අවසන් පැය 24ක කාලයේදී නව කොරෝනා වයිරස ආසාදිතයන් 90,082 දෙනකු හඳුනාගැනීමත් සමඟ ලොව දෙවැනියට වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණනක් වාර්තා වන රට බවට අසල්වැසි ඉන්දියාව පත්ව ඇත.
නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමට පටන් ගැනීමත් සමඟ ඉන්දියාව ඉකුත් මාර්තු මාසයේදී දැඩි සීමා පැනවූ අතර එසේ අගුළු දමා තිබූ ඇතැම් නගර සහ භූගත දුම්රිය සේවා මේ වනවිට ආරම්භ කෙරෙමින් තිබේ.
ඉන්දියාවෙන් මේ වනවිට වාර්තා වන කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන මිලියන 4.2 ඉක්මවයි. එය දෙවැනි වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන මිලියන 6.2ට පමණි. ඉන්දියාව දෙවැනි තැනට පත්වීමත් සමඟ බ්‍රසීලය වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන ලැයිස්තුවේ තෙවැනි තැනට පත්ව ඇත.
නව කොරෝනා වයිරස වසංගතය ලොවපුරා ව්‍යාප්ත වීමට පටන් ගැනීමෙන් පසුව ඕනෑම රටකින් වාර්තා වූ වැඩිම වයිරස ආසාදිතයන්ගේ ගණන වාර්තා වී ඇත්තේ ද අසල්වැසි ඉන්දියාවෙනි. ඉන්දියාවෙන් මේ වනවිට දිනපතා වාර්තාගත වයිරස ආසාදිතයන් ගණනක් වාර්තා වෙමින් තිබේ.
මුලදී ඉන්දියාවේ ප්‍රධාන නගරවල පමණක් ව්‍යාප්ත වෙමින් තිබූ නව කොරෝනා වයිරසය මේ වනවිට ඉන්දියාවේ ග්‍රාමීය ප්‍රදේශවලට ද පැතිර යමින් තිබේ. ඉන්දියාවේ වයිරස ආසාදිතයන් වාර්තා වීම තවමත් උච්ඡතම අවස්ථාවට පැමිණ නැතැයි ද විශේෂඥයෝ අනතුරු අඟවති.
රොයිටර්
055
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඉන්දියාව ලොව වැඩිම කොරෝනා වයිරස ආසාදිත ලැයිස්තුවේ දෙවැනි තැනට