ඇත. 07 September 2020
දුම්රිය ප්‍රමාදයන් ගැන ඇමැති වාර්තාවක් ඉල්ලයි නියමිත කාල සටහන් අනුව ධාවනය නොවන දුම්රියන් පිළිබඳව වාර්තාවක් ලබාදෙන්නැයි ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා වෙත දැනුම් දී තිබේ. 07 September 2020
මෝටර් රථයක ගැටුණු දෙදරු පියා ගිං ගඟේ ගිලී යයි ගාල්ල මාපලගම මාර්ගයේ වලව්ව හන්දියේ දී මෝටර් රථයක ගැටුණු තරුණයෙකු ගිංගඟට වැටී අතුරුදන්ව ඇති බව නාගොඩ පොලිසිය පවසයි. 07 September 2020
නිව් ඩයමන්ඩ් නෞකාව නැවත ගිනිගනී ‘එම්.ටී නිව් ඩයමන්ඩ්’ බොරතෙල් ප්‍රවාහන නෞකාවේ නැවතත් අද (07) පස්වරුවේ ගින්නක් හටගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා ලංකාදීපයට පැවසීය. 07 September 2020
බිත්තර ආනයනය කරන්න අවසර ඉල්ලයි බේකරි නිෂ්පාදන සඳහා බිත්තර ආනයනය කිරීමට අවසර ලබාදෙන්නැයි සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය රජයෙන් ඉල්ලිමක් කරයි. 07 September 2020
විශ්ව විද්‍යාල තුනකට නව උපකුලපතිවරු ශ්‍රී ජයවර්ධනපුර, මොරටුව සහ වයඹ යන විශ්ව විද්‍යාල තුන සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව උපකුලපතිවරු තිදෙනෙක් පත්කරනු ලැබ සිටිති. 07 September 2020
අත්තනගලු ඔය ආශ්‍රිතව ගංවතුර අවදානමක් අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ යමින් පවතින නිසා ප්‍රදේශ කිහිපයකට අද (7) රාත්රියේදී ගං වතුර අවදානමක් මතුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 07 September 2020
හේන් ඉඩම් යළි ඉල්ලා අම්පාරේ ගොවීහු උද්ඝෝෂණය කරති වසර ගණනාවක් තිස්සේ තමන් බුක්ති විඳින ලද නාමල්ඔය බී සහ බී දෙක කොටසේ හේන් ඉඩම් නැවත දෙන්නැයි බල කරමින් අද (07) අම්පාර බිබිල මාර්ගයේ නාමල් තලාව මංසන්ධියේදී ගොවීන් පිරිසක් උද්ඝෝෂණයක නිරතවූහ. 07 September 2020
විගණන නිලධරයෝ ජනපතිට ලියති යෝජිත 20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් විගණකාධිපතිවරයාගේ ස්වාධීනත්වයට හා රාජ්‍ය විගණනයේ විෂය පථයට විශාල හානියක් සිදුකර ඇති බැවින් රාජ්‍ය මූල්‍ය පාලනය ඉටුකිරීම පිළිබඳ යාන්ත්රණයට දැඩි හානියක් සිදුව ඇති බැවින් වහා එය නිවැරදි කරන්නැයි ඉල්ලමින් ශ්‍රී ලංකා විගණන පරික්ෂක සේවා සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවා ඇත. 07 September 2020
රනිල් ඇතුළු 16 කට දේශපාලන පළිගැනීම් ජනපති කොමිසමේ පෙනීසිටින්නැයි නොතීසි දිවිනැගුම හිටපු අධ්‍යක්ෂවරයෙකු වූ කිත්සිරි රණවක මහතා කර ඇති පැමිණිල්ලකට අදාළව වග උත්තරකරුවන් ලෙස නම් කර සිටින හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු 16 දෙනෙකුට දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ලබන 19 වැනිදා පෙනී සිටින ලෙස කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා අවසන් වරට අද (7) නොතීසි නිකුත් කළේය. 07 September 2020
ඉන්දියාව ලොව වැඩිම කොරෝනා වයිරස ආසාදිත ලැයිස්තුවේ දෙවැනි තැනට අවසන් පැය 24ක කාලයේදී නව කොරෝනා වයිරස ආසාදිතයන් 90,082 දෙනකු හඳුනාගැනීමත් සමඟ ලොව දෙවැනියට වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණනක් වාර්තා වන රට බවට අසල්වැසි ඉන්දියාව පත්ව ඇත. 07 September 2020
රාජිත ඇතුළු තුනකට සිතාසි මෝදර ධීවර වරාය අඩු මුදලකට බදු දීමෙන් රජයට පාඩු කළ බවට චෝදනා ලැබ සිටින හිටපු ධීවර ඇමැති රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනාට ඔක්තෝම්බර් 29 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා අද (7) සිතාසි නිකුත් කළේය. 07 September 2020
බද්දේගම හිටපු ප්‍රා.ස මන්ත්‍රීවරයකුගේ නිවසින් ගිනි අවි-ආයුධ රැසක් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් සමඟ ඒකාබද්ධව කරන ලද වැටලිමකදි බද්දේගම ප්‍රාදේශිය සභාවේ හිටපු මන්ත්‍රිවරයෙකු නිවසේ ගිනි අවි උණ්ඩ ඇතුලු ආයුධ රැසක් අද(07) අත්අඩංගුවට ගත් බව බද්දේගම පොලිසිය පවසයි. 07 September 2020
ශානිගේ නඩුවේ සිව්වැනි සැකකරු පොලිසියට බාර වෙයි අසත්‍ය සාක්ෂි නිර්මාණය කර හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු තවත් සැකකරුවන් පිරිසකට ගිනි අවි චෝදනා ගොනු කර අධිකරණය නොමග හැරීමේ චෝදනා සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි ශානි අබේසේකර නඩුවේ සිව් වැනි සැකකරු අද (7) ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයට බාර විය. 07 September 2020
අත් මාංචු සමඟ පැන ගිය සැකකරු මාස එකහමාරකට පසු කොටුවෙයි බණ්ඩාරගම පොලිසියේ නිලධාරීන් පානදුර අධිකරණ වෙත රැගෙන යමින් සිටියදී අත් විලංගු සමඟ පලා ගිය ලියාපදිංචි අපරාධකරුවෙකු වු , කොල්ලකෑම 30 කට අධික ප්‍රමාණයකට සම්බන්ධ සැකකරු හොරෙයින් මත්කුඩු ග්‍රෑම් දෙකක් සමඟ පිළියන්දල තිස්ස මාවතේදී අද ( 7) අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය කියයි . 07 September 2020
ගං වතුරෙන් පන්නල පවුල් 52 ක් අවතැන් දිවයිනපුරා ඇදහැලුණ අධික වර්ෂාවත් සමඟ ඇතිවු ගං වතුර තත්වය හේතුවෙන් පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාමසේවා වසම් හතරක පවුල් 52 ක පුද්ගලයන් 181 අවතැන් වී ඇති බව පන්නල ප්‍රාදේශීය ලේකම් සමන්ත වික්‍රමරත්න බණ්ඩාර මහතා පැවසීය. 07 September 2020
වැඩබලන පොලිස්පති පැය 5 ක් සාක්කි දෙයි වැඩබලන පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා දේශපාලන පලිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පැය 5 කට ආසන්න කාලයක් අද (7) සාක්ෂි ලබාදුන්නේය. 07 September 2020
නෞකාවේ ගින්න ගැන හොයන්න තවත් විශේෂඥ කණ්ඩායමක් ‘එම්.ටී නිව් ඩයමන්ඞ්’ බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ගින්න පිළිබඳ සොයාබැලීම සඳහා තවත් විදේශ විශේෂඥ කණ්ඩායමක් අද (7) මෙරටට පැමිණි බව නාවික හමුදාව පවසයි. 07 September 2020
රජරට විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කෞතුකාගාරය විවෘත කරයි ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අංශය පර්යේෂණ කෞතුකාගාරය විවෘත කිරීම අද(7) සිදු කෙරිණි. 07 September 2020
මනූෂ බාර වීමෙන් වරෙන්තු ආපසු කැඳවයි නඩුවක සාක්කි දිම සඳහා අධිකරණයේ පෙනි නොසිටිම හේතුවෙන් වරෙන්තු ලබා සිටි ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මනූෂ නානායක්කාර මහතා අද (07) මෝසමක් ගොනුකොට ජ්‍යෙෂ්ඨ නිතිඥ රජින්ද්‍ර නාරංගොඩ මහතා මගින් අධිකරණයට බාරවු අවස්ථාවේ වරෙන්තුව ආපසු කැඳවිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල නියෝග කළේය. 07 September 2020
නාරංගල කන්ද මාස 6 ක් සංචාරකයන්ට වහයි බදුල්ල දිස්ත්‍රික්කයේ සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි නාරංගල කන්ද මාස 6 ක් සම්පූර්ණයෙන්ම සංචාරකයන් සඳහා තහනම් කිරීමට බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව තීරණය කර ඇතැයි බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති මේජර් සුදර්ශණ දෙණිපිටිය මහතා අද (7) පැවසීය. 07 September 2020
චාගෝස් දිවයිනට ගොස් පැමිණි ධීවර යාත්‍රාවේ සිටි 7 ක් නිරෝධායනයට ධිවර යාත්‍රාවක ඇතිවූ දෝෂයක් හේතුවෙන් චාගෝස් දිවයිනට පාවී ගොස් නැවත කුඩාවැල්ල ධීවර වරායට පැමිණි බව කියන බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයන් 7 දෙනකු නිරෝධායනය කළ බව තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි. 07 September 2020
මඩු පිට්ටු කන්න කාලෙ ඇවිත් වසර ගණනාවක ඈත ඉතිහාසයකට දිවයන මඩු ශාකයේ ගෙඩි හට ගැනීම ආරම්භ වීමත් සමඟ ඒ ආශ්‍රීත ආහාර සැකසීම ආරම්භ වී තිබේ. 07 September 2020
රක්වාන ගඟ දෙපස 10 දා පැළ සිටුවති රක්වාන ගඟ දෙපස මී, කූඹුක් හා කෝන් පැළ සිටුවීමේ ව්‍යාපෘතියක් මේ මස 10 වැනිදා පෙරවරු 8 ට රක්වාන දෙණියාය පාරේ, ගල්දොර පාලම අසලින් ආරම්භ කෙරේ. 07 September 2020
විස්සේ කලබලය අස්සේ 13 අහෝසි කිරීමේ අභියෝගය යුද සේවයේ නියුක්තව සිට දේශපාලන ක්ෂේත්රයට පිවිසි ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පුරා මාස 10කට ආසන්න කාලයක් අඩු කරන ලද විධායක බලයක් ඇතිව රට පාලනය කළේ නම්, එම තත්ත්වය තවත් සති කිහිපයකින් වෙනස්වීමට නියමිතය. 07 September 2020
එජාප 74 සංවත්සර උළෙල චාමෙට සමරති එක්සත් ජාතික පක්ෂයේ 74 වන සංවත්සර උත්සවය පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉතා චාම් අන්දමින් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී ඊයේ (6) පෙරවරුවේ පැවැත්විණි. 07 September 2020
පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කරයි මධ්‍යම කඳුකරය පුරා ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාමෙන් පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු දෙකක් අඩි හතර බැගින් මේ වන විට විවෘත කර තිබේ. 07 September 2020
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026